ඉන්දීය සිනමා තරුව හදිසියේ “කුරු” වූයේ කෙසේද..?

Avatar Nisanka Weheraduwa | December 17, 2018 21 Views 0 Likes 0 Ratings

21 Views 0 Ratings Rate it

ඉන්දීය සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් හදිසියේ කුරු බවට පත්වුණු බව පසුගියදා අන්තර්ජාලය පුරා පැතිර ගියා. ඒ ගැන චායාරූප පවා පලවී තිබුනා. කොහොම නමුත් ඒ සියල්ල ප්‍රචාරය කොට තිබුනේ දෙසැම්බරයේ තිරගත වීමට නියමිත ඔහුගේ අලුත්ම සිනමාපටය වන “Zero” හි ප්‍රචාරක ව්‍යාපෘතියට අනුවයි.

Bauua Singh කියන්නේ වයස අවුරුදු 38ක් වුනු “කුරු” බැවින් යුතු පුද්ගලයෙක්. Meerut ප්‍රදේශයේ ජිවත්වි වන ඔහු, වීවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියත්, විවාහයට සුදුසු සහකාරියක් සොයා ගැනීම පහසු වුනේ නැහැ. අන්තිමේ Bauua විවාහයට සහකරුවන් / කාරියන් සොයා දෙන ආයතනයකට තොරතුරු ලබාදෙමින් ඔහුට සුදුසු සහකාරියක් සොයා දෙන්නැයි කියනවා. එවර ඔහුගේ වාසනාව උදාවන්නේ නොසිතු ලෙසින්. ඔහුට අපූරු සහකාරියක් හමු වනවා. ඇය NASA ආයතනයට සේවය කරන විද්‍යාඥ වරියක්. නමුත් ඇය Cerebral Palsy නම් රෝගයකින් පෙලෙන කාන්තාවක්. ඇගේ දෙපා අප්‍රාණික බවක් තිබෙන නිසා රෝද පුටුවක් ආධාරයෙන් එහා මෙහා යන අයෙක්. කෙසේ නමුත් මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. ඔවුන්ගේ අදර කතාව අපුරුවට ඇදී යද්දී මේ කතාවට තුන්වැන්නෙක් එකතු වනවා. ඇය Bobita. සුපිරි ගායන තරුවක්. සුරූපී කාන්තාවක්. නමුත් ඇය මේ පුංචි සිරුරක් හිමි මිනිසාට ආදරය කරන්නට පෙළඹෙනවා. මේ අයුරින් දිවෙන ආදර කතාව කෙලෙස කෙළවර වෙයිදැයි ඔබට දැනගන්නට නම් තවත් දින කිහිපයක් බලා සිටිය යුතු වනවා.

හින්දි නාට්‍යමය ආදර කතාවක් වන Zero චිත්‍රපටය හරහා ඔබට මේ කතාව රසවිඳින්න අවස්ථාව ලැබෙනවා. Himanshu Sharma රචනා කළ මෙය සිනමාවට ගෙනඑන්නේ Aanand L. Rai විසින්. Gauri Khan, Red chilies entertainment වෙනුවෙන් සහ Colour yellow production ආයතනය එක්ව මේ චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙනවා.

Bauua Singh ලෙස Shah Ruk Khan සහ Aafia Bhider ලෙස Anushka Sharma රංගනයෙන් දායක වනවා. Katrina Kaiff මේ චිත්‍රපටයේ Bobita ලෙස රංගනයෙන් දායක වනවා. මිට පෙරත් මේ තිදෙනා තුන් ඈඳුතු ආදර කතාවක චරිත ලෙස රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ ලොව පුරා බොලිවුඩ් සිනමා රසිකයින් ආදරයෙන් වැළඳගත් Jab Tak Hai Jaan චිත්‍රපටයේයි. Abhay Deol, R.Madhavan, Tigmanshu Dhulia, Sheeba Chaddha ඇතුළු පිරිසක් චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. මිනිත්තු 164ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 200ක් පමණ වැයකොට ඇති බව සඳහන්.

දෙසැම්බර් 21 වැනිදා සිට මේ චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට නියමිතයි.

_29e5ef20-ef85-11e7-9b6a-9c455a15825b 152459_thumb_665

Share

21 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.