අලියා බාත් පකිස්තානයට එරෙහිව ඉන්දීය ඔත්තුකාරියක වෙයි

Avatar Nisanka Weheraduwa | April 28, 2018 6 Views 0 Likes 0 Ratings

6 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා රසිකයින් වෙනස් ආකාරයේ තේමාවන්ගෙන් යුතු චිත්‍රපටි නිකුත් වනතෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. වසරකට චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් බොලිවුඩ් සිනමාවේ තිරගත වන බව විදෙස් වාර්තා පවසනවා. හාස්‍යමය, නාට්‍යමය, ත්‍රාසජනක, ක්‍රියාදාම, ප්‍රේමාන්විත, ළමා, මේ ආදී විවිධ කතා තේමාවන්ගෙන් යුතු චිත්‍රපට විවිධ භාෂාවන්ගෙන් ඉන්දියානු සිනමාවට එකතු වනවා. ඉන්දියාවෙන් පිටත විදෙස් රටවල බොලිවුඩ් සිනමාව සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වර්තමාන සමීක්ෂණ දත්ත වාර්තා කරනවා. ඒ අතර පකිස්තානය සහ ශ්‍රී ලංකාව පෙරමුණේ සිටින බවත් එම සමීක්ෂණ වාර්තා සඳහන් කරනවා. එතරම් ඉන්දියානු සිනමාවට ආදරය කරන රසික පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටින නිසාම “සිනමා වංශ කතාව අලුතින් ලියවෙන සයිබර් අවකාශය” වන cinema.lk ඩිජිටල් අවකාශය තුළින් අලුත්ම බොලිවුඩ් චිත්‍රපට සහ අනිකුත් තොරතුරු පිලිබඳ සිනමා රසිකයින් සමග නිරන්තරයෙන් තොරතුරු බෙදා ගන්නවා.

2018 වර්ෂයේ මැයි 11 වැනිදා නිකුත් වීමට නියමිත අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක තොරතුරු මේ. චිත්‍රපටයේ නම Razi. ඉංග්‍රීසියෙන් චිත්‍රපටය නම් කොට තිබෙන්නේ Agree ලෙස. 1970 දශකයේ මුල් භාගය පදනම් කරගත් ත්‍රාසජනක කතා තේමාවක් සහිත චිත්‍රපටයක් ලෙස මෙය නිර්මාණය කොට තිබෙනවා. Harinder Sikka විසින් රචනා කළ Calling Sehmat නම් නවකතාව ඇසුරෙන් අනුවර්තනයක් (Adaptation) ලෙස චිත්‍රපටයේ තිර පිටපත ලියැවී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Meghna Gulzar විසින්.  ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වගේම සම්මානනීය චරිතාංග නිළියක් ලෙසද කැපී පෙනෙන Alia Bhatt මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Sehmat නම් ඉන්දීය තරුණිය ලෙස රංගනයේ යෙදෙනවා. ඇගේ ස්වාමියා බවට පත්වන පකිස්තානු හමුදා නිලධාරියා ලෙස Vicky Kaushal රංගනයෙන් දායක වනවා. 1970 දශකයේ පැවති ඉන්දු-පකිස්ථාන යුධ සමයේ ඉන්දීය ඔත්තුකාරියක් වන Sehmat පකිස්තානු හමුදා නිළධාරියකු සමග විවාහ වනවා. ඇගේ අරමුණ විවාහය නොවෙයි රට වෙනුවෙන් සේවය කිරීම සහ යුද්ධයට උදවු කිරීම. ඉතා සුක්ෂම ලෙස පකිස්තානු යුධ සහ රාජ්‍ය රහස් ලබා ගැනීම වෙනුවෙන්නුයි ඇය මේ විවාහය පවත්වාගෙන යන්නේ. එවැනි කතාවක් ඔස්සේ මේ චිත්‍රපටය නිර්මාණය වනවා. 2017 වසරේ ජූලි මාසයේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කොට තිබෙනවා. 2017 ඔක්තෝබර් මස වැඩ අවසන් කළ චිත්‍රපටය 2018 මැයි 11 වැනිදා තිරගත වීමට නියමිතයි. අලියා බාත්ගේ අපූරු රංගනයක් සහිත Razi චිත්‍රපටය එළඹෙන සතියෙන් පසු සිනමා ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව හිමි වනවා.

Share

6 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.