ආචාර්ය ධර්මසේන පතිරාජ නික්මගොස් වසරක් සපිරෙයි
දේශීය සිනමාවේ “වම් ඉවුරේ සිනමාකරුවා” ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබූ සම්මානනිය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් පසුගිය වසරේ ජිවිතයෙන් සමුගත්තා. දේශීය සිනමාවට විශේෂිත සිනමාපට රැසක් දායාද කළ ඔහු දෙස් විදෙස් සම්භාවනාවට පත්වූ විශිෂ්ට සිනමාකරුවෙක්. ආචාර්ය පතිරාජ 1970 වසරේ “සතුරෝ” නමින් නිර්මාණය කළ මිනිත්තු 10ක කෙටි චිත්‍රපටය සමග සිනමා අත්පොත් තැබූ බව සඳහන්. 1974 වසරේ “අහස ගව්ව” චිත්‍රපටය නිර්මාණය කරමින් රිදී තිරයට පිවිසුන ඔහු, 1975 වසරේ “එයා දැන් ලොකු ළමයෙක්” සිනමාපටය සමගින් 9 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමේ වරම් හිමිකර ගන්නවා. එතැන් සිට සිනමාවේ විවිධ සන්ධිස්ඨාන සහිත නිර්මාණ සිනමාවට දායාද කළ ඔහු 2018 වසරේ ජනවාරි 18 වැනිදා ජිවිතයෙන් සමුගෙන යනවා.
2019 ජනවාරි 28 වැනිදා එනම් පතිරාජයන් නික්මගොස් වසරක් සපිරෙන දින ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ වැඩසටහනක් සංවිධාන කොට තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන මෙම වැඩසටහන 28 වැනි සඳුදා දින සවස 4ට ආරම්භ වීමට නියමිතයි. “විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවාගේ කාර්ය” මැයෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති මෙහිදී දෙසුමක් පවත්වනු ඇති. ඉන් අනතුරුව පතිරාජ නිර්මාණය කළ, “පාරදිගේ” චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. දේශීය සිනමාවේ වම් ඉවුරේ සිනමාකරුවා සිහිපත් කෙරෙන මේ වැඩසටහනට සිනමා ලැදි සියල්ලන්ටම ඇරියුම් කෙරෙනවා.
Written by Nisanka Weheraduwa