එස්තර්ගේ අපරාධ ජීවිතය සොයා යන Orphan: First Kill

Avatar Nisanka Weheraduwa | September 23, 2021 38 Views 0 Likes 0 Ratings

38 Views 0 Ratings Rate it

2009 වසරේදී නිකුත් වුණු Orphan සිනමාපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් horror චිත්‍රපටයක්. වෙනත් horror movies වලට වඩා වෙනස් storyline එකක් මුල් කරගෙන කතාව ගොඩ නැඟී තිබුණු නිසාම Orphan (2009) සිනමාපටයට ලොව පුරා ජනප්‍රියත්වයක් හිමි වුණා. මේ චිත්‍රපටය හැදෙන්නේ Sequel හෝ Prequel නිර්මාණයක් ගැන කිසිඳු අදහසක් නොමැතිව වුණත්, එක්වරම ලැබුණු මේ ජනප්‍රියත්වය නිසා නිෂ්පාදකයින් විසින් තවත් දිගුවක් ගැන කාලයක ඉඳන්ම අදහස් පළ කරමිනුයි හිටියේ. නමුත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු වූ මට්ටමේ අදහස් නෙමෙයි. පළවෙනි චිත්‍රපටයෙන් වසර 11කට පසුව නිෂ්පාදකයින් prequel නිර්මාණයක් ගැන පළවෙනි official announcement එක 2020 පෙබරවාරි මාසයේදී මාධ්‍යයට නිකුත් කරන්නේ එවැනි පසුබිමකයි.

මෙම prequel නිර්මාණයේදීත් සුපුරුදු පරිදි මුල් රංගන ශිල්පීන් පිරිසම දැකගත හැකියි. ඒ අනුව පළවෙනි නිර්මාණයේ Estherගේ චරිතයට පණ පෙවූ Isabelle Fuhrmann, නව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් නිරූපණය කරනවා . Collider වෙබ් අඩවිය, ඇය සමඟින් මෑතකදී කළ සම්මුඛ සාකච්ඡවකදි Orphan නව චිත්‍රපටය ගැන ඇය බොහොම උද්යෝගිමත් ස්වභාවයකින් අදහස් දක්වා තිබුනා. ප්‍රේක්ෂකයින් සිතනවාටත් වඩා shock වෙන කතාවක් මේ prequel නිර්මාණයට මුල් වී තිබෙන බව තමයි Isabelleගේ අදහස වුණේ. මෙම නව නිර්මාණයත් සමඟ ඇය අලුත් වාර්තාවක් පිහිටුවන්නටත් සමත් වූ බවත් Collider වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ, මුලදී ළමා නිළියක වශයෙන් සම්බන්ධ වූ චරිතය නැවතත් ප්‍රතිනිර්මාණය කරන ලෝකයේ පළමු වැඩිහිටි රංගන ශිල්පිනිය වශයෙනුයි.

පළමු චිත්‍රපටයට වඩා psychological පැත්තට වැඩි අවධානයක් ලබා දෙමින් නිර්මාණය කෙරෙන මේ prequel නිර්මාණය නම් කරලා තියන්නේ “Orphan: First Kill” විදිහට. පළවෙනි චිත්‍රපටයෙන් අපට දැක ගන්නට නොලැබුණු එස්තර්ගේ අපරාධ ඉතිහාසය සොයා යන්නට Orphan: First Kill තුළින් හැකි වෙතැයි නමින් තේරුම් යනවා. 2020 වසරේ මේ project එක ගැන මුලින්ම නිවේදනය කරද්දි චිත්‍රපටයේ නම යොදා ගෙන තිබුනේ Esthar නමින්. නමුත් නිෂ්පාදක කණ්ඩායමේ තීරණයක් විදිහට පසුව Orphan: First Kill ලෙස title එක වෙනස් කරන්නට තීරණය කොට තිබෙනවා. 2020 ඔක්තෝබර් මාසයේදී ඇරඹි රූපගත කිරීම් දෙසැම්බර් මාසය වනවිට අවසාන කරන්නට ඔවුන්ට හැකි වීම නිසා කෝවිඩ් වසංගතය මධ්‍යයේ වුණත් post production කටයුතු සිදු කරන්නට ඔවුන්ට හැකියාව ලැබී ඇති බවයි වෙබ් අඩවි වාර්තා කරන්නේ.

David Coggeshallගේ තිර පිටපතකට අනුව Willia Brent Bell විසින් අධ්‍යක්ෂණය කරන සිනමාපටයේ නිෂ්පාදනය සඳහා දායක වන්නේ Entertainment One සහ Dark Castle Entertainment ආයතන ද්විත්වයයි. පළමු චිත්‍රපටයේ තිර පිටපත රචනා කළ David Leslie Johnson මෙම නිර්මාණයට විධායක නිෂ්පාදකවරයෙකු වශයෙන් එකතු වනවා. Isabelle Fuhrmannට අමතරව Julia Stiles, Rossif Sutherland වැනි original cast එක නැවතත් prequel නිර්මාණයටත් දායක වී ඇති බවත් සඳහන්.

මේ වනවිට පසු නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතින නිසා නුදුරු දිනකදීම Orphan: First Kill නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමි වෙන්නට පුලුවන්. චිත්‍රපටය OTT platformsවලට ලබා දුන් ආරංචියක්වත් අණාවරණය වී නැති නිසාම සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් නිෂ්පාදකයින් බලා සිටිනවා විය හැකියි. යුරෝපයේ කෝවිඩ් තත්වය යම් තාක් දුරකට අඩු වීමත් ඔවුන්ගේ තීරණය ඉක්මන් කිරීමක් විය හැකියි.

Share

38 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.