මහ රෑ ගෙදරට එන ඒ උමතු ඝාතකයා කවුද…??

Avatar Nisanka Weheraduwa | December 5, 2019 484 Views 1 Like 0 Ratings

484 Views 0 Ratings Rate it

ඇත්තටම ඒ ඝාතකයා කවුද..? මේ කතාව උමතු මිනිමරුවෙක් ගැන. තනිවම නිවෙස්වල සිටින තරුණියන් වෙත පැමිණෙන උමතු මිනිමරුවෙක් ගැන. හදිසියේ මහවැසි ඇදවැටෙන පාළු රාත්‍රියක නිවසට පැමිණෙන අමුත්තන් දෙදෙනා කවුද..? ඒ අතරින් සැබෑ මිනීමරුවා කවුරුන්ද..? කුතුහලය භීතිය පිරුණු අපූරු සිනමා අත්දැකීමක් ලෙසින් උලලේනි චිත්‍රපටය දිගහැරෙනවා.

දශක ගණනක් තිස්සේ වේදිකාවේ සහ අනිකුත් කලා මාධ්‍ය ඇසුරේ වැඩකටයුතු කළ  අත්දැකීම් බහුල ශිල්පියකු වන හේමන්ත ප්‍රසාද් සිනමාවට එකතු කරන්න සුදානම් වෙන්නේ ඒ විදිහේ වෙනස් නිර්මාණයක්. චිත්‍රපටයේ නම උලලේනි. පිටපත, තිරරචනය සහ අධ්‍යක්ෂණය හේමන්ත ප්‍රසාද් විසින්ම සිදුකොට තිබෙනවා.

හොලිවුඩ් සිනමාවේ එන Thriller ශානරයේ චිත්‍රපට බලන්න කැමති විශාල රසික පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ චිත්‍රපටය ඒ රසික පිරිස අතර වඩාත් ජනප්‍රිය වෙයි කියන විශ්වාසයක් තිබෙනවා. දැන් ඔබට ලඟම චිත්‍රපට ශාලාවෙන් උලලේනි චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව උදාව තිබෙනවා.

Share

484 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.