එන්න, නරඹන්න කතා කරන්න, “පාරදිගේ” ගැන
Colombo School for Critical Studies මගින් සිනමා දැක්මක් සහ සංවාද වැඩසටහන් මාලාවක් සංවිධාන කෙරෙනවා. සිනමාවේ දේශපාලනය (Politics in cinema) නමින් මේ වැඩසටහන පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් මේ යටතේ පැවැත්වීමට නියමිතයි. මෙවර වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙන්නේ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ “පාරදිගේ” චිත්‍රපටයයි.
1980 වර්ෂයේ ධර්මසේන පතිරාජයන් නිර්මාණය කළ පාරදිගේ චිත්‍රපටය එවකට සමාජය තුළ කතාබහට ලක්වූ නිර්මාණයක් වුනා. අවිවාහක යුවලක තරුණිය ගැබ් ගත පසු එම කළලය ගබ්සා කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට එම යුවළ දරන උත්සාහය පිළිබඳව කතාවක් හරහා සමාජ දේශපාලනික කරුණු පිලිබඳ සාකච්චාවක් ගොඩනැගීමට පතිරාජ උත්සාහ කොට තිබෙනවා. ඉන්දිරා අබේසේන, වසන්ති චතුරානි සහ විජය කුමාරතුංග මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කළා.
සිනමා දැක්මෙන් අනතුරුව පාරදිගේ සිනමාපටය පිලිබඳ සංවාදයක්ද පැවැත්වෙනවා. 17 වැනි බදාදා සවස 4.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ කලා අංශයේ අංක 294 කාමරයේ මෙම සිනමාපටය තිරගත වනු ඇති. සිනමාපටයෙන් පසුව සංවාදයේ අදහස් දැක්වීම සඳහා සිනමා විචාරක විදර්ශන කන්නන්ගර සහ ලේඛිකා කුමාරි කුමාරගමගේ සහභාගී වීමට නියමිතයි. එන්න, හෙට (17) සවස 4.00ට, පාරදිගේ නරඹන්න.
Written by Nisanka Weheraduwa