ගින්නෙන් උපන් සිතල – ජ.වී.පෙ. සපත්තුවේ හැඩයට, කකුල කපාගැනීමක්

Avatar Nisanka Weheraduwa | February 7, 2019 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ

********************************************

රෝහණ විෙජ්වීර හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුල්ලංඝනීය නායකයාගේ ජීවන චරිතය පාදක කර ගනිමින් නිමැවුණු බව කියන ගින්නෙන් උපන් සීතල සිනමාපටය මෙරට සංස්කෘතික කතිකාව උණුසුම් කර තිබේ. එහෙත් බොහෝ දුරට සිනමාපටය සම්බන්ධ අදහස් ඒකතානමය බව පෙනේ.
අපගේ අදහස ගුණ-දොස් විචාරයක් කිරීම සිනමාපටයක් තිරගත වූ සැණින් නොකටයුතු බවය. අප වැනි චූල ප්‍රේක්ෂාවක් සහිත රටක පුදන කොට ම කාපි යකා පන්නයේ විචාර, කර්මාන්තයක් ලෙස සිනමාව තවත් අඩපණ කරනු ඇති බැවිනි. “ගුණ-දොස්” විචාරීමට පොදු සම්මුතියක් ඇති කර ගන්නේ නම් වඩාත් උචිත බව අපගේ වැටහීම ය. “ගුණ” විචාර සම්බන්ධයෙන් නම් එවැනි වාරණයක්, සම්මුතියක් අවැසි නොවේ.
ජනතා විමුක්ති පෙරමුණ අමතක කොට, විෙජ්වීර දේශපාලනය අමතක කොට සිනමාපටය දෙස බලන්නැයි යනුවෙන් නිර්දේශයක් දකින්නට ලැබුණි. එය අතිශය පුදුම එළවන සුළු ප්‍රකාශයකි. මූලික වශයෙන් ම මෙය චරිතපදාන සිනමාවක් බව ඔවුන් අමතක කරන බව පෙනේ.
රෝහණ විෙජ්වීර ගැන චරිතාපදානමය සිනමාවක් ගොඩනැගෙන්නේ ඇයි?
මාක්ස්වාදීන් හොඳින් ම දන්නා පරිදි සාමාන්‍ය සහ විශේෂිතය යනුවෙන් සංකල්පයකි. සාමාන්‍ය කන, බොන, නිදන, රමණය කරන, මරණය දකින මිනිසුන් අතර විෙජ්වීර යනු විශේෂිතයකි. නැතක් වෙනත් වීරලා ඉපිද මියෙන්නට ඇති මුත් ඔවුන් සාමාන්‍යයි.
විෙජ්වීර විශේෂිත වූයේ ඇයි?
හේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින්, ඒ වෙත අනුගාමිකයන් දිනාගනිමින් දේශපාලන බලවේගයක් ගොඩනැගුවේ ය. යම් බඳු කාලවකවානුවක ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු ද්වන්ධ බලයෙහි එක් පාර්ශ්වයක් නියෝජනය කරන්නට තරම් එය ද්‍රව්‍යමය වශයෙන් බලසම්පන්න විය. එකී බලය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය වූ විෙජ්වීර අමතක කර සිනමාපටය නැරඹිය යුත්තේ කුමන ඇන්නෑවකට ද?
චරිතාපදානමය සිනමාපටයක වේවා අනෙක් ඕනෑ ම සිනමාපටයක් වේවා කවර හෝ දෘෂ්ටියකින් නිර්මාණය කළ හැකි ය. එසේ නිමවීද තිඛෙයි. චරිතහිමියා පිරිහෙළා සේ ම ඔහු ඔජවඩා ද නිර්මාණය කළ හැකි වෙයි. එහි වරදක් ද නොවෙයි. නමුත් එසේ ආන්තික වන අගතිගාමී වන කලා නිර්මාණයක් සද්කලා කෘති අතරට ගැනෙන්නේ නැත. ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස දැක්වෙන්නේ නැත.
