කදිර දිව්‍යරාජ – දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම

Avatar Kavinu Weerakkody | August 6, 2023 10445 Views 9 Likes 2.75 On 8 Ratings

10445 Views 2.75 On 8 Ratings Rate it

සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය, “කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” පසුගිය අගෝස්තු 03 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා. කදිර දිව්‍යරාජ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ මෙරට ජනප්‍රවාදයේ එන ප්‍රසිද්ධ දේව කතාවක් වන, ශ්‍රී ස්කන්ධ (කඳ සුරිඳු) සහ වල්ලි මාතාවගේ කතා පුවතයි.

දෙවි කෙනෙකුට පෙම් කළ දෙවි කෙනෙකුගේ ප්‍රේමය ලද එකම මනුෂ්‍ය ස්ත්‍රිය ‘වල්ලි’ සහ මනුෂ්‍ය ස්ත්‍රියකගේ ආදරයේ ප්‍රාතිහාර්යය විඳීමටදෙව්ලොවින් මනුලොවට පැමිනි ‘ස්කන්ධගේ’ අපූර්ව ප්‍රේම වෘතාන්තය මෙම චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැකියි.
පැවසෙන අන්දමට, සිංහල සිනමාවට නැඟුනු මුල්ම දේව කතාවක් ඇතුළත් සිනමාපටය වන්නේ ද මෙයයි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ භාරතීය නලු නිළියන් මිස මෙරට රංගන ශිල්පීන් දෙපළක් නොවෙයි. ඉන්දියානු වෙළඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් වන සමර් විර්මානි (Samar Vermani), ස්කන්ධ හෙවත් කඳ සුරිඳුගේ චරිතය රඟන අතර ඔහු මීට පෙර එරට වෙබ් කතාමාලා කිහිපයකටම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
වල්ලි මාතාවගේ භූමිකාව රඟපාන්නේ සෝනාක්ෂි රාවත් (Sonakshi Rawat) නැමැති තවත් දකුණු ඉන්දියානු නිළියක විසිනුයි. ඔවුන් දෙදෙනාම සම්බන්ධ වන පළමු විදේශීය සිනමාපටය කදිර දිව්‍යරාජයි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙ හි නිල පූර්ව ප්‍රචාරක පටය:

කදිර දිව්‍යරාජ තිර පිටපත වසර 4-5කට වැඩි කාලයක් පර්යේෂණ කරමින්, කරුණු සොයමින් ලියූවක් වන අතර ඉන්පසුව වසරකට අධික කාලයක් පුරාවට, රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය සහ මෙරට දකුණු පළාත ආශ්‍රිතව චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවුනා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට අමතරව දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි. මෙය ඔහුගේ 25වන සිනමා අධ්‍යක්ෂණය වීම තවත් සුවිශේෂීත්වයක්!

1978 වර්ෂයේදී අනූපමා සිනමාපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු සරුංගලේ, බඹර ගීතය, උප්පලවණ්ණා, කුස පබා, පත්තිනි, විජයබා කොල්ලය වැනි ලාංකීය වාණිජ සිනමාවේ ජනප්‍රිය නිර්මාණ ගණනාවක් අධ්‍යක්ෂණය කළා. කදිර දිව්‍යරාජ, මෙම වසර තුළ තිරගත වන සුනිල් ආරියරත්නයන්ගේ දෙවන චිත්‍රපටයයි. මීට පෙර පසුගිය මැයි මාසයේදී දිවයින පුරා ප්‍රදර්ශනය වූ ‘ක්ෂීර සාගරය කැළඹින’ අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි.

කඳ සුරිඳුගේ චරිතය රඟන සමර් විර්මානි සහ වල්ලි මාතාවගේ චරිතය රඟන සෝනාක්ෂි රාවත් හැරුනුකොට මෙරට ජනප්‍රිය නලු නිළියන් බොහෝමයක් කදිරි දිව්‍යරාජ හි රංගන දායකත්වය ලබා දෙනවා.
නාරද ඍෂි ලෙසින් ජගත් චමිල
ගණ දෙවිඳු ලෙසින් හශාන් රත්නායක
අසුර සේනාවේ නායක- තාරක අසුර ලෙසින් වසන්ත කුමාරවිල
මහා බ්‍රහ්මයා ලෙසින් සම්පත් තෙන්නකෝන්
ශිව දෙවිඳු ලෙසින් සමිත හෙට්ටිගේ
දුටුගැමුණු කුමරු ලෙසින් චරිත් අබේසිංහ
කතරගම දෙවිඳුගේ බිරිඳ- තේවානි මාතාව ලෙසින් නදීපා රණසිංහ මෙයින් රසිකයින්ට දැකගත හැකියි. එමෙන්ම රොශාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදාරි සිරිවර්ධන, රංගි රාජපක්ෂ සමඟින් ෂෙල්ටන් කැකුලාවල ආදී ප්‍රසිද්ධ ලාංකීය නලු නිළියන් ගණනාවක්ම මෙම චිත්‍රපටයට සම්බන්ධව සිටිනවා.

