ජේ. මහේන්ද්‍රන් නම් වූ ඔහු – ජෙගන් ගනේෂන් ලියයි

Avatar Nisanka Weheraduwa | April 5, 2019 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

සටහන : ජෙගන් ගනේෂන්

චිත්‍රපටියක් ඉදිරියට රැගෙන යාම හෙවත් සාර්ථකත්වයට තුඩු දෙන කාරණාව සම්බන්ධයෙන් 70 දශකයේ අගභාගයේ නොයෙකුත් මත ඉදිරිපත් වන්නට විය. සමහරුන් එහි කතානායකයා හෙවත් ප්‍රධාන චරිතයට මුල් දෙන ලබා දිය යුතුයි යැයි පැවසීය. නමුත් සිනමා පටයකට ප්‍රධාන චරිතයක් අනවශ්‍යයි, චිත්‍රපටියේ කශේරුකාව විය යුත්තේ කතාව නැති නම් තිරපිටපත යනුවෙන් තර්කයක් ඉදිරිපත් කරමින්, දමිළ සිනමාව වෙනම දිශානතිකයට යොමු කළ ඒ අද්වීතිය අධ්‍යක්ෂකවරයා නමින් ජේ. ඇලෙක්සැන්ඩර් විය. නමුත් අවාසනාවකට ජේ. ඇලෙක්සැන්ඩර් නම් වූ එම අධ්‍යක්ෂකවරයාව අප නොහඳුන්නන්නෙමු. ඊට හේතුව වී ඇති අප ඔහුව හඳුනාගෙන ඇත්තේ වෙනත් නමකින්ය. ඒ ජේ. මහේන්ද්‍රන් යනුවෙනි.