විෙජ්වීර සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් 71 අප්‍රේල් කැරැල්ල ආශ්‍රයෙන් ම මීට වෙනත් කලාපයක නිදසුනක් සපයා ගත හැකි ය. 71 සම්බන්ධයෙන් 88-89 සහ උතුරේ අරගලයට වඩා ලේඛන බිහි වුණ බව නිරීක්ෂණය කළ හැකි ය. මේ ලේඛන සියල්ල ම පාහේ එක් හෝ තවත් පාර්ශ්වයක් කෙරේ නැමුණු අගතිගාමී ඒවා බව පෙනෙයි. ජ.වි.පෙ පාර්ශ්වයෙන් ලියැවුණු ලේඛන එක් අන්තයකත්, වික්ටර් අයිවන් වැනි අය අතින් ලියැවුණු ඒවා තවත් අන්තයකත් තිබේ. නමුත් කැරැල්ල සම්බන්ධ නඩුවේ ද විනිසුරුවරයෙකු වූ ඒ.සී. අලස් මහතාගේ කෘතිය කැරැල්ල ගැන වඩා මැදහත් ව බැලුවක් බව පෙනේ. එනයින් එය අනෙක් කෘතීන්ට වඩා ඉහළ අගයක් ගනී.
“ගින්නෙන් උපන් සීතල” එවැනි දෘෂ්ටිමය අගතියකින් තොරව මැදහත් ව විෂය දෙස බැලු සිනමාපටයක් නොවේ. එය කුරුළු ඇසින් නොව ජ.වි.පෙ ඇසින් බැලුවකි.
සිනමාපටය පුරාවට ම එහි අවසානය දක්වා ම විෙජ්වීර නිරූපණය කර ඇත්තේ සිහිනෙන්වත් වරදක් නොකරන සාධු චරිතයක් ලෙසිනි. දේවල් මෙහි දැක්වෙන තරම් සුමට වී ද? සිරගතව සිටිය දී සිරගෙදර ඇතුළත දේශපාලනයේ සිට බෝපගේලාගේ විමතිකභාවය දක්වා සියල්ල සිදුවීම් මෙතරම් සොඳුරු ලෙස සිදුවී ද? ප්‍රකට නාමික නන්දන මාරසිංහ හේතු යුක්ත නොදක්වා ම සිනමාපටයේ අතුරුදන් කෙරී ඇත්තේ කවර නම් න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ද?
රටෙහි තීරණාත්මක බල හුවමාරු අවස්ථාවක් නිර්මාණය කළ විප්ලවකාරී දේශපාලන සංවිධානයක්, මෙහි එන්නේ ගමේ මරණාධාර සමිතියක ව්‍යුහයකට වඩා සියුමැලිව ය. පෙර වාම කඳවුර සමග තිබූ බලඅරගලය, පෙර වමෙන් මිනිසුන් සේ ම රක්ත වර්ණය දිනාගැන්මේ බලඅරගලය, පෙර වමෙන් ශිෂ්‍ය ව්‍යාපාරය දිනාගැනීමට කළ බලඅරගලය, තමන්ගේ ම විමතිකයන් හා වූ බලඅරගලය මෙතරම් සුමට වී යැ යි කියන්නේ නම් එය විසිළුවකි. දැවැන්ත රාජ්‍ය මර්ධනයක් ඉදිරියේ දේශපාලන මණ්ඩලයක හැසිරීම මෙලෙස වී නම් එය කඳුළු නංවන ඛේදවාචකයකි.
