අමිතාබ්ට 102යි. රිෂි කපූර්ට 75යි. තවමත් Not Out

Avatar Nisanka Weheraduwa | May 2, 2018 0 Likes 0 Ratings

0 Ratings Rate it

අමිතාබ් බච්චන් වයස 102ක පියකු සහ රිෂි කපූර් වයස 75ක්වූ ඔහුගේ පුත්‍රයා ලෙස රංගනයේ යෙදෙන නවතම චිත්‍රපටය 102 Not Out තව දින දෙකකින් ප්‍රදර්ශනය ආරම්භ වනවා. මේ චිත්‍රපටය විශේෂ වීමට හේතු කිහිපයක් බලපාන බව Hindusthani Times වාර්තා කොට තිබෙනවා. වසර 27කට පසුව අමිතාබ් සහ රිෂි එක්ව රංගනයේ යෙදෙන අවස්ථාව මෙය වනවා. එමෙන්ම ඔවුන් දෙදෙනා මෙහි රංගනයේ යෙදෙන්නේ පිය පුතු දෙපළක් ලෙසිනුයි. මිට පෙර අවස්ථාවන්හි බොහෝ විට ඔවුන් රංගනයේ යෙදුනේ සමකාලීනයන් ලෙසයි.

102 Not Out චිත්‍රපටයට පෙර මේ දෙදෙනා එකම චිත්‍රපටයක රඟපා ඇත්තේ 1991 වසරේ නිෂ්පාදනය වුනු Ajooba චිත්‍රපටයේයි. 1976 වසරේ තිරගත වුනු Kabhi Kabhie චිත්‍රපටය, 1977 වසරේ නිෂ්පාදනය කෙරුණු Amar Akbar, 1981 වසරේ නිපදවුනු Naseeb, 1983 වර්ෂයේ නිර්මාණය වුනු Coolie යන චිත්‍රපට වලත් මේ දෙදෙනා එක්ව රංගනයේ යෙදී තිබෙනවා.

මැයි මස 04 වැනි සිකුරාදා මේ දෙදෙනා රඟපාන නවතම චිත්‍රපටය 102 Not Out තිරගත වීම් ආරම්භ කෙරෙනවා. එම නමින්ම නිපදවුණු ගුජරාටි චිත්‍රපටයක් පදනම් කරගනිමින් මෙහි කතාව ගොඩනැගී තිබෙන බව සඳහන්. Umesh Shukla චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Saumya Joshi විසින් මේ සඳහා තිර රචනය සිදුකොට තිබෙනවා. අමිතාබ් සහ රිෂි කපූර් සමග Jimit Trivedi චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

 

Share

0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.