1939 ජුලි 25 වන දින ගුරුවරයෙකු වූ ජෝශප් චෙල්ලෛයා හා මනෝන්මනිගේ පුතණුවන් ලෙස ඉලයාන්කුඩි ප්‍රදේශයේ මෙලොව එළිය දකිනුයේ අඩු මාසයකින් උපත ලද දරුවෙකු ලෙසයි. ඔහු මාස හතකින්ම උපත ලබන්නේ සිනමාවට එක්වීම සඳහා තිබු අසීමිත වුවමනාව නිසාම විය යුතුයි. පාසලේදී අනෙකුත් දරුවන් මෙන් නොව ඔහුගේ හැසිරීම වෙනස් විය. සම වයසේ දරුවන් ක්‍රීඩා පිටි වෙත දුවන විට මහේන්ද්‍රන් දිව ගියේ පුස්ථකාලය වෙතයි. ඒ නිසාම ඔහු හා පොත් අතර සුවිශේෂි වූ ප්‍රේමයක් හට ගැනුණි. අනාගත දේශපාලනය, දේශය යන දෑ තීරණය කරනු ලබන්නේ කියවීමෙන් බව මනා ලෙස ඔහු අවබෝධ කරගෙන සිටියා සේ ඔහු සෑම ග්‍රන්ථයක්ම සෑම සගරාවක්ම කියවන්නට විය. මහේන්ද්‍රන් තම ග්‍රාමයේ පිහිටි කුඩා පාසලකත් අනතුරුව මදුරෛහි පිහිටි ඇමරිකන් විද්‍යාලයෙත් මූලික අධ්‍යාපනය හදාරනු ලැබිය. අළගප්පා කලා විද්‍යාලයේ උසස් අධ්‍යාපනයට සඳහා එක් වන ඔහු එහිදී තොරගනු ලැබුවේ ආර්ථික විද්‍යා විෂයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සමයේ ඔහු නැති වේදිකාවක් නොවිය. වරක් මහේන්ද්‍රන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවකදී සිනමාව තුළ තිබෙන වාණිජමය ලක්ෂණයන් විවේනය කරමින් කථාවක් ඉදිරිපත් කරනු ලැබීය. තවද මාගේ බොහෝ මිත්‍රයන් ප්‍රේම කරනවා ඉන්පසුව ගම් වැසියන් ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා නමුත් එම්.ජී.ආර් පෙම්වතිය සමග ගී ගයමින් නටනවා ගම්මු ඒ දෙය රසවිඳිනවා යනුවෙන් උපහාසයෙන් ඔහු පැවසීය. එදින විශේෂ ආරාධිත දේශනය කිරීමට පැමිණ සිටියේ ද එම්.ජි.ආර් ය. මහේන්ද්‍රන්ගේ කතාවෙන් ප්‍රීතිමත් වූ එම්.ජි.ආර් අතිමහත් අයුරින් ඔහුට ප්‍රශංසා කළේය තව ද එම්.ජී මහේන්ද්‍රන් අනාගතයේදී හොඳ සිනමා විචාරයෙක් වීමේ සියලු සුදුසුකම් සපුරා ඇති බවත් ඔහු එහිදි ප්‍රකාශ කළේය. කාලය ගෙවි යන්නට විය, මහේන්ද්‍රන් සිය උපාධිය අවසන් කර මදුරෛ වෙත ගොස් නීතිය හදාරන්නට ආරම්භ කළේය. නමුත් ඇති වූ ආර්ථික අපහසුතා නිසා එය සත් මසකින් නවතා දමා සිය උපන් ගමට පැමිණ ඉනමුගම් නම් වු පුවත්පතක මාධ්‍යවේදීයෙකු ලෙස එක්විය. මේ අතරතුර එම්.ජී.ආර් විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකට මහේන්ද්‍රන් එක්විය. එම මාධ්‍ය හමුවෙන් අනතුරුව සිය නිවසට පැමිණෙන ලෙස මහේන්ද්‍රන්ට ඔහු විසින් ආරාධනා කරනු ලැබිය. එහිදී දමිළ සාහිත්‍යයෙහි එන කල්කි නම් වූ ලේඛකයා විසින් රචිත පොන්නියන් සෙල්වන් නම් වූ නව කතාව චිත්‍රපටියක් සඳහා වූ තිරපිටපතකට ප්‍රතිනිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත් අදාළ එම චිත්‍රපටිය රූගත කිරීමට නොහැකි විය. නැවතත් වතාවක් එම්.ජී.ආර් මහේන්ද්‍රගෙන් නාට්‍ය පිටපතක් ලියා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කළා. ඔහු විසින් අනාදෛගල් (අනාථයින්) නමින් පිටපතක් ලියා දුන් අතර, නමුත් එම්.ජී.ආර් මෙය චිත්‍රපටියක් ලෙස රූගත කිරීමට තීරණය කර වාල්වේ වා (ජීවිතය පැමිණෙන්න) යන නමින් චිත්‍රපටියේ රූගත කිරීම් ආරම්භ කරනු ලැබිය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලැබුවේ සාවිත්‍රී විසිනි. කෙසේ වෙතත් රූගත කිරීම් කළ හැකි වූයේ දින තුනක කාලයක් පමණයි. ඊට හේතුව වූයේ එම චිත්‍රපටිය සඳහා මුදල් ආයෝජනය කළ පුද්ගලයා මිය යාමයි. ඉන් පසුව එම්.ජී.ආර් හට කාංචි තලෛවන් චිත්‍රපටිය සඳහා එක්වන ලෙස ආරාධනා ලැබුණු අතර ඔහු එයට එක්වීමට පිටත්ව ගියේය. කාංචි තලෛවන් චිත්‍රපටියේ සහය අධ්‍යක්ෂක ලෙස මහේන්ද්‍රන්ව එක් කරගැනීමට එම්.ජී.ආර් එදා කටයුතු කරනු ලැබුවේ මහේන්ද්‍රන්ගේ අනාගතය ඔහු පැහැදිලිව දුටු නිසා විය යුතුයි.