හයිඩ් පිටියේ දී “ගජබාව අවුරෝරාවක් වේවා. ඇචිලන් චතුරස්‍රය පෙත්‍රොගාද් ගැරිසනයක් වේවා” යි හ`ඩ නැංවූ විෙජ්වීරට ඓන්ද්‍රීය සම්බන්ධයක් නැතිව, කොටින් ම දේශපාලන මණ්ඩලයට පවා සම්බන්ධයක් නැති ව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ක්‍රියාකාරී වූ බව සිනමාපටය අපට කියයි. කීර්ති විෙජ්බාහු හෙවත් කබ්රාල් හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දුගේ අණසකට යට වූ පෙන්දෙක් ද, විෙජ්වීර? එසේ කිව හැක්කේ තහනම් සමයේ ව්‍යාපාරය විසින් නිකුත් කළ “රණ හඬ” ඔස්සේ විකාශය කළ කැසට්පටයකටවත් සවන් නොදුන්නෙකුට පමණි.
අතිශය කැපකිරීම්සහගතව ප්‍රබල පෙර වාමාංශය සතුව තිබූ රතු පැහැයත්, විප්ලවයේ ගිනිසිළුව ශිෂ්‍ය ව්‍යාපාරයත්, ද්විත්ව බලයේ පාර්ශ්වයකුත් නියෝජනය කළ රැඩිකල් දේශපාලන ව්‍යාපාරයේ නායකයා මෙතරම් සීතල ද?
නැත. මේ අරගලය එතරම් සුමටව තිබුණේ නොවේ. රෝහණ විෙජ්වීර නම් විප්ලවකාරී චරිතය, ඔව්, ඔහු විප්ලවකාරයෙකි. මෙතරම් ඔතෑනියෙකු නොවේ. සෞන්දර්යාත්මක ආරලූ-බුරලූවලින් වැසීමට තරම් මෙය දුර ඉතිහාසයක් ද නොවේ. ෂන් සහ ප්‍රේමාලාල් කුමාරසිරිගෙන් ඉකුත් ව සිය දේශපාලන ව්‍යාපාරය කෙරෙහි පෙර වමේ කාඩරය දිනාගැනීමට කළ සුමට උත්සාහයන් තිබුණේ චිත්‍රපටයේ නොපෙන්වන මුල් අර්ධයේ ය.
පෙර වමේ 100 ආසන්න නායක-කාරකාදීන් ද, නන්දන මාරසිංහ ප්‍රමුඛව සිය විමතිකයන් ද, විජය කුමාරතුංග ප්‍රමුඛව සංස්කෘතික කලාපයේ මිනිසුන් ද, දයා පතිරණ ප්‍රමුඛව ජාතික ගැටලූවේ දී සිය විමතිකයන් ද මරා දැමුණේ “ද්‍රෝහීන්ට දඩුවම මරණය” කියා මිනිසුන් මරා දැමුණ මේ යුගයේ දී මය. එච්.කේ.ටී. සිරිසේන වැනි අරගලයට කිසිදු ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති නිකැළැල් වාම නායකයන් මරා දමා දණිහෙන් උඩට මිනිය නොගන්නැ යි කීවේ ද මේ යුගයේ ය.
මේ සිනමාපටයන් සඟවන ඒ සමයට ද නායකත්වය දුන්නේ රෝහණ විෙජ්වීර මිස අනෙකෙකු නොවේ.
ඔව්. ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම වෙනුවෙන් පිඹුරුපත් සකසා, තමන් නායකත්වය දුන් 83Z කළු ජූලියේ බර ජවිපෙ පිට පටවා මර්ධනය ගෙනාවේ ෙජ්.ආර් ජයවර්ධන ජුන්ටාව බව අපි දනිමු. සැට දහසක් තරුණ ජීවිත බිලිගෙන අනීතික සහ ම්ලේච්ඡ ලෙස විෙජ්වීර ඇතුළු ජ.වි.පෙ නායකත්වය මරා දැමුවේ එක්සත් ජාතික පක්ෂ රෙජිමය බවට කිසිදු සැකයක් ද නොවේ.
