ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ වියෝව අභිරහසක්..? කටකතා පැතිරෙයි

Avatar Nisanka Weheraduwa | February 26, 2018 27 Views 0 Likes 0 Ratings

27 Views 0 Ratings Rate it

ඉන්දීය නිළි ශ්‍රීදේවි කපූර් පසුගිය 24 වැනිදා රාත්‍රියේ ඩුබායිහි Emirate Tower Hotel තුළ ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේදී මියගොස් තිබුනා. රාත්‍රී 9.00ට පමණ නාන කාමරයට පිවිසි ඇය මිනිත්තු 15ක කාලයක් නිහඬව සිටීම නිසා ඇගේ සැමියා එය පරික්ෂාවට ලක් කොට තිබුනා. ඇය නාන බේසමේ (Bath tub) තුළ ගිලී මියගොස් සිටි බව සොයා ගැනුනා. හදිසි හෘදයාභාධයක් වැළඳීම හේතුවෙන් මේ තත්වය හටගත් බවට විවිධ මත පල කෙරුණත් තවමත් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු ලැබී නැහැ. කෙසේ නමුත් ඇයට මිට පෙර කිසිදු හෘදය ආශ්‍රිත රෝගයක් (cardiac arrest) හටගෙන නොතිබූ බව ඇගේ පවුලේ ඥාතින් පවසා තිබෙනවා. නියමිත වාර්තා නිසි පරිදි ලැබෙන තුරු මළ සිරුර නිදහස් කළ නොහැකි බව ඩුබායි බලධාරීන් පවසා තිබුනා.

කටකතා

ඇගේ මරණය සමග ඉන්දියාව පුරා විවිධ කටකතා පැතිර යන්නට වුනා. ඇගේ සැමියා වන Bonny Kapoorගේ පළමු විවාහයේ බිරිඳ මියගොස් තිබුනේ මාර්තු 05 වනිදාවකයි. ඒ වනවිට ඇගේ පුත් Arjun Kapoor සිය ප්‍රථම සිනමා නිර්මාණයේ රංගන කටයුතු වල නියැලෙමින් සිටියා. පසුගිය 24 වැනිදා ශ්‍රීදේවි මියයන විට ඇගේ වැඩිමහල් දියණිය Janvi Kapoorද සිය පළමු චිත්‍රපටයේ රංගන කටයුතු වල නිරත වෙමින් සිටි බව පැවසෙනවා.

ශ්‍රීදේවි කලින් කලට නිහඬව සිනමාවෙන් මෙන්ම ප්‍රසිද්දියෙන් ඈත්ව යමින් සිටි බව බොලිවුඩ් සිනමා රසිකයින් හොඳින්ම දන්නා කරුණක්. ඇය සිනමාවෙන් සමුගෙන වසර 15ක් නිහඬව සිටීමෙන් පසුවයි 2012 වසරේ English Vinglish චිත්‍රපටයට දායක වුනේ. මෙලෙස ඇය ප්‍රසිද්දියේ පෙනීමට නොසිටි කාලවලින් පසු ඇය දකින බොහෝ දෙනෙක් ඇගේ පෙනුමේ විවිධ වෙනස් වීම් හඳුනාගත් බව පැවසෙනවා. ඇය සිරුර ලස්සන කරගැනීම සඳහා විවිධ ඩේ කළ බවයි තතු දන්නා අය පවසන්නේ. කෙසේ නමුත් ඒ සඳහා භාවිතා කළ ක්‍රියාකාරකම් සහ ඖෂධ පවා ඇයට අහිතකර ලෙස බලපෑවාදැයි සක පල කෙරෙනවා.

Share

27 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.