ඇමරිකාවෙන් ඉන්දියාවට ආ මාධ්‍යවේදිනියට මොකද වුනේ…??

Avatar Nisanka Weheraduwa | October 30, 2018 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

ඉන්දියානු සම්බවයක් සහිත ඇමරිකානු මාධ්‍යවේදිනියක් වන ශානියා දලිවාල්, රැකියාව කරන්නේ ඇමරිකානු සඟරාවක විශේෂාංග ලේඛිකාවක් විදිහට. ඇයට පැවරෙන අලුත්ම ව්‍යාපෘතිය ඉන්දියාවේ මංගල උත්සව පහක් පිලිබඳ තොරතුරු ඇතුලත් කරලා සඟරාවට ලිපියක් නිර්මාණය කිරීම. අගේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා ඇයට මේ රාජකාරිය පැවරීමට ඇගේ ප්‍රධානීන් තීරණය කරනවා. අවසානයේ ඇය ඉන්දියාවට එන්නේ මේ කටයුත්ත කළ යුතුම එකක් නිසා. ඉන්දියාවට එන ඇයට සහයට සහ ඇගේ ආරක්ෂාවට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිළධාරියෙක් ලබා දෙනවා. හරබජාන් සින්ග් නමැති මේ නිළධාරියා ඇගේ සහයට මේ කටයුත්තට ඇය සමග එක්වනවා. මංගල උත්සව ගැන තොරතුරු වලට අමතරව ඉන්දියාවේ සංක්‍රාන්ති සමාජය පිළිබඳවත් ශානියා තොරතුරු එකතු කරගන්නවා.

නමුත් අනපේක්ෂිත විදිහට ශානියා සහ හරබජාන් අතර සම්බන්ධය වෙනත් අන්තයකට ගමන් කරනවා. ඔවුන් දෙදෙනා පෙම්වතුන් වෙයිද,,? අවසානය කුමක් වෙයිද..?

ඔක්තෝබර් 26 වැනිදා සිට ලොව පුරා තිරගත කෙරෙන “5 Weddings” හින්දි චිත්‍රපටය බැලුවොත් මේ කතාවේ අවසානය ඔබට දැනගත හැකියි. Namrata Singh Gujral මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. ප්‍රධාන චරිතය වන ශානියා දලිවාල් ලෙස Nargis Fakhri සහ Rajkumar Rao රංගනයෙන් දායක වනවා. Bo Derek, Soha Ali Khan, Anneliese Saini ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. 2018 වසරේ මැයි 10 වැනිදා Cannes International Film Festival හිදී මේ චිත්‍රපටය පළමු වරට තිරගත කෙරුනා. මිනිත්තු 90ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය දැන් ලොව පුරා තිරගත කිරීම අරඹා තිබෙනවා.

Share

2 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.