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ කණ්ඩුල හස්ති රාජයාව නිරූපණය කරන්නේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියායි.

නිරෝෂා විරාජිනී ගායනයෙන්, රෝහණ වීරසිංහයන් ගී තනු නිර්මාණකරණයෙන් හැඩවුනු ‘රෑන ගිරවුනේ’ ගීතයෙන්…

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ චන්න දේශප්‍රිය විසිනි. ධම්මික හේවාදුත්ත කලා අධ්‍යක්ෂණයෙන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වනවා. නිමල් විජේසිරි සේනාධීර චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුයි. රවීන් කනිෂ්ක – නිරෝශා විරාජිනී ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනය සිදු කරනවා. සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසිනි. සටන් අධ්‍යක්ෂකවරයා සුමුදු අමල්කයි. චමත් පරණවිතාන චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයකරණයට එක්ව තිබෙනවා.
සංඛ අබේසිංහගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුනු කදිර දිව්‍යරාජ සිනමාපටයෙ හි සහාය අධ්‍යක්ෂකවරයා විමල් දේශප්‍රියයි. ප්‍රියන්ත දිසානායක මෙහි වේෂ නිරූපණ ශිල්පියායි. ඇඳුම් නිර්මාණකරණය වෙනුක වික්‍රමාරච්චිගෙනි.

Raigam Creations වෙනුවෙන් ‘කදිර දිව්‍යරාජ’ නිෂ්පාදනය කරන්නේ ආචාර්ය රවී ලියනගේ විසිනුයි.

PVR, KCC, Scope ඇතුළු දිවයින පුරා සිනමාහල් 60කට අධික ප්‍රමාණයකදී චිත්‍රපටය සාර්ථකව තිරගත වන අතර පහතින් දැක්වෙන්නේ එය ප්‍රදර්ශනය වන සිනමා හල්වල සම්පූර්ණ ලැයිස්තුවයි.

සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත
සැවෝයි ප්‍රිමියර් – රාජගිරිය
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
සිනෙමැක්ස් – ජාඇල
සිනෙක්ස්පෝ – කුරුණෑගල
සැවෝයි මෙට්‍රෝ – මහරගම
විල්මැක්ස් – අනුරාධපුර
ජෝති – රත්නපුර
රීගල් – අම්බලන්ගොඩ
සැවෝයි – වැල්ලවත්ත
PVR – කොළඹ
KCC – මහනුවර
නිව් ඉම්පීරියල් – කුරුණෑගල
නිව් ඉම්පීරියල් – රත්නපුර
නිව් ඉම්පීරියල් – යටියන්තොට

ලිබර්ටි – කොල්ලුපිටිය
ඇමිටි ලයිට් – මහරගම
විස්ටා ලයිට් – ජාඇල
මැක්ස් ලයිට් – මොරටුව
වොක්ස් ලයිට් – අවිස්සාවේල්ල
ස්කයි ලයිට් – මාළඹේ

සිටිලයිට් සිනමා – ගල්කිස්ස
ප්‍රිස්කා – කලුතර
SK – මාතර
නිව් ටවුන් – ඇඹිලිපිටිය
ජයබිම – ගම්පොල
ලක්බිම – කුලියාපිටිය
රීගල් – ගම්පහ
නිව් සීගිරි – කටුගස්තොට
නිකාඩෝ – කඩවත
ලේඛා – හෝමාගම
CK – කිරිඳිවැල
සිනෙල්මා – බදුල්ල
රීගල් – කටුබැද්ද

MC Gold – කොළඹ
රීගල් – දෙමටගොඩ
රීගල් – නුවරඑළිය
EDC – කැකිරාව
ප්‍රින්ස් – ගාල්ල
විජේන්ද්‍ර – අනුරාධපුර
රමෝගා – වෙන්නප්පුව
නිව් රෝහණ – තිස්සමහාරාමය
රූ සිනමා – කටුනායක
HR – දික්වැල්ල
දිනූෂා – නාවලපිටිය
රමෝගා – හලාවත
නිව් ලයින් – දඹුල්ල
චාන්දනී – වැලිගම

රීට්ස් – බොරැල්ල
රිකී – කොටුව
වින්ස් – වාද්දූව
එමේස් – මොරටුව
සරසවි – අලව්ව
හිමාලි – කිරිබත්ගොඩ
ප්ලාසා – කලුතර
මිලානෝ – කෑගල්ල
රෝයල් – මීගමුව
ශ්‍රියා – වාරියපොල
චම්පිකා – ඉංගිරිය

Share

10445 Views 2.75 On 8 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.