අමිතාබ් බච්චන්, 76 වැනි වියේදීත් වීරයාගේ චරිතයට
Amitabh Bachchan කියන්නේ බොලිවුඩ් සිනමාවට ආදරය කරන සියලුම දෙනා ඉතා හොඳින් හඳුනන චරිතයක්. Amitabh මේ වනවිට 76 වැනි වියේ පසුවනවා. වයස කෙතරම් වුවත් ඔහු තවමත් ක්‍රියාශීලි තරුණයෙක් තරම්ම ශක්තිමත්. ඔහුගේ රංගන හැකියාව පිලිබඳ ඔහු වර්තමානයේ රඟපාන චරිතම සාක්ෂි දරනවා. මේ කියන්න යන්නෙත් අමිතාබ්ගේ අලුත්ම වැඩේ ගැන.
1795 කාලය ගැන දැවැන්ත නිර්මාණයක් ළඟදීම තිරගත වීමට නියමිතයි. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Yash Raj Films වෙනුවෙන් Aditya Chopra. චිත්‍රපටයේ නම Thugs of Hindostan. මේ වසරේ නිර්මාණය කෙරුන මේ අපූරු චිත්‍රපටය අති දැවැන්ත නිෂ්පාදනයක් බවයි කියැවෙන්නේ. ප්‍රධාන චරිතය අමිතාබ් බච්චන් රඟපාද්දී Amir Khan සහ Kathrina Kaif අනිකුත් චරිත දෙකට රංගනයෙන් දායක වනවා.
නොවැම්බර් 08 වැනිදා සිට මේ චිත්‍රපටය ලොව පුරා රටවල තිරගත කිරීම් ආරම්භ වනවා. දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට මේ චිත්‍රපටය සමත් වනු ඇති බවට දැනටමත් අනාවැකි පලවනවා.
Written by Nisanka Weheraduwa