අඩු වියදමින් කාන්තා සනීපාරක්ෂක තුවා හදන අයුරු දැනගන්න ඕනෙද..? ජනවාරි 28 තෙක් ඉවසන්න..

Avatar Nisanka Weheraduwa | December 19, 2017 23 Views 0 Likes 0 Ratings

23 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් අලුතින්ම ඔබට හමුවෙන්නේ පෑඩ් මෑන් (Pad Man) ලෙසින්. 2018 ජනවාරි 28 වැනිදා සිට පෑඩ් මෑන්ගේ කතා වස්තුව හරියටම දැනගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ Pad Man සිනමාපටය හරහායි. බොලිවුඩ් පුරයේ නමක් දිනාගත් අධ්‍යක්ෂවරයකු වන R. Balki විසින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Akshe Kumar සහ Twinkle Khanna චිත්‍රපටයේ නිෂ්පාදකයින් වනවා.   තිර රචනය සිදුකොට ඇත්තේ R.Balki විසින්මයි. Amit thrivedi සහ Khomali Sayyan සංගීත නිර්මාණයෙන් දායකවී තිබෙනවා. Akshey Kumar, Sonam kapoor, Radhika Apte චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා. ඉන්දියාව වගේම ලෝකය පුරාමත් සිනමා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින Pad Man සිනමාපටය ජනවාරි මස අවසානයේ රසවිඳීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා. Twinkle Khanna විසින් රචනා කළ The Legend Of Lakshmi Prasad කෘතිය පදනම් කොට ගනිමින් මේ සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. තමිල්නාඩු සමාජ ක්‍රියාකාරිකයෙක් අඩු වියදමින් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන යන්ත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලිය මත පදනම් වූ කතාවක් සිනමාපටය පුරා දිගහැරෙනවා.

Share

23 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.