අසම්පූර්ණ නොවූ විෂම භාග – චන්දික ජයවීර

Avatar Nisanka Weheraduwa | January 7, 2020 107 Views 0 Likes 1 On 1 Rating

107 Views 1 On 1 Rating Rate it

මම පුර්ණ සංතොෂයෙන් සිටිමි. ඒ හොඳ සිනමා පටයක් නැරඹිමේ උද්දාමයෙනි. එකී උද්දාමය තවත් උදානයක් වන්නේ එය සිංහල සිනමා පටයක් විම හේතුවෙනි. යමක් පිලිබද හිතට ආ ගමන් ඔබ සමග බෙදා ගන්නට හිතන්නේ ඒ ගැන ඒ ඇසිල්ලේ මට දැනෙන හැගෙන දැ පිළුනු විමට කලින් ඔබ වෙත පිලිගැන්විමටයි.
ලලිත් රත්නායකගේ විෂම භාග පුර්ව ප්‍රචාරක පටයෙන්ම මා හිත අවදි කළ නිර්මාණයක් නමුත් තිරගත වූ පසු මුහුණු පොතේ පළවූ නොයෙක් මතිමතාන්තර මා එය නැරඹිමට යාම කම්මැලි කලා. එයට කලින් U Turn නැමති සිනමා පටය නැරඹිමට මුහුණු පොත මා පෙලඹුවා. නමුත් අද විෂම භාග නැරඹුවාට පසු තේරැම් ගත් දේ තමා අද ලාංකිය සිනමා කරැවා තම චිත්‍රපටය Market කිරිමට ගරිල්ලා මාර්කටින් පිලිවෙතක් මුහුණු පොත හරහා ගෙන යන බව.
යම් කලා නිර්මාණයක් එක මොහොතකදි එය පරිශිලකයා අතිශය සංවේදි කරයි නම් මට හිතෙන්නේ එවැනි නිර්මාණකරැවන් සැබැම දක්ෂයන් බවයි. නොහිතන ලෙස තම හැගිම් පාලනය කල නොහැකි සේ එය විඳින්නා  සංවේදි කිරිමට හැක්කේ අවස්ථාවට දායක වන සියලුදෙනා එම නිර්මාණයට තම උපරිම සාධාරණය කලහොත් පමණි. එක් දෙයක් හෝ දුර්වල වුවොත් එම අවස්ථාවම කඩා වැටේ. මම එවැනි සංවේදි අවස්ථා ගිජු රසිකයෙක්මි. එය සතුට හෝ වේවා දුක හෝ වේවා මගේ ඇස් කෙවෙනි තෙත් කරන්ට යමෙක් සමත් නම් මම ඔවුන්ට ආදරය කරමි.
විෂම භාග මා එවැනි කම්පනයකට සංවේදනාවකට පත් කල චිතු්පටයක්. කවියක් වගේ ගලාගෙන ගොස් ඔපෙරාවක අති උච්ච ස්වරයකින් ඉවර වන්නේ සේ හැගිම් සමග ගනුදෙණු කල චිත්‍රපටයක්. මුහුණු පොතේ විචාරකයෝ එය මන්දගාමි සිනමාපටයක් ලෙස හැදින් වුවත් මට හිතෙන්නේ එය එම සිනමා පටයට උචිත වු රිද්මය ලෙසයි. ලලිත් රත්නායකගේ සියලු තොරා ගැනිම් අතිශය නිවරදි කියා හිතෙන අතර විශේෂයෙන් ප්‍රධාන නිවුන් චරිත යුග්මයේ භාව කෙසේ එසේ උකහා ගත්තේදැයි ඇසිය යුත්තේ ලලිත් රත්නායකගෙන්ම පමණි. අප හොදින් සිනමාවේ රැපවාහිනියේ වසර ගනනක් පරිශිලනය කල ජැක්සන් අැන්තනිගේ මෑත කාලිනව දුටු අධි රංගනය (උදුම්බරා ධර්ම යුද්ධය වැනි) අමතක කරවිමට තරම් වූ විනාඩි කිහිපයක් සිනමා පටයේ අවසාන භාගයේ ලබා දිම විශිෂ්ඨ රංගධරයකු මැකි යා නොදි නැවත පුනරැත්තාපනය කල අවස්ථාවක් ලෙස දැකිය හැකියි. මා සාමානයයෙන් ‘හිතට අාව ගමන්” මගේ සිතුවිලි ගනුදෙණුවේ මෙතරම් දේ ලියන්නට බලාපොරොත්තු නොවේ. නමුත් කලෙකින් මා භාව සංවේදි කම්පනයකට පත් කල විෂම භාග ගැන නොලියා බැරිය . එය සිංහල සිනමාවට නම් භාගයක් නොව එක හමාරක් ලෙස මම දකිමි.

චන්දික බණ්ඩාර ජයවීර

Share

107 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.