Sri Lanka's Best Cinema Portal

 

ඉරාන සිනමාපට හතක් කොළඹදී තිරගතවෙයි

0
Posted February 5, 2019 by Nisanka Weheraduwa in Cine News
iran

ඉරාන සිනමා උළෙල වාර්ෂිකව කොළඹදී පැවැත්වෙනවා. 2019 වසර සඳහා ඉරාන සිනමා උළෙල පෙබරවාරි මාසයේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සුදානම් කොට තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරාන සංස්කෘතික ආයතනය එක්ව මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා තරංගනී ශාලාවේදී පැවැත්වෙන සිනමා උළෙලේදී ඉරාන සිනමාපට හතක තිරගත කෙරෙනු ඇති. එම චිත්‍රපට විවිධ ශානරයන් නියෝජනය වන අයුරින් තෝරාගෙන තිබෙන බවත් සඳහන්.

පෙබරවාරි 07 වැනිදා

ඉරාන සිනමා උළෙලේ සමාරම්භක දිනය. 07 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේ චිත්‍රපටය තිරගත වන්නේ සවස 5.30ට. Season of Narges චිත්‍රපටය තිරගත කෙරෙනවා. මිනිත්තු 105ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය 2017 වසරේ නිර්මාණය වූවක්.

පෙබරවාරි 08 වැනිදා

ඉරාන සිනමා උළෙලේ දෙවැනි දිනය වන මෙදින සවස 5.30ට චිත්‍රපටය තිරගත කෙරෙනවා. මිනිත්තු 80ක ධාවන කාලයකින් යුතු ත්‍රාසජනක කතාවක් සහිත Mermaid චිත්‍රපටය එදින තිරගත වීමට නියමිතයි. මෙය, 2016 වසරේ ඉරානයේ නිර්මාණය වූ චිත්‍රපටයක් වනවා.

පෙබරවාරි 09 වැනිදා

ඉරාන සිනමා උළෙලේ තෙවැනි දිනය වන මෙදින චිත්‍රපට තුනක් තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. උදේ 10.30ට තිරගත වන The Mobarak චිත්‍රපටය ළමයින් සඳහා විශේෂිත චිත්‍රපටයක්. 2015 වසරේ නිර්මාණය වී ඇති මෙය, මිනිත්තු 80ක ධාවන කාලයකින් යුතු ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක්. එදිනම සවස 3.00ට Zero to podium චිත්‍රපටය තිරගත වනවා. 2017 වසරේ නිර්මාණය වුනු මිනිත්තු 86ක ධාවන කාලයකින් යුතු මෙය වාර්තා චිත්‍රපටයක්. 09 වැනි සෙනසුරාදා සවස 5.30ට Coquetry චිත්‍රපටය තිරගත කෙරෙනවා. 2016 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය මිනිත්තු 90ක ධාවන කාලයකින් යුතුයි.

පෙබරවාරි 10 වැනිදා

එදින සවස 3.00ට චිත්‍රපට උළෙල ආරම්භ වනවා. Ranna’s silence චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. 2016 වසරේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය මිනිත්තු 85ක ධාවන කාලයකින් යුක්තයි. එදිනම සවස 5.30ට We have a guest චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. මිනිත්තු 101ක ධාවන කාලයකින් යුතු මෙය 2014 වසරේ නිර්මාණය වුනු යුධමය තේමාවකින් යුතු චිත්‍රපටයක්.

පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉරාන සිනමාව රසවිඳීමට තරංගනී ශාලාවට පැමිණෙන ලෙස සිනමාලෝලීන් වෙත ඇරියුම් කෙරෙනවා.

50519257_10157182527340712_8132638029446643712_n

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2