ඡන්දේ දෙන්න කලින් බලන්න – ජයශ්‍රී ඇමතිතුමා – ළඟදීම

Avatar Nisanka Weheraduwa | August 26, 2019 194 Views 0 Likes 5 On 1 Rating

194 Views 5 On 1 Rating Rate it

හාස්‍යෝත්පාදක චිත්‍රපට ලංකාවේ සිනමාවේ කොතෙකුත් නිර්මාණය වුනත් ඒවායේ ගුණාත්මක බව සහ තත්වය ගැන ගැටළු පවතින බව සිනමා රසිකයින් පොදුවේ කරන චෝදනාවක්. උසස් රසවින්දනයක් සහිත හාස්‍ය උපදවන චිත්‍රපට නිර්මාණය වුනු අවස්ථාවල ප්‍රේක්ෂකයින් ඉතා උනන්දුවෙන් ඒවා සමග එකතුවුන බවත් සිනමා ඉතිහාසයේ හඳුනාගන්න පුළුවන්. මේ තවත් හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් ගැන තොරතුරු.

නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ, ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ “ජය ශ්‍රී ඇමතිතුමා” චිත්‍රපටය. සැප්තැම්බර් 06 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීමට සුදානම්. ගුණාත්මක හාස්‍ය රසය රැගත් අපූරු චිත්‍රපටයක් නිර්මාණය කිරීම තමන්ගේ උත්සාහය වුනු බවයි අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයාත් පවසන්නේ.

නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය නිෂ්පාදනය කලේ ජනිත මාරසිංහ විසින්. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ටෙනිසන් කුරේ, දමිතා අබේරත්න, ගයත්‍රී ඩයස් ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා. සැප්තැම්බර් 06 වැනිදා සිට ජය ශ්‍රී ඇමතිතුමා චිත්‍රපටය ප්‍රේක්ෂකයින් උදෙසා ප්‍රදර්ශනය වනවා.

Share

194 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.