කොකේන් සමග හසුවූ “නිළිය කවුද..?

Avatar Nisanka Weheraduwa | March 5, 2019 24 Views 0 Likes 0 Ratings

24 Views 0 Ratings Rate it

ෆේස්බුක් හරහා පසුගිය 03 වෙනිදා මාතර පොල්හේන්ගොඩදී සංවිධානය කරතිබූ සාදයකදී කොකේන් පානය කරමින් සිටි තරුණ තරුණියන් 16 දෙනෙකු සමග නිළියක් අත්අඩංගුවට පත්වූවායැයි යන පුවත , මේ වනවිට මාධ්‍යය ක්ශේත්‍රය තුල මෙන්ම කලා ක්ශේත්‍රය තුලද ආන්දෝල්නාත්මක කතිකාවක් මැවීමට සමත්ව ඇත. අත්අඩංගුවට පත් 17 දෙනා අතර සිටි එක් තරුණියක් “ජනප්‍රිය නිළියක්” ලෙසින් පොලිසිය විසින් හැදින්වීමත්, එහෙත් එකී නිළියගේ නම නොමැතිව මාධ්‍යයන්ට තොරතුරු ලබා දීමත් නිසාවෙන් මෙම පුවත කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. එහෙහින් මෙම නිළිය කවුරුන්ද යන වග දැන ගැනීමට බොහෝ පාර්ශවයන් උත්සුක විය. මේ අතර තුර බන්ධනාගාරගත කර සිටින අදාල නිළියගේ නම නිවැරැදිව  සොයා ගැනීමට නොහැකි වූ ඇතැම් ගොසිප් වෙබ් අඩවි සහ දේශපාලන  ෆේස්බුක් පේජ් , තමන්ට රිසි පරිදි නිළියන්ගේ නම් ඇඳාගනිමින් අසත්‍ය තොරතුරු සුපුරුදු පරිදි සමාජගත කරමින් ඩිජිටල් පාඨකයින් වැඩිකරගැනීමේ උත්සාහයක නිරතව ඇති අයුරු දක්නට ලැබුනි. ඒ අනුව දේශපාලන මතවාදයන් හේතුවෙන් ආන්දෝල්නාත්මක චරිතයක් වන සමනලී ෆොන්සේකාගේ නම මෙයට ඇදා සමාජ ගත කිරීමට , ඇයට ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන කණ්ඩායම් උත්සාහ දැරූ අතර, එහෙත් එය දැනගත් විගසම ඇය  සිය ෆේස්බුක් ගිණුම හරහා “Serve them with a smile even when they want you to collapse…!” 😙 😙 😙 😙 ” යන සටහනක් යොදමින් එය ප්‍රතික්ෂේප කලාය. ඉන් අන්තුරුව ගොසිප් වෙබ් අඩවි එකී බන්ධනාගාර ගත නිළිය යුරේනි නොෂිකා බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරුවද , ඇය සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රේක්ෂකයන් අමතමින් එය බොරු පුවතක් බව සනාත කලාය. ඉන් අනතුරුව අද දින අදාල චෝදනා ලද නිළියගේ සැබෑ නම වත්තල පදිංචි ” ශානිකා මධුවන්ති” ලෙස පොලිසිය විසින් මාධ්‍යයන්ට ලබා දී  ඇති තත්වයක් තුල වුවද  , ඇතැම් සමාජ ජාලා “ශානිකා මධුවන්ති” ගේ ජායාරූප නිවැරැදිව සොයා ගැනීමට නොහැකි තැන රංගන ශිල්පිනී හිමායා බණ්ඩාරගේ (තරුණ ගුරුතුමිය- දෙවෙනි ඉනිම) ජායාරූප යොදාගනිමින් ,එකී චෝදනා ලද නිළිය හිමායා බණ්ඩාර බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීය . එහෙත් එකී පුවත්ද අසත්‍ය බව සනාථ කරමින් ඇය සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවීව ප්‍රේක්ෂකයන් ඇමතීය.

මේ අනුව මෙතෙක් සමාජ ජාලා සහ ඩිජිටල් මාධ්‍ය හරහා පැතිරවූ කටකතා සියල්ල අසත්‍ය බව හෙළිව තිබේ.

Share

24 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.