එළඹෙන 2022 නව වසරට චිත්‍රපට පෝළිමක්…
කොවිඩ් වසංගතය ඉන්දියාව පුරා සිඝ්‍රයෙන් පැතිර යද්දි මුළු ඉන්දීය සිනමා කර්මාන්තයම එක තැන නැවතුනා කිව්වොත් නිවැරදියි. තිරගත වීමට තිබූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් දින නියමයක් නොමැතිවම කල් ගිය අතර බොහෝ චිත්‍රපටවල නිෂ්පාදන කටයුතු පවා ඇණ හිටියා. නමුත් දැන් මාස කිහිපයක සිට දකුණු ඉන්දීය සිනමාශාලා යළිත් විවෘත කරන්නට පටන් ගත් නිසා දකුණු ඉන්දීය සිනමාපට කිහිපයක්ම සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කොට තිබෙනවා. දකුණු ඉන්දියාව මෙසේ කෙමෙන් කෙමෙන් තමන්ගේ සිනමා කර්මාන්තය ස්ථාවර කරගන්නට පෙළඹුණත් උතුරු ඉන්දියාව පැත්තෙන් ඊට සමගාමීව සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළේ නැහැ. ඒ නිසාම සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹිමට නියමිතව තිබූ හින්දි චිත්‍රපට බහුතරයක් එකතැන නැවතී තිබුනා.
කෙසේ වුවත් පසුගියදා මහාරාෂ්ට්‍රයේ සිනමාශාලා යළි විවෘත කරන බවට ප්‍රාන්ත රජය දැනුම් දුන් නිසා පහුගිය දින කිහිපයයේදී anticipated hindi movies කිහිපයක්ම තමන්ගේ නව release dates පිළිබඳව රසිකයින්ට දැනුම් දුන්නා. ලැයිස්තුව මෙසේයි.
Ganapath – 2022 Dec 23
Queen සහ Super 30 වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Vikas Bahlගේ නවතම නිර්මාණය වන Ganapath හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Tiger Shroff විසිනුයි. ඊට අමතරව Kriti Sanonද මෙහි රංගනයෙන් දායක වනවා. Action packed කතා තේමාවක් ඔස්සේ ගලා ගෙන යන Ganapath, 2022 දෙසැම්බර් 23 වනදා තිරගත වීමට නියමිතයි.
Jersey – 2021 Dec 31
Shahid Kapoorගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ Jersey සිනමාපටය ප්‍රතිනිර්මාණය වෙන්නේ 2019දී තෙළෙඟු නළු Nani රඟපෑ චිත්‍රපටයකින්. එහි මුල් නිර්මාණය හැඳින්වූයේත් Jersey නමින්මයි. දැවැන්ත බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයක් වගේම ධනාත්මක විචාරක ප්‍රතිචාරයකුත් දිනාගත් එම මුල් නිර්මාණයේ නිල හින්දි ප්‍රතිනිර්මාණය වන Gowtam Tinnanuriගේ අධ්‍යක්ෂණයක්. මෙම වසරේ දෙසැම්බර් 31වනදා ලෝ පුරා තිරගත වීමට නියමිතයි.
Laal Singh Chadda – 2022 Valentine
අමීර් ඛාන්ගේ Laal Singh Chadda සිනමාපටය නිකුත් වන තෙක් ප්‍රේක්ෂකයින් බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලකින්. ආමීර් ඛාන් අවසන් වතාවට රංගනයෙන් එක් වූ Thugs of Hindusathan හි අසාර්ථකත්වයෙන් පසු ඔහුව වෙනත් කිසිදු නිර්මාණයක ප්‍රධාන චරිතයකින් අපිට දැකගන්නට ලැබුණේ නැහැ. තෙළෙඟු නළු Naga Chaitanya පවා රංගනයෙන් දායක වුණු මෙම චිත්‍රපටය Forrest Gump නම් ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණයයි. ලබන වසරේ ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙය තිරගත වීමට සැලසුම් කර තිබෙනවා.
83″ – 2021 Dec 24
කපිල් දේව් ප්‍රමුඛ 1983දී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම වටා ගෙතෙන ’83 අධ්‍යක්ෂණය කරන්නේ Kabir Khan විසින්. එහි ප්‍රධාන චරිතය වන කපිල් දේව්ට Raveer Singh විසින් පණ පොවනවා. ක්‍රීඩාමය තේමාවක් මුල් කරගත් නිර්මාණයක් වුණත් ’83 වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගොඩ නැඟී තිබෙනවා. ඒ නිසාම මේ දෙසැම්බරයේ ඉන්දියානු සිනමාව ’83 සමඟ උණුහුම් වනු නොඅනුමානයි.
Sooryavanshi – 2021 Oct 22
Rohit Shettyගේ cop moviesවලට කැමැත්තක් දක්වන බොහෝ රසිකයින් පිරිසක් ඉන්දියාවේ සිටිනවා. ක්‍රියාදාමවලින් පිරුණු වාණිජ හින්දි සිනමාවට කැමැත්තක් දක්වන ඔවුන් සියලු දෙනාම මෙතරම් කාලයක් බලන් සිටියේ Sooryavanshi නිකුත් වෙන්නේ කවදාද කියලා. කාලයක් තිස්සේම Sooryavanshi හි සිනමාශාලා ප්‍රදර්ශනය කල් ගියත්, පසුගියදා මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ සිනමාශාලා විවෘත වීම නිසා එහි release date එකත් නිකුත් වුනා. ඒ අනුව මෙම දීපවාලියට සමගාමීව ඔක්තෝබර් 22වනදා සිට Sooryavanshi ප්‍රදර්ශනය ඇරඹීමට සියල්ලම සූදානම්…
Satyameva Jayathe 2 – 2021 Nov 26
ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වූ සාර්ථක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Satyameva Jayathe හි පළමු කොටස නිකුත් වූයේ 2018 වසරේදීයි. අසාධාරණය හා ගැටෙන පොලිස් නිලධාරියෙකුත් ඔහුගේ සහෝදරයාත් වටා ගෙතුන Satyameva Jayathe චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම නිෂ්පාදකයින් විසින් එහි දෙවන කොටසක් ගැනත් නිවේදනය කළා. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 26වනදා සිට එහි දෙවන දිගහැරුමත් ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව ප්‍රධාන පෙළේ හින්දි චිත්‍රපට පෙළක සිනමාශාලා ප්‍රදර්ශනයන් අරඹන නව දින දැනුම් දී අවසානයි.
Bunty Aur Babli – 2021 November 19
Tadap – 2021 December 03
Chandigarh Kare Aashiqi – 2021 December 10
Radhe Shyam – 2022 January 14
Prithviraj – 2022 January 21
Jayeshbhai Jordaar – 2022 February 25
Bachchan Pandey – 2022 March 04
Shamshera – 2022 March 18
Bhool Bhulaiyaa – 2022 March 25
Rocketry: The Nambi Effect – 2022 April 01
MayDay – 2022 April 29
Heropanthi 2 – 2022 May 06
Ek Villain Returns – 2022 July 08
Raksha Bandhan – 2022 August 11
Adipurush – 2022 August 11
Written by Nisanka Weheraduwa