එහෙත් මේ අරගලයේ ප්‍රතිපලවලට අදාළව ජනතා විමුක්ති පෙරමුණ සේ ම රෝහණ විෙජ්වීර සතුව ද හිමිකාරීත්වයක් තිබේ. එය මැදහත් ව බලන්නට අධ්‍යක්ෂවරයාට නොහැකි ව තිබේ. එසේ මැදහත් ව නොබලා විෙජ්වීර සාධකය සෞන්දර්යකරණය කරන්නට ඔහු සහ පිටපත් රචකයා වෑයම් කර ඇති බව කිව යුතු ය. එනිසාවෙන් මේ කෘතිය සද්කලාකෘතියක් යැ යි හැඳින්විය නොහැකි වෙයි. එය දැන හෝ නොදැන ජනතා විමුකිති පෙරමුණ දැන් පසුබසිමින් සිටින මැදපන්තිය දිනාගෙන යෑමේ දේශපාලන ගමන සහ මොනවට පෑහෙන්නකි. සිනමාපටයෙන් කර ඇත්තේ සැබෑ විෙජ්වීර චරිතය මත සෞන්දර්යාත්මක අයිසින් තට්ටුවක් ආලේප කිරීමකි.
“ගින්නෙන් උපන් සීතලෙහි” කලාත්මක පාර්ශ්වය දෙස බලද්දී උක්ත කරුණු හේතුවෙන් සිනමා තිරරචනය අසාර්ථක, ආන්තික සහ පර්යේෂණ හීන එකක්ව ඇති බව කිව යුතු ය. තිරරචනය මැදහත් දැක්මකින් අනුගාමික දැක්මකට පොලා පැන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානය යාන්ත්‍රණය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන නිර්මාණකරුට ඇති දැනුමද දුප්පත් බව පෙනේ. දේශපාලන මණ්ඩලය රැස්වන ආකාරයම ඊට නිදසුනකි. බණ ගෙදරක ඕමි ගසනවා වැනි දේශපාලන මණ්ඩල රැස්වීම්වල ස්වභාවය එවක ජනතා විමුක්ති පෙරමුණට නිගා දෙවන්නකි. වාම පක්ෂ මෙතරම් කටබහට අවනතව දියාරු තීරණ ගන්නවා දුට හැක්කේ මේ සිනමාපටයේ ම පමණි. අතිශය තීරණාත්මක තීන්දු ගන්නා තැන න්‍යාය පත්‍රයකට අනුව හෝ කතා කරනු පෙනෙන්නට නැත. දේශපාලන මණ්ඩල සාමාජිකයන් කමිටුවට එන අතරමග සංවිධානය ගැන සුහද සාකච්ඡා කරති. ඉතා සරල ය. සැහැල්ලූ ය. වාමාංශික සංස්කෘතිය දැන් කෙසේ වෙතත් එවක පිරී පැවතියේ බුද්ධිමය සම්ප්‍රදානයන්ගෙනි. මෙහි එන පරිදි නිකම් කටවචන නොවේ. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලයනල් බෝපගේ ඇතුළු පිරිස දැරූ ආස්ථානය මෙතරම් බොළඳ වූවක් ද? මේ ගැන බෝපගේලා නැතක් ලේඛන ඉදිරිපත් කළේ නැති ද?
සිනමාපටයෙහි වර්ණ සංයෝජනය කලෙකින් සිනමාපටයක නුදුටු තරමේ මනස්කාන්ත බවක් ගෙන එයි. අදාළ කාලවකවානුව දක්වන්නට එකී වර්ණ සංයෝජනය මහත් මෙහෙවරක් ඉටු කරයි. කලා අධ්‍යක්ෂණය අතිශයින් අගය කළ යුතු වෙයි. මහත් වැර වෑයමක් දරා එය නිමවීම ගැන කලා අධ්‍යක්ෂවරයා පැසසුම් ලැබිය යුතු ය. 80 දශකයේ ඇඳුම් විලාසිතාවේ සිට කේශ විලාසිතා දක්වා සියල්ල නිසි පරිදි ගොඩ නැගී තිබේ.
