ගොචින්දා, ද්විත්ව චරිතයකින් හෙට සිට රිදී තිරයේ

Avatar Nisanka Weheraduwa | January 17, 2019 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

හින්දි චිත්‍රපට වලට කැමති ඔබට ගොවින්දා, ඉතා හොඳින් මතක ඇතුවාට සැක නැහැ. විශේෂයෙන් 90 දශකයේ සිනමාවේ ගොචින්දා ජනප්‍රිය චරිතයක් වුනා. විවිධ ශානරවල චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චරිත රැසක් රඟපෑවා. ගොවින්දා රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් ගැනයි මේ තොරතුරු.

වසර ගණනාවකට පසු ගොවින්දා අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකවී තිබෙනවා. චිත්‍රපටයේ නම Rangeela Raja. ගොචින්දා මේ චිත්‍රපටයේ Virendra Pratap Singh කියන ව්‍යාපාරිකයා සහ Ajay Pratap Singh කියන පුජකවරයා කියන චරිත දෙකට රංගනයෙන් දායක වනවා. ඔවුන් චිත්‍රපටයට අනුව දෙසොහොයුරන්. ඊට අමතරව Mishika Chousari, Anupama Agnihotri ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයට තිර රචනය ලියන්නේ Pahlaj Nihalani විසින්. මෙය Sikander Bharatiගේ අධ්‍යක්ෂණයක්.

ජනවාරි 18 වැනි සිකුරාදා සිට චිත්‍රපටය ඉන්දියාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වීම ආරම්භ වනවා. ප්‍රේක්ෂකයින්ට වෙනස් අත්දැකීමක් එක කරන කොමඩි චිත්‍රපටයක් වනු ඇති මේ පිලිබඳ විචාරක මත පලවී තිබෙනවා.

Share

40 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.