කෙටි චිත්‍රපට දෙකක් සමග සංවාදයක් කොළඹදී
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කරන වැඩසටහනක මෙවර විශේෂාංගය කෙටි චිත්‍රපට සඳහා වෙනකොට තිබෙනවා. ඒ යටතේ අජන්තා විජේවර්ධන නිර්මාණය කළ “එහෙම නොවුණු එහෙම දෙන්නෙක්” කෙටි චිත්‍රපටය සහ අමිල චින්තක ගමගේ නිර්මාණය කළ “මගේ අනෙකා” කෙටි චිත්‍රපට ද්විත්වය තිරගත කෙරෙනු ඇති.
චිත්‍රපට දෙක පිළිබඳව සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි. සුනන්ද මහේන්ද්‍ර, බුද්ධදාස ගලප්පත්ති, භූපති නලින් වික්‍රමගේ, මිලින්ද රාජපක්ෂ, ප්‍රියන්ත කොඩිප්පිලි, ගුණසිරි සිල්වා සහ ඩිල්ශානි චතුරිකා දාබරේ මෙම අවස්ථාවේ සංවාදය සඳහා එක්වනු ඇති. ගාමිණී කන්දපොල විසින් මෙහෙයවන වැඩසටහන පිලිබඳ වැඩි විස්තර 0775554365 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
අගෝස්තු 06 වැනිදා සවස 4.00ට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණෙන ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa