චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව වෙනස්වෙයි

Avatar Nisanka Weheraduwa | January 4, 2020 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව සභාපති වරයකු පත්කොට තිබෙනවා. ඒ අනුව ආචාර්ය ජයන්ත ධර්මදාස එහි නව සභාපති ලෙස පත්වීම් ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් එම පත්වීම් ලිපි ලැබූ නව සභාපතිවරයා පිළිගැනීමේ උත්සවයක්ද චිත්‍රපට සංස්ථාවේ සංවිධාන කොට තිබුනා.

ජාතික චිත්‍රපට සංස්ථවේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර සඳහා රොහාන් වැලිවිට පත්කොට තිබෙනවා. එසේම ප්‍රසිද්ද රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා ස්ටෙලා මාරපන සහ ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නීතිඥ ඩග්ලස් සිරිවර්ධනත් අභිනවයෙන් පත්වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදුකෙරුණා.

චිත්‍රපට සංස්ථා නව සභාපතිවරයාට සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට cinema.lk වෙතින් සුබපැතුම්..!

Share

79 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.