අසන්ධිමිත්තාගේ චීන සිනමා චාරිකාව

Avatar Nisanka Weheraduwa | November 27, 2019 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල්

නොවැම්බර් මස 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා චීනයේ ෂාමන් නගරය ආශ්‍රිතව පැවති 28 වෙනි ස්වර්ණ සැවුල් හා සියක් මල් සිනමා උළෙල (ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් ෆිල්ම් ෆෙස්ටිවල්/ Golden Rooster & Hundred Flowers Film Festival) නියෝජනය කිරීමට අසෝක හඳගම අධ්‍යක්ෂණය කල “අසන්ධිමිත්තා” සිනමාපටය සමත්විය. උළෙලේ අන්තර්ගත වූ අන්තර්ජාතික සිනමාපට අංශය (International Film Section) යටතේ උළෙල නියෝජනය කල “අසන්ධිමිත්තා” නොවැම්බර් 21 සහ 23 යන දෙදිනයන්හිදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරුනි. ඒ අනුව චීනයේ ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උළෙල නියෝජනය කිරීමට සමත්වූ පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය බවට “අසන්ධිමිත්තා” පත්විය.

1981 දී ආරම්භ වූ ගෝල්ඩන් රූස්ටර් සම්මාන උළෙල (Golden Rooster Awards) සහ 1962 දී ආරම්භ වූ පීපල්ස් හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සම්මාන උළෙල (People’s Hundred Flowers Awards) යන චීන ජාතික සම්මාන උළෙලයන් ද්විත්වය එකාබද්ධ කරමින් 1992 දී ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උළෙල (Golden Rooster & Hundred Flowers Film Festival) ආරම්භ වුනි. මුල් කාලීනව පෙරකී සම්මාන උළෙලයන් නියෝජනය කරන සිනමාපට ඇතුළුව චීන භාෂිත සිනමාපට පමණක් තිරගත වුනු මෙම උළෙල පසු කාලීනව විදේශීය සිනමාපට සදහාද විවෘත වූ අන්තර්ජාතික සිනමා උළෙලක් බවට පරිවර්තනය විය. මෙවර රටවල් 20ක් නියෝජනය කරමින් විදෙස් සිනමාපට 30ක්ද, එයට අමතර චීන ජාතික සිනමාපට 50 ක්ද උළෙලේ තිරගත විය. උළෙලට සමගාමීව පැවති ගෝල්ඩන් රූස්ටර් සම්මාන උළෙල නියෝජනය කල චීන භාෂිත සිනමාපට ගණන 277කි.

ආසියාවේ සුවිශාලතම සිනමා උළෙල ලෙසට සැලකෙන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලෙන් (Busan International Film Festival) 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ගමන් ඇරැඹූ “අසන්ධිමිත්තා” සිනමාපටය මේවන විට තිරගතව ඇති අන්තර්ජාතික සිනමා උළෙල ගණන 07 කි.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

90 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.