කාලය පුදුමාකාරය ඔබට යමක් ලැබිය යුතුයි නම් එය අනිවාර්යයෙන් ලැබේ. නැතිනම් ආර්ථික විද්‍යාව හැදෑරු මහේන්ද්‍රන් කෙසේ සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන්න ද.? ඔහුට හමුවේ පැමිණි සියලු බාධක බිඳ දමමින්, 1966 වර්ෂයේ දී නාම් මූවර් (අප තිදෙනෙක්) නම් චිත්‍රපටියේදී ඔහුගේ කතාව ප්‍රථම වරට තිරගත කෙරුණි. එය සාර්ථක විය, අනතුරුව අවස්ථා බොහෝමයක් ගලා එමින් තිබුණි. දෙබස් රචකයෙකු ලෙසත් තිරපිටපත් රචකයෙකු ලෙසත් ටුක්ලක් නම් පුවත්පතේ සිනමා විචාරකයෙකු ලෙසත් ඔහු කටයුතු කරන්නට විය. අවංක පොලිස් නිලධාරියෙකු හා පාතාල ක්‍රියාවට සම්බන්ධ පුත්‍රයෙකු අතර ඇති වන ගැටුම සම්බන්ධයෙන් වූ නාට්‍ය පිටපතක් සිවාජි නාට්‍ය සංගමය වෙත ඔහු ලියා දෙනු ලැබුවේ දින පහක් වැනි කුඩා කාලයකින් වීම විශේෂත්වයක් විය. එහි සාර්ථකත්වය දුටු සිවාජි ගනේෂන් එහි ප්‍රධාන චරිතය තමන් විසින්ම කිරීමට භාරගැනීම මහේන්ද්‍රන්හට කිසි දිනක අමතක නොවනු ඇති. දින 100ක් මෙම නාට්‍ය වේදිකාගත විය. සියවන දිනය අවසානයේ සිවාජී ගනේෂන් විසින් මහේන්ද්‍රන් හට රන් මුද්දක් ද තෑගි කරනු ලැබිය. අනතුරුව මෙම නාට්‍ය පිටපත තංගපද්ක්කම් නමින් සිනමාගත වන්නට වූයේ මහේන්ද්‍රන් සැබෑ දක්ෂයෙක් යැයි හඳුන්වාදීමට අටුවාටීක්කා තවත් අවශ්‍ය නොවන බව පෙන්නුම් කරමින්ය. මේ අතරවාරයේ ජේ. මහේන්ද්‍රන් අලුත්ම වැඩකට අත්පොත් තැබුවේය. ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහායි. සහෝදරයෙකු හා සහෝදරියක අතර තිබෙන සෙනෙහස තේමාව කරගත් මුල්ලුම් මලරුම් නවකතාව පාදක කරගනිමින්, මීට අවුරුදු 41කට පෙර එනම් 1978 දී මුල්ලුම් මළරුම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේය, අදත් මහේන්ද්‍රන් කියු විගස කාගෙත් මතකයට පැමිණෙන්නේ මුල්ලුම් මළරුම්ය. එය දමිළ සිනමාවේ ප්‍රථම යථාර්තවාදී චිත්‍රපටිය ලෙසත් බොහෝ විචාරකයන් හඳුන්වා දෙනු ලබයි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රජිනිකාන්ත් විසිනි. එකල රජිනිකාන්ත් යනු ස්ටයිල් නළුවෙක් පමණයි. ඔහුව චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂකයා වෙත හඳුන්වා දෙනු ලැබුවේ මහේන්ද්‍රන් විසිනි. අද වනතුරු අපට රජිනිකාන්ත්ගෙන් එම චිත්‍රපටියේ දුටු රංගනයක් දැක ගත නොහැකි විය. එය ඒ තරම් විශිෂ්ඨ අයුරින් ඉදිරිපත් කර තිබුණි. අදටත් දමිළ සිනමාවේ විශිෂ්ඨ චිත්‍රපට අතරින් එක් චිත්‍රපටියක් ලෙස බොහෝ දෙනා යෝජනා එක එක් නමක් වේ නම් එය මුල්ලුම් මළරුම් චිත්‍රපටියයි.

