කොවිඩ් වසංගතය හමුවේ ලාංකීය සිනමාවේ හෙටදවස…???
ලොවපුරා පැතිරයන ගෝලීය වසංගත තත්වය සමග සෑම රටකම, සෑම ක්ෂේත්‍රයක්ම පාහේ අර්බුදයකට ලක්වුනා. විනොදාස්වාදන ක්ෂේත්‍රයත් එසේමයි. ලංකාවෙත් මේ තත්වයේ කිසිදු වෙනසක් නැහැ. මාර්තු පාසයේ සිනමාහල්, නාට්‍යශාලා ආදිය වසා දැමීමෙන් පසුව නැවත අගෝස්තු මාසයේ ඒවා විවෘත කෙරුනා. ක්‍රමයෙන් නැවත ප්‍රේක්ෂකයන් සිනමාහල් සහ රංගශාලා වෙත පැමිණීමට ඇරඹියත්, කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමගම නැවත වරක් සිනමාහල් වසා දැමුනා. මේ පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීමත්, නිසි අවධානයක් නොලැබීමත් හේතුවෙන් කර්මාන්තයේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවක් පවතින නිසා ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්හි අවධානය යොමුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්ව තිබෙනවා.
කොවිඩ් වසංගත අභියෝග හමුවේ සිනමා කර්මාන්තයේ පවතින අර්බුදය, පීඩාවට පත් විවිධ පාර්ශවකරුවන්ගේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න, වත්මන් අර්බුදයෙන් ගොඩඒමට ක්‍රියාත්මක කළ හැකි දිගුකාලීන සහ කෙටි කාලීන පියවර මොනවාද වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්චා කෙරෙන මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, බෙදාහරින්නන් සහ ප්‍රදර්ශනකයින් එක්ව පැවතෙන මෙම මාධ්‍ය හමුව දෙසැම්බර් 02 වැනිදා සවස 3 සිට ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතයි. පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වන ලෙස මාධ්‍යවේදීන් සන සිනමා ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට ඇරියුම් කෙරෙනවා.
Written by Nisanka Weheraduwa