කාසි වාසි දැන් තිරගත වේ – සිකුරු හතේ රසය නැවතත්
සිකුරු හතේ – සුහද කොකා – කතුරු මිතුරු තුළින් ඔබට හුරුපුරුදු හාස්‍ය රසය, යළිත් එලෙසින්ම ඔබට සමීප කරන අපූරු සිනමාපටයක් දිවයින පුරා සිනමා හල්වලදී දැන් තිරගත වනවා.
ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ගිරිරාජ් කෞෂල්‍යගේ තිර රචනයෙන් හැඩ වුනු කාසි වාසි නවතම සිංහල සිනමාපටයයි.
අමරබන්දු මුදලාලි සහ දිනෙන් දින පාඩු වන ඔහුගේ මල් ශාලාව වටා ගෙතෙන කාසි වාසි චිත්‍රපටයට මෙරට ජනකාන්ත නලු නිළියන් රැසක් රංගනයෙන් එකතු වනවා. අමරබන්දු මුදලාලි තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්නට කෙතරම් උත්සාහ දැරුවත්, ඔහුගේ ගෝලයන්ගේ වැඩ නිසා මල් ශාලාවට ඇති වෙන්නේ අලාභ පමණමයි.
බාසුන්නැහේ, ගෝලයා පින්තු සහ අවමංගල රථය පදවන රත්නාගේ මෝඩ පහේ වැඩ නිසා අමරබන්දු මුදලාලිට අත්වන නිමක් නැති කරදර තොගය ගැනයි, කාසි වාසි චිත්‍රපටයෙන් ඔබට කියන්නේ…
සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ මෙරට සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් සිව්දෙනෙකු වන ගිරිරාජ් කෞශල්‍ය – සරත් කොතලාවල – රොඩ්නි වර්ණකුල සමඟින් ප්‍රියන්ත සෙනෙවිරත්න යි. මීට අමතරව ගිහාන් ප්‍රනාන්දු, සංගීත් ප්‍රභූ, සම්පත් ජයවීර, නිරෝෂා තලගල, නෙතෙලී නානායක්කාර, සැනට් දික්කුඹුර, ඩී බී ගංගොඩතැන්න වැනි නලු නිලියන් රැසක් කාසි වාසි චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකියි.
කාසි වාසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියම ටෙලි නාට්‍යකරුවෙකු වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසිනුයි. හාර කෝටිය, නාඩගම්කරයෝ, පාර දිගේ, සල්ලි පොකුරු, ආලවන්තී වැනි ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි.
සිනමා තිරයේ ජනප්‍රිය කිං හන්තර් – කෝ මාර්ක් නෝ මාර්ක් – පහ සමත් චිත්‍රපටය නිර්මාණය කළේ ද ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසිනි.
ආරම්භයේ සිට අවසානය දක්වාම, සිනහා වෙමින් විනෝදයෙන් නැරඹිය හැකි අපූරු සිනමා අත්දැකීමක් ඔබට ලබා දෙන කාසි වාසි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහත සබැඳියෙන් >>>>>>>
කාසි වාසි චිත්‍රපටයේ කතාව සහ තිර රචනය සිදු කළේ මෙහි ප්‍රධාන චරිතය රඟපාන ගිරිරාජ් කෞෂල්‍යයි. තුසිත අනුරාධ සහ ප්‍රභාත් දර්ශන කැමරාකරණයෙන් එක්වූ අතර සංස්කරණය අජිත් රාමනායකයි. වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂණයෙන් සහ මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වනවා. නිෂ්පාදන කළමනාකරණය ධම්මික ගුණසේන යි. විහඟ මුතුතන්ත්‍රීගේ සංගීත අධ්‍යක්ෂණයට සජිත අනුත්තර, අමන්ද්‍යා උත්පලී, රොඩ්නි වර්ණකුල ඇතුලු පිරිසක් කාසි වාසි චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයෙන් එක්වනවා.
කාසි වාසි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඉම්පීරියල් සිනමා වෙනුවෙන් අනුරාධ බී රැකව සමඟින් ශ්‍රී ලාල් වික්‍රමගේ යි. මීට පෙර සිකුරු හතේ චිත්‍රපටය ඔබට සමීප කළේත් අනුරාධ බී රැකව – ගිරිරාජ් කෞෂල්‍ය සුසංයෝගයෙනු යි.
Regal, Savoy, Lite Cinemas ඇතුලු දිවයින පුරා සිනමා හල්වලදී දැන් ඔබට මේ අපූරු සිනමා නිර්මාණය රස විඳින්නට පුලුවන්.
Written by Kavinu Weerakkody