තවත් නවකතාවක් අනුසාරයෙන් අධ්‍යක්ෂණය කළ උදිරිපූක්කල් චිත්‍රපටිය සති 25 ක් පුරාවට තිරගත විය. එම දශකයේ හොඳම සිනමා කෘතිය ලෙස හඳුන්වනු ලබන්නේ ද මෙම චිත්‍රපටියයි. මහේන්ද්‍රන්ගෙන් කවුරුන් හෝ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි අතරින් ප්‍රියතම චිත්‍රපටිය කුමක් දැයි විමසුවොත් ඔහුගේ මුවින් එකවර පිටවන්නේ උදිරිපූක්කල් යන නමයි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වැරදි අඩුවෙන්ම සිදු වූ චිත්‍රපටිය එය යනුවෙන්ය. අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක් අධ්‍යක්ෂණය කළ මහේන්ද්‍රන්ට 1980 වර්ෂය කිසිදිනක අමතක නොවුණ වසරක් විය. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙන්ජතෛ කිල්ලාදේ චිත්‍රපටිය චෙන්නායිවල පමණක් වසරක් පුරාවට තිරගත විය. එපමණක් නොව එම වර්ෂයේ හොඳම ප්‍රාන්ත සිනමාවට හිමිවන ජාතික සම්මානයෙන් ද එම චිත්‍රපටිය පිදුම් ලැබිය. 1980දී රජිනිකාන්ත් ද්විත්ව චරිතයෙන් හා ශ්‍රී දේවිගේ රංගනයෙන් තිරගත වූ ජොනි චිත්‍රපටිය ජනතාව අතර ජනප්‍රිය විය. ජාතික චිත්‍රපට සංගමයෙන් ලද මුල්‍යාධාර යටතේ 2006 වර්ෂයේදී සාසනම් නම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලැබිය. එය ඔහු අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටිය විය. හොඳ සිනමා කෘතියකට තමන්ව කැප කිරීමට සූදානමින් සිටි අධ්‍යක්ෂකවරයෙකුයි ආර්. මහේන්ද්‍රන්.

ජේ. ඇලෙක්සැන්ඩර් පාසල් සමයේ දක්ෂ ධාවන ක්‍රීඩකයෙකු ද වූ අතර, එකල ඉන්දීයාවේ දක්ෂ ධාවන ශූරයෙකුව සිටි එල්. මහේන්ද්‍රන්ට උපහාර කරනු පිණිස සිය නම ජේ. මහේන්ද්‍රන් යනුවෙන් වෙනස් කරගැනීමට ඔහු පෙළඹුණේය. 2004 වසරේ තිරගත වූ කාමරාජ් නම් චිත්‍රපටියේදී සිය සිනමා රංගන දිවිය ආරම්භ කළ ඔහු, නළුවෙකු ලෙස ජනතාව අතර දැඩි කතා බහකට ලක්වූයේ 2016 දී තිරගත වූ තෙරි චිත්‍රපටිය හරහායි. එහිදී වසරේ හොඳම දුෂ්ඨයාට හිමි සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවේය. තවත් නිමිර්, මිස්ටර් චන්ද්‍රමෝලි, සීතකාදී, බූමරං, පේට්ට යන දමිළ චිත්‍රපටිවලත් කට්ටමරායුඩු නම් තෙළිගු සිනමා පටයටත් සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු. මේ වනවිට පුගලේන්දි එනුම් නාන් නම් චිත්‍රපටියට ද ඔහු රංගනයෙන් දායක වෙමින් සිටියේය.

සැබෑ ජීවිතයේදී රන් ආභරණ, ඔරලෝසු වැනි දෑ පැළඳීමෙන් වැළකි සිටින ඔහු, තමන් විසින් තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටිවල එන වැදගත්ම චරිතයට ලක්ෂ්මි යන නාමය ඔහු විසින් ලබා දෙනු ලැබීම අපට නිතරම දැකගත හැකිය. ඊට හේතුව සෙන්තාමරෛ නම් නළුවාගේ සැබෑ නම ලක්ෂ්මි වීමයි. ඊට හේතුව සිවාජි නාට්‍ය සංගමයේ නියෝජිතයන් තමන් හමුවීමට කැඳවාගෙන ආවේ සෙන්තාමරෛ නිසාය. තමන් ජීවිතයේදී ස්තූතිවන්ත විය යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු නිතරම මතක් කරන නම් කිහිපයක් තිබේ. එම්.ජී.ආර්, සිවාජි, චෝ, යන අය ඒ අතර වෙයි. දමිළ සිනමාවේ සිටි හොඳම අධ්‍යක්ෂකවරුන්ගෙන් කෙනෙකු ලෙස මහේන්ද්‍රන් සෑම දිනකම වැජඹෙනු ඇති. සිනමාව පවතින තුරා ඔහුගේ නාමය රඳපවතිනු ඇති.

සටහන : ජෙගන් ගනේෂන්

Share

2 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.