ඔක්තෝබරයට අලුත්ම බොලිවුඩ් Horror Movie එකක්
චිත්‍රපට බලන රසිකයින්ගේ තියෙන්නේ විවිධ විදියේ රුචිකම්. එකිනෙකට වෙනස් ශානර වල චිත්‍රපට වලට ඔවුන්ගේ රුචිකත්වය වෙනස් වනවා. සිනමාව කර්මාන්තයක් ලෙසින් පවතින්න මේ හැම රසිකයෙකුටම ගැලපෙන නිර්මාණ බිහි වීමත් අවශ්‍යයි කියන කාරණය ලංකාවට මගහැරුනත් ඊට වඩා අතිශය දියුණු සහ විශාල කර්මාන්තයක් සහිත ඉන්දියාවට මගහැරිලා නැහැ. විවිධ අත්හදාබැලීම් බොලිවුඩ් සිනමාවේදී අපට නිරන්තරයෙන් හමු වන්නේ ඒ නිසාමයි. මේ විස්තර කියන්න සුදානම් වන්නේ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් ගැන.
Horror Films බලන්න ආසකරන සිනමා රසිකයින් මෑතකදී ලොකු උනන්දුවකින් හිටියේ හොලිවුඩ් නිර්මාණයක් වුනු The Nun චිත්‍රපටය ගැන. නමුත් බලාපොරොත්තු වුනු තරම්ම චිත්‍රපටය සාර්ථක නැහැ කියලත් බොහෝ ප්‍රේක්ෂකයින් දෝෂාරෝපණය කරලත් තිබුනා. Social media හරහා අදහස් දක්වා තිබුණු බොහොමයක් දෙනාගේ මතය වුනේ “Horror වුනත් ඒ film එක බැලුවට බය හිතෙන්නේ නැහැ” කියලයි. කොහොම වුනත් මේ Horror රසිකයින් වෙනුවෙන් බොලිවුඩ් සිනමාවේ අලුත්ම නිර්මාණයක් සුදානම්. තවත් දවස් පහකින් ඒ කියන්නේ ඔක්තෝබර් 12 වැනිදා චිත්‍රපටය තිරගත කිරීමට සියල්ල සුදානම්. වෙනස්ම කතාවක් සහිත මේ චිත්‍රපටයේ නම Tumbbad. 1920 දශකයේ සිදුවන සිදුවීමක් පෙර පරම්පරා තුනක් එක්ක ගටගහිම නිසා සිදුවන අලකලංචි ගොඩක් එක්ක තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ජනප්‍රිය මරාති නවකතාවක් වුනු “Tumbadche Khot” ඇසුරින් මේ චිත්‍රපටයේ තිර රචනය සකස් වෙලා තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Rahi Anil Barve විසින්. නමුත් Anand Gandhi මෙහි නිර්මාණ අධ්‍යක්ෂ (Creative director) විදිහට සම්බන්ධ වෙනවා. Sohum Shah චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක්වනවා. Harish Khanna, Rojini Chakraborty, Anita Date, Mohd Samad ඇතුළු පිරිසක් අනිකුත් චරිත වලට දායකවී තිබෙනවා. Pankaj Kumar කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුනු චිත්‍රපටය මිනිත්තු 104ක ධාවන කාලයකින් යුක්තයි.
Written by Nisanka Weheraduwa