Sri Lanka's Best Cinema Portal

 

අභිමානී සිනමා දැක්ම – අද දවස

0
Posted June 30, 2018 by Nisanka Weheraduwa in Articles
evening-shadows-et00058671-20-06-2017-12-17-34

Colombo PRIDE 2018 වැඩසටහනට සමගාමිව සංවිධාන කෙරෙන “අභිමානී” සිනමා දැක්ම අද එනම් ජුනි 30 වැනිදාත් පැවැත්වෙනවා. සිනමා දැක්ම 29 වනි සිකුරාදා ආරම්භ වුනා. සිනමා දැක්මේ දෙවැනි දිනයේදී වෘතාන්ත චිත්‍රපට පහක් සහ කෙටි චිත්‍රපට දෙකක් තිරගත කෙරෙනවා. කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සබඳතා ආයතනයේ ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා. සිනමාපට නැරඹීම සඳහා සියල්ලන්ටම විවෘතව ඇරියුම් කෙරෙනවා.

උදේ 10.30

Tom of Finland චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. 2017 වර්ෂයේ පින්ලන්තයේදී නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය Biographical drama කාණ්ඩය යටතට නම්කොට තිබෙන්නක්. චිත්‍රපටය Dome Karukoski අධ්‍යක්ෂණය කළා. තිර රචනය Aleksi Bardyගෙන්. Pekka Strang, Lauri Tilkanen, Jessica Grabowsky, Taisto Oksanen, ඇතුළු ශිල්පින් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. 2017 වසරේ Gothenburg අන්තර්ජාතික සිනමා උළෙලේදී චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය පැවැත්වුවා.

ප.ව. 1.30

අද සවස 1.30 තවත් අපුරු චිත්‍රපටයක් තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ බෙල්ජියමේ නිර්මාණය කෙරුනු North sea Texas චිත්‍රපටය. 2011 වර්ෂයේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය Flemish drama film ලෙස ජාත්‍යන්තරව ශානරගත කොට තිබෙනවා. චිත්‍රපටය තිරරචනා කොට අධ්‍යක්ෂණය කරන්නේ Bavo Defurne විසින්. Jelle Florizoone, Mathias Vergels, Eva Van Der Gucht, Katelijne Damen ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වුනු චිත්‍රපටයට Anton Mertens කැමරා අධ්‍යක්ෂවරයා ලෙස දායකවී තිබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 96ක්.

ප.ව. 3.50

සවස 3.30 කෙටි චිත්‍රපටයක් තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. මිනිත්තු 18ක ධාවන කාලයකින් යුතු තායිවාන නිෂ්පාදනයක් වන Let’s get married කෙටි චිත්‍රපටයෙන් අනතුරුව සවස 3.50ට නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයක් තිරගත කිරීමට නියමිතයි. Monuments of Pride (Monuments van Trots) ලෙස නම්කොට ඇති මෙම වාර්තා චිත්‍රපටය Pink revolution පිලිබඳ තොරතුරු සහිත පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපටයක්. 2017 වසරේ නිර්මාණය කොට ඇති මෙය අධ්‍යක්ෂණය කලේ Sebastiaan Kes විසින්. නෙදර්ලන්ත නිෂ්පාදනයක් වන මෙය මිනිත්තු 82ක ධාවන කාලයකින් යුක්තයි.

සවස 6.00

අභිමානී සිනමා දැක්ම නියෝජනය කරන එකම ආසියානු නියෝජනය සවස 6.00ට තිරගත කිරීමට සුදානම්. ඉන්දීය නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ නම Evening Shadows. ඉන්දියාවේ මුම්බායිහි නිර්මාණය වුනු මෙම චිත්‍රපටය 2018 වසරේ නිෂ්පාදන කටයුතු අවසන් කළ අලුත්ම චිත්‍රපටයක්. Sridhar Rangayan අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Sridhar සමග Saagar Gupta තිර රචනය සිදුකලා. Mona Ambegankar, Faredoon Dodo Bhujwala සහ Arpit Chaudhary ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වන චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය Subhransuගෙන්. සාම්ප්‍රදායික ඉන්දීය දෙමාපිය යුවලකගේ එකම පුත්‍රයා ප්‍රේමයෙන් බැඳෙන්නේ තවත් තරුණයකු සමගින්. පියාගේ දැඩි අවශ්‍යතාව ඔහුට විවාහයක් කොට දී පවුලේ වගකීම් පවරා දීමට. පීඩනය දැඩිම වන අවස්ථාවක තමා තරුණයෙක් සමග ප්‍රේමයෙන් බැඳී ඇති බව සිය මවට පැවසීමට මේ තරුණයා කටයුතු කරනවා. මේ කැළඹීම හමුවේ මව පියා සහ පුතනුවන් අතර සිදුවීම් කෙසේ ගලාගෙන යන්නේද, සාම්ප්‍රදායික ආසියාතික පවුල තුළ සාමකාමී දරුවන් සහ දෙමාපියන් අතර අන්‍යෝන්‍ය සබඳතාව කෙසේ ගොඩ නැගෙන්නේද එහි අවසානය කෙබඳු වේද යන්න පිළිබඳව මෙම චිත්‍රපටය හරහා කතාබහට ලක් කෙරෙනවා.

රාත්‍රී 8.15.

රාත්‍රී 8ට ඕස්ට්‍රේලියානු කෙටි චිත්‍රපටයක් වන Sistergirl තිරගත කිරීමෙන් අනතුරුව 8.15ට තවත් වෘතාන්ත චිත්‍රපටයක් තිරගත කෙරෙනවා. ජර්මානු චිත්‍රපටයක් වන Heavy Girls චිත්‍රපටය මෙලෙස තිරගත වීමට නියමිතයි. 2012 වසරේ ජර්මනියේදී නිපදවුණු චිත්‍රපටය තරමක් සුවිශේෂියි. Axel Ranisch චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. චිත්‍රපටයේ තිර රචනයට සම්බන්ධ වන්නේත් ඔහුමයි. මෙහි අනික් විශේෂත්වය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේත් Axelම වීමයි. සාමාන්යෙන් සිනමා නිර්මාණයකදී රචකයා සහ අධ්‍යක්ෂවරයා එක අයකු වීම සුලභ වුනත් කැමරා අධ්‍යක්ෂනයත් ඔහුම වීම තරමක් විශේෂිතයි. එසේ වන්නේ ඔහු සිනමාවේ බොහෝ ක්ෂේත්‍ර පරිශීලනය කොට ඇත්තෙක් නම් පමණයි. ඒ නිසා මේ චිත්‍රපටය විශේෂිත වනවා. එමෙන්ම තිර රචනයට දායක වූ Heiko Pinkowski මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියෙක්ද වනවා. ඊට අමතරව ruth Bickelhaupt, Peter Trabner ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මෙහි ධාවන කාලය මිනිත්තු 77ක්.

සටහන : නිසංක වෙහෙරදුව

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2