උදුම්බරාගේ කතාව දැන් දිවයින පුරා සිනමාහල්වලදී

Avatar Nisanka Weheraduwa | October 30, 2018 345 Views 0 Likes 0 Ratings

345 Views 0 Ratings Rate it

ජිවිතේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉලක්ක හඹා යන චරිත අප අතර ඕනා තරම්. සියල්ල අබිභවා ඉලක්කය හඹා යන මේ චරිත බොහොමයක් පසුපස ඒ වෙනුවෙන්ම කැපවුණු එක් වීර චරිතයක් හමුවනවා. ඒ වීර්ය තමයි ජයග්‍රහණයට පදනම වෙන්නේ. උදුම්බරාට නම්, ඒ හයිය ගෙනාවේ ආනන්ද සර්. ආනන්ද සර් නොහිටින්න උදුම්බරා කෙනෙක් නැහැ. ආනන්ද සර් කියන්නේ කවුද, උදුම්බරා කියන්නේ කවුද, මේ තොරතුරු හරියටම දැනගන්න නම් ඔබට, මේ දිනවල දිවයින පුරා තිරගත වන “උදුම්බරා” චිත්‍රපටය නරඹන්න වෙනවා.

ක්‍රීඩාව ගැන කියවෙන අපූරු චිත්‍රපටයක්. ක්‍රීඩිකාවගේ ජිවිත කතාව ඇසුරින් චිත්‍රපටයේ කතාව ගොඩනැගෙනවා. අපේ රටේ අතිශය දක්ෂ ක්‍රීඩිකාවකගේ ජිවන තොරතුරු පාදක කරගනිමින් මේ චිත්‍රපටයේ කතාව ගොඩනැගූ බවත් කියවෙනවා. ඒ කෙසේ වෙතත් අපුරු කතා තේමාවක් චිත්‍රපටයට තිබෙන බව සත්‍යක්. K.S.Chammanthraj තමයි උදුම්බරා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ. ආනන්ද සර් විදිහට ජැක්සන් ඇන්තනි රංගනයේ යෙදෙනවා. උදුම්බරාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ Nadeeshani Henderson. සරත් කොතලාවල, ජයනි සේනානායක, ජනක කුඹුකගේ, හර්ෂි රසන්ගා, රයන් ගමගේ ඇතුළු පිරිසක් අනිකුත් චරිත වලට දායක වුනා. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් දායක වනවා. මේ ඇගේ පළමු සිනමා රංගනය බවත් සඳහන්.

උදුම්බරා ජිවිතේ ජයගත්තේ කෙසේද..? බාධක මැදගෙන ජිවිතේ දිනන උදුම්බරාගේ කතාව දකින්න. දැන් දිවයින පුරා සිනමාහල් වලදී “උදුම්බරා” නරඹන්න.

Share

345 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.