දැවැන්ත බව දැක්විය යුතු අවස්ථාවල දී නම් එකී දර්ශන ගෙන එන්නේ දුගී බවකි. යාපනය රැස්වීම සහ ටවුන්හෝල් රැළිය එක සමාන නොවේ. අද පවා ජ.වි.පෙ. කීර්තිය දරන මැයි පෙළපාලිය මෙහි එන්නේ අන්තිම දුප්පත් ලෙසිනි. 83 ෙජ්. ආර්. පවා තැති ගැන්වූ මැයි පෙළපාලිය පාසල් සරඹ සංදර්ශනයක් මෙනි. මාස හයකට ආසන්න කාලයක් මහ කැලයේ ගත කරන අයුරු පෙන්වන්නේ විසිළුසහගත අයුරිනි. එක ම ඇඳුමෙන්, ගල්ගෙයක රිංගා හෝ නැතිනම් අතුපැළක් හෝ අටවා නොගෙන වැස්සේ තෙමෙමින් මස් පුළුස්සා කමින් සිටිනුයේ විනෝද චාරිකාවක කඳවුරු ගැසීමක ලෙසිනි.
රංගනයේ දී කමල් අද්දරආරච්චිගේ රංගනය උසස් මට්ටමක තිබේ. රූප රාමුව හඳුනාගෙන අවස්ථාවෝචිතව එහි කේන්ද්‍රවීමට ඔහු තරම් සමත් තවත් නළුවන් අප වෙත සිටීදැ යි සැකයකි. ඔහු කමල් අද්දරආරච්චි නොවී සිටීම විෙජ්වීර වූවාටත් වඩා අගනා බව කිව යුතු ය. කෙසේ වෙතත්, දුබල තිරරචනය ඔහුව මෙපමණකට සීමා කර තිබීම ඛේදයකි.
සුලෝචනාගේ රංගනය කමල්වද අබිබවා යමින් සමස්ත සිනමාපටයම ආක්‍රමණය කර තිබේ. සිනමාපටය කෙරෙන් නිරූපිත වෙනස් සිනමාවක් ලෙස චිත්‍රාංගනී විෙජ්වීර චරිතය මතුවෙයි. ඇගේ සියලූ බර එක්කර සිනමාව ආලෝකමත් කරන්නී සුලෝචනාය.
රංගන ක්ෂේත්‍රය බලාපොරොත්තු දල්වා සිටින චරිතයක් වන ජගත් මනුවර්ණගේ රංගනය ගැන යමක් කිව යුතු ය. ජගත්ට සිදුවෙමින් යන්නේ චරිතය යටපත් වී මනුවර්ණ මතු වීමේ අර්බුදයයි. මේ චරිතය පුරාවට ම ඔහු ගමනායක වන්නේ යම් පමණකට වන පෙනුමේ සමානත්වයෙන් පමණි. ඔහු මේ අර්බුදය වහා පියමං කළ යුතු බව අපේ හැඟීම ය. නැතිනම් ඔහුට ද ජනක කුඹුකගේ කෙනෙකු වන්නට සිදුවනු ඇත.
කැමරා අධ්‍යක්ෂණය පළමු රූපයේ සිට අවසානය දක්වා ඉතා හොඳින් සිනමාපටයට සේවය කරයි. කාලයකට පසුව නදීක ගුරුගේ පැසසුම්සහගත සංගීතයක් නිමවා තිබේ. ඒ ගෞරවය ඔහුට ය.
සමහර ආංගික කාරණ විෂයෙහි සාර්ථක වුව ද සමස්තයක් හැටියට ගෙන සලකා බලද්දී “ගින්නෙන් උපන් සීතල” ජනතා විමුක්ති පෙරමුණ නම් සපත්තුවට සරිලන සේ රෝහණ විෙජ්වීර නම් කකුළ කපා දැමීමට එහා නොගිය බව කිව යුතු ය. රෝහණ විෙජ්වීර නම් සංකීර්ණ චරිතය විෂයෙහි සද්කලාකෘතියක් නිර්මාණය කිරීමේ ඉඩ තවමත් විවෘතය.
සඳුන් ප්‍රියංකර විතානගේ

Share

4 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.