OSCAR යන භූතානයේ Lunana: A Yak in the Classroom
OSCAR සම්මාන, නැතිනම් Academy සම්මාන උළෙලේදී හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය (Best International Feature Film) වෙනුවෙන් තරඟ වදින ලෝ පුරා නිර්මාණ අතරින් අවසන් නිර්දේශිත නාම අතරට තෝරා ගැනෙන්නේ චිත්‍රපට 05ක් පමණයි. අවසාන සිනමා සම්මාන රාත්‍රියේදී Best International Feature Film සඳහා සම්මානය පිරි නැමෙන්නේ එම චිත්‍රපට පහ අතුරින් තෝරාගත් විශිෂ්ටතම නිර්මාණය උදෙසායි. 1956දී OSCAR සම්මාන උළෙලට මෙම තරග අංශය හඳුන්වා දීමත් සමඟ, වාර්ෂිකව මෙම සම්මානය පිරිනැමීම සිදු වනවා.
Best International Feature Film සම්මානය මූලිකවම පිරි නැමෙන්නේ ඇමරිකාවෙන් පිටත රටකදී, ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවකින් නිර්මාණය වූ වෘතාන්ත චිත්‍රපට සඳහායි. Academy සම්මාන උළෙල පවත්වනු ලබන Academy of Motion Picture Arts and Sciences හෙවත් AMPAS සංවිධානය විසින් ලෝ පුරා වෙසෙන සිනමාකරුවන්ට මෙම සම්මානය වෙනුවෙන් තමන්ගේ චිත්‍රපට අයදුම් කිරීමට ආරාධනා කරන අතර International Feature Film Award Committeeයේ ඡන්දය අනුව ඉන් විශිෂ්ටතම නිර්මාණය තෝරා ගනු ලබනවා.
මෙම වසරේ පැවැත්වීමට නියමිත 94වන Academy සම්මාන උළෙලේ Best International Feature Film අංශයට අදාළව ලැබුණු ඉදිරිපත් කෙරුණු චිත්‍රපට අතරින් තෝරා ගත් අවසාන නිර්මාණ පහ පසුගියදා මාධ්‍යයට දැනුම් දුන්නා. මේ චිත්‍රපට සියල්ලම 2021 ජනවාරි 01 වනදා සිට 2021 දෙසැම්බර් 31 වනදා තෙක් කාල පරිච්ඡේදයේ නිකුත් වූ චිත්‍රපට වන අතර ඩිජිටල් මාධ්‍යයකින් එළි දැක්වීමට පෙර සිනමාශාලා ප්‍රදර්ශනයක් සඳහා අනිවාර්යෙන්ම යොමු කර තිබිය යුතු වුනා. එලෙස, රටවල් 93ක් නියෝජනය කරමින් ඉදිරිපත් වුණු චිත්‍රපට 93කින් සිනමාපට පහක් මෙවර අවසන් නිර්දේශ ලැයිස්තුවට තෝරාගෙන තිබුනා.
ජපානය නියෝජනය කරමින් – Drive My Car
ඩෙන්මාර්කය නියෝජනය කරමින් – Flee
ඉතාලිය නියෝජනය කරමින් – The Hand of God
භූතානය නියෝජනය කරමින් – Lunana: A Yak in the Classroom
නෝර්වේ නියෝජනය කරමින් – The Worst Person in the World
මේ චිත්‍රපට පහ අතරට තේරී පත්ව තිබෙන Lunana: A Yak in the Classroom සිනමාපටය භූතාන සිනමා ඉතිහාසය තුළ සුවිශේෂී කඩයිමක් සලකුණු කර තිබෙනවා. ඇකඩමි සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වූ එරට පළමු සිනමාපටය වන්නේ මෙය වීම එක් විශේෂත්වයක්. මීට පෙර භූතානය නියෝජනය කරමින් ඇකඩමි උළෙලට සහභාගී වූ කිසිදු චිත්‍රපටයකට final nominations ලැයිස්තුවට එකතු වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
Pawo Choyning Dorji විසින් අධ්‍යක්ෂණය කළ Lunana: A Yak in the Classroom චිත්‍රපටය මීට පෙරත් ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය ඇතුළු විදෙස් රටවල් කිහිපයක අන්තර්ජාතික සම්මාන ගණනාවක් ම දිනාගත්තා. අධ්‍යක්ෂණය මෙන්ම මෙහි තිර පිටපත රචනය සහ නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ ද Pawo Choyning Dorji විසින්මයි.
සුවිශේෂීත්වය වන්නේ මෙම Lunana: A Yak in the Classroom චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සහ කුළුදුල් චිත්‍රපටය වීමයි. තරුණ සිනමාකරුවෙකු වශයෙන් Pawo Choyning Dorji අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයෙන්ම Academy උළෙල වැනි අති දැවැන්ත සිනමා උළෙලක් නියෝජනය කිරීමට ලැබීම, ඔහුගේ හැකියාව ගැන මනා අර්ථකතනයක් සපයන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුනා.
Lunana: A Yak in the Classroom චිත්‍රපටය පාදක වන්නේ Ugyen Dorji නැමැති පාසල් ගුරුවරයාට භූතානයේ අතිශය දුෂ්කර පාසලකදී මුහුණ දෙන්නට සිදුවන සිද්ධි මාලාවක් වටායි. තමන්ගේ මිත්තණිය සමඟ ජීවත් වන Ugyen Dorji, ගීත ගායනයට ආශා කරන එහෙත් භූතානයේ ජීවිතය පිළිබඳව කලකිරීමකින් සිටින තරුණ පුහුණු ගුරුවරයෙක්. භූතානයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහිදී සැපවත් ජීවිතයක් ගත කිරීම ඔහුගේ එකම සිහිනය වනවා. මේ ගැන සිතමින් කලකිරීමකින් කල් ගෙවන Ugyen Dorjiට තමන්ගේ සිහිනය නිසාම බොහෝ වැඩ කටයුතු අතපසු වන්නට පටන් ගන්නවා.
මෙය දැනගන්නා Ugyen Dorjiගේ ජ්‍යේෂ්ඨ ගුරුවරයා, Ugyen Dorji ව භූතානයේ ඈත සීමාවේ “lunana” නැමැති අතිශය දුෂ්කර ගම්මානයක පාසලකට අනුයුක්ත කරන්නේ ඔහුට දඬුවමක් දෙමින් ඔහුගේ සිතුම් පැතුම් වෙනස් කිරීමටයි. ලුනානා ගම්මානය තුළදී තරුණ ඔහුට මුහුණ පාන්නට සිදුවන නොසිතූ සිද්ධි දාමය මෙම Lunana: A Yak in the Classroom නැමැති සම්මානලාභී සිනමා නිර්මාණයට පදනම් වී තිබෙනවා.
Movie Name : Lunana: A Yak in the Classroom
Directed by
Pawo Choyning Dorji
Screenplay by
Pawo Choyning Dorji
Produced by
Pawo Choyning Dorji
Jia Honglin
Stephanie Lai
Steven Xiang
Cast – Sherab Dorji, Ugyen Norbu Lhendup, Kelden Lhamo Gurung, Kunzang Wangdi, Pem Zam, Tashi Dema, Oriana Chen, Chimi Dem
Cinematography – Jigme Tenzing
Edited by – Hsiao-Yun Ku
Production company – Dangphu Dingphu (A 3 pigs Production)
Distribution – Films Boutique
Running time – 109 minutes
Country – Bhutan
Language – Dzongkha
Written by Kavinu Weerakkody