එංගලන්ත හීනයට විවාහය බිලිදුන් අඹුසැමියෝ

Avatar Nisanka Weheraduwa | October 23, 2018 15 Views 0 Likes 0 Ratings

15 Views 0 Ratings Rate it

පාරම් කියන්නේ විනෝදකාමී තරුණයෙක්. පරිසරයට බොහොම ආදරය කරන, පරිසරය විනාශ නොවී රැකගත යුතුයි කියල විශ්වාස කළ පාරම්, උසස් අධ්‍යාපනයට තෝරාගන්නේ කෘෂිකර්මාන්ත විෂය. College කෙන් out වෙලා agriculture සම්බන්ධ job එකක් හෝ business එකක් කරන්නයි පාරම්ගේ කල්පනාව. ජස්මින් කියන්නේ විනෝදකාමී තරුණියක්. නමුත් ඇය උගත්. හොඳ job කරන්න independent ජිවිතයක් ගත කරන්න තමයි ජස්මින්ගේ කැමැත්ත. ඒත් අවාසනාවකට එතන තියෙනවා ගැටළුවක්. ජස්මින්ගේ පවුලේ උදවිය ඉතාම සාම්ප්‍රදායිකව හිතන අය. ගැහැණියක් උපදින්නේ සැමියාගේ වැඩ කටයුතු කරන්නත් දරුවන් වන්න සහ හදන්නත් කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ නිසා ජස්මින්ට job එකකට යන්න දෙන්නේ නැත්තේ එයාගේ සීයා සහ අයියා. කොහොම හරි අහම්බෙකින් ජස්මින්ට පාරම් හමු වෙනවා. පාරම් උපායමාර්ගිකව ජස්මින්ට ලංවෙනවා විතරක් නෙමෙයි ජස්මින්ට ආදරය ප්‍රකාශ කරනවා. පාරම්ට ජස්මින් ගැන දුකයි. එයා තීරණය කරනවා ඇයට උදවු කරන්න. පාරම් තමයි ටවුන් එකේ තැනකින් ජස්මින්ට job එකක් හොයා දෙන්නේ.

අවාසනාවක තරම. සති දෙක තුනකදී ජස්මින්ගේ සීයා මේ රස්සාව ගැන දැනගන්නවා. ජස්මින් ගෙදරට හිර වෙනවා. ඉක්මන් විවාහයකට ගෙදර අය සුදානම්. පාරම් වැඩිහිටියන් මාර්ගයෙන් ඇයට ගෙනෙන විවාහ යෝජනාවට පවුලේ අය කැමති වෙන්නේ කොන්දේසියක් පිට. ජස්මින් කසාදයෙන් පස්සෙත් රැකියාවකට නොයා යුතුයි කියල ජස්මින්ගේ සීයා පාරම්ව පොරොන්දු කරගන්නවා. විවාහයෙන් පස්සේ පිටරටකට යන්නයි මේ දෙන්න plan කරන්නේ. ඒකට උදවු කරන්නේ, වීසා අරන් දෙන්නේ පාරම්ගේ යාලුවෙක්. නමුත් මගුල් දවසේ මේ යාලුවා පාරම්ගේ තාත්තා එක්ක රණ්ඩුවකට පැටලෙනවා. ඒකෙ ප්‍රථිපලය මේ දෙන්නට වීසා ලැබෙන්නේ නැහැ.

කසාදයෙන් පස්සේ අවුරුද්දක් තිස්සේ මේ දෙන්නා වීසා ගන්න උත්සාහ කළත් වැඩේ හරියන්නේ නැහැ. අන්තිමේ ජස්මින්ගේ එංගලන්තේ ඉන්න යාලුවෙක් නීති විරෝධී විදිහට පිටරට යවන කෙනෙක්ව contact කරලා දෙනවා. ඔහුගේ යෝජනාව වෙන්නේ පාරම්ට එංගලන්තයට ගිහින් එහෙ කෙනෙක්ව කසාද බැඳලා citizenship ගන්න කියලයි. කොහොමද මේකට එකඟ වෙන්නේ..? ලොකු ගැටුමක්. කොහොම හරි ජස්මින්ට සෑම් හම්බවෙන්නේ මේ අතරේ. සෑම් එංගලන්තේ ජිවත් වෙන්නේ. සීයා විතරයි එයාට ඉන්නේ. සීයා සතුටු කරන්න එයාගේ මරණය ලං වෙන වෙලාවේ ඉන්දියානු තරුණියක් කසාද බඳින්නැයි සෑම්ගේ උවමනාව. පාරම්ට බොරුවක් කියන ජස්මින් සෑම් එක්ක විවාහ වෙලා එංගලන්තයට යනවා.

පාරම් ටික දවසකින් තේරුම් ගන්නවා ජස්මින් නැතිව ඔහුට ජිවිතයක් නැති බව. නීති විරෝධී තරව්කරුගේ පිහිටෙන් එංගලන්තයට යන්න ඔහු තීරණය කරනවා. දුෂ්කර මාර්ග කීපයක් පසු කරමින් එංගලන්තයට යන පාරම්ට ජස්මින් හමු වෙයිද? ජස්මින් දිනා ගන්න ඔහුට හැකි වේද.? සෑම් ජස්මින්ට දික්කසාදය ලබා දෙයිද? අලිෂා පාරම් විවාහ කරගන්නේ ඇත්තටමද..? ඒ විවාහයේ අරමුණ මොකක්ද? මේ සියලු ගැටළු විසඳා ගැනීමට නම් ඔබ Namaste Ingland චිත්‍රපටය නැරඹිය යුතුයි.

බොලිවුඩ් නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය Romantic comedy film එකක් විදිහට ශානරගත වන බවයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කලේ. Vipul Amrutlal Shah අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Suresh Nair, Ritesh Shah විසින් තිර රචනාව සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන පාරම් සහ ජස්මින් ලෙස Arjun Kapoor සහ Parineethi Chopra රංගනයෙන් දායක වනවා. Sam ලෙස Aditya Seal සහ Alisha ලෙස Alakrita Sahai රංගනයෙන් දායක වනවා. සෙසු චරිත වලට Anil Mange, Satish Kaushik, Mallika Dua ඇතුළු පිරිසක් දායකවී තිබෙනවා. මිනිත්තු 141ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ කොට තිබෙනවා.

Share

15 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.