Sri Lanka's Best Cinema Portal

 

ජනප්‍රිය කාණ්ඩයේ කිරුළ දිනූ ටෙලි සිනමා තරු

0
Posted March 6, 2019 by Nisanka Weheraduwa in Articles
SLIM

සටහන :  උදිත ලක්මාල් කහඳවආරච්චි

13 වෙනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People’s Awards) ඊයේ (මාර්තු 05 වැනිදා) රාත්‍රියේ බත්තරමුල්ල Waters Edge හෝටලයේදී නිමාවට පත්වුනා. එහි, වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානයේ හිමිකාරිත්වය ,වසර එකොළහක් අඛණ්ඩව එකී කිරුළ රැකගත් රන්ජන්ට රාමනායකට අහිමිව ගොස් යොවුන් නළු හේමාල් රණසිංහට තනිව හිමිවීම මෙවර උළෙලේ වැඩිම අවධානයක් දිනාගත් සංසිද්ධිය බවට පත්වුනා. මෙකී සම්මානය පසුගිය වසරේදී හේමාල් සහ රන්ජන් අතර සම සම්මානයක් ලෙස බෙදී ගියද, මෙවර එහි තනි හිමිකාරිත්වය හේමාල් සතුවීම විශේෂත්වයක්. එයට අමතර පිට පිට දෙවන වතාවටත් තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයටද හේමාල් හිමිකම්කීමට සමත් වුනා. එසේම සමස්ථ ජනතාවගේ ජනප්‍රියම නිළිය ලෙසින් 11 වෙනි වරටත් කිරුළ දැරීමට මාලනී ෆොන්සේකා සමත්වීම මෙවර උළෙලේදී කැපී පෙනුනා…

Cinema-::::::;;;
* වසරේ ජනප්‍රියම සිනමාපටය- ගෝල්
*වසරේ ජනප්‍රියම නිළිය – මාලනී ෆොන්සේකා (11 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම නළුවා- හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නිළිය- පූජා උමාශංකර් (02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)

Teledrama-:::::::::
* වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය- දෙවෙනි ඉනිම
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය- නයනතාරා වික්‍රමආරච්චි (පිට පිට 02 වරට)
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා- සාරංග දිසාසේකර (පිට පිට 04 වෙනි වරට)

Music-:::::::::::
*වසරේ ජනප්‍රියතම ගීතය- නන්දා මාලනි විසින් ගායනා කරන “අම්මාවරුනේ”
*වසරේ ජනප්‍රියම ගායිකාව- ශෂිකා නිසංසලා (පිට පිට 04 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම ගායකයා – චාමර වීරසිංහ (පිට පිට 02 වෙනි වරට)

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2