අගෝස්තුවේ ඉරාන සිනමාපටය 22 වැනිදා
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසිකව සිනමා දැක්මක් පවත්වනවා. මෙවර ඉරාන මාසික සිනමා දැක්මේ අගෝස්තු කලාපය අගෝස්තු 22 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට සූදානම්. 22 වැනිදා සවස 5.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ සිනමා දර්ශනය පැවැත්වෙනු ඇති.
Ebrahim Hatamikia විසින් අධ්‍යක්ෂණය කළ Low Heights චිත්‍රපටය මෙවර තිරගත නියමිතයි. 2002 වසරේ නිර්මාණය වුනු මේ චිත්‍රපටයට Hamid Farrokhnezhad, Leila Hatami, Amir Aghaei, Reza Shafiee Jam, Gohar Kheirandish රංගනයෙන් දායක වී තිබෙනවා. 22 වැනි බ්‍රහස්පතින්දා සවස මේ චිත්‍රපටය නැරඹීමට එකතුවන ලෙස ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa