ජනාධිපති සිනමා සම්මාන – 2016 වසරේ සම්මානිත විශිෂ්ටයෝ

Avatar Nisanka Weheraduwa | July 31, 2019 480 Views 0 Likes 5 On 2 Ratings

480 Views 5 On 2 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

පසුගිය 26 වෙනිදා නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2016 වර්ෂයේ තිරගත වූ සිනමාපට 25 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙසින් කිරුළ දැරීමට අශෝක හඳගම අධ්‍යක්ෂණය කල සහ ජගත් විජේනායක නිෂ්පාදනය කල ‘ඇගේ ඇස අග’ සිනමාපටය සමත්වූ අතර, එහිදී එම වසරේ ජන ආකර්ශනීයම සිනමාපටය ලෙසින් සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කල සහ සුමති ෆිල්ම්ස් නිෂ්පාදනය කල ‘පත්තිනි’’ සිනමාපටය සම්මානයට පාත්‍රවිය. මෙහිදී 2016 වසර වෙනුවෙන් සිනමාපට 08ක් සම්මාන 31කින් පිදුම් ලැබීමට සමත්වූ අතර, එහිදී වැඩිම සම්මාන ලද (සම්මාන 06) සිනමා සිත්තම් ලෙසින් පෙරමුණ ගැනීමට ‘ඇගේ ඇස අග’ සහ ‘මෝටර් බයිසිකල්’ යන සිනමාපට සමත්විය.

නිමාවූ 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලත් සමග 2016 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සියලුම සිනමා සම්මාන උළෙලයන් පවත්වා අවසන් වූ අතර, එහිදී 2016 වර්ෂය වෙනුවෙන් වැඩිම සම්මාන ලද චිත්‍රපටය ලෙසින් සමතැන් ගැනීමට ‘ඇගේ ඇස අග’ (සම්මාන 25 : දෙරණ- 05/ සිග්නීස්- 06/ සරසවි- 03/ හිරු- 05/ ජනාධිපති- 06) සහ ‘මෝටර් බයිසිකල්’ (සම්මාන 25 : දෙරණ- 07/ සිග්නීස්- 02/ සරසවි- 07/ හිරු- 03/ ජනාධිපති- 06) සිනමා සිත්තම් සමත්වූ අතර, එහි තෙවෙනි තැන සම්මාන 16 බැගින් ජයග්‍රහණය කල ‘පත්තිනි’ සහ ‘සරිගම’ සිනමාපටයන්ට හිමිවිය. එයට අමතරව ‘සයපෙති කුසුම’ චිත්‍රපටය වෙනුවෙන් දෙරණ සහ හිරු සම්මාන උළෙලයන්හිදීද, ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය වෙනුවෙන් සිග්නීස්, සරසවි හා ජනාධිපති සම්මාන උළෙලයන්හිදීද ලෙසින් 2016 වසරට අදාල සම්මාන උළෙලයන් සියල්ලේම ‘හොඳම නළුවා’ ලෙසින් කිරුළ දරමින් සුවිශේෂී වූ වාර්තාවක් මෙරට සිනමා ඉතිහාසයට එක්කිරීමට දසුන් පතිරණ සමත්විය.

2016 ජූරි මණ්ඩලය :-
පැට්ට්‍රික් රත්නායක (සභාපති)/ සේන නානයක්කාර/ ප්‍රභා මනුරත්න/ සුනිල් රණසිංහ/ එස්. විශ්වනාදන්/ සෙනේෂ් දිසානායක බණ්ඩාර

2016 සම්මාන විසිරීම:-
ඇගේ ඇස අග – සම්මාන 06/ මෝටර් බයිසිකල්- සම්මාන 06/ පත්තිනි- සම්මාන 05/ සයපෙති කුසුම- සම්මාන 04/ සක්කාරං – සම්මාන 04/ මායා – සම්මාන 03/ ආදරණීය කතාවක්- සම්මාන 02/ සරිගම- සම්මාන 01

ජූරි සම්මාන ඛාණ්ඩය:-
oවිශිෂ්ටතා සම්මාන:
•හොඳම චිත්‍රපටය: ඇගේ ඇස අග
•හොඳම අධ්‍යක්ෂකවරයා: අශෝක හඳගම (ඇගේ ඇස අග)
•හොඳම තිරරචනය: විසාකේස චන්ද්‍රසේකරම් (සයපෙති කුසුම)
•හොඳම නිළිය: ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)
•හොඳම නළුවා: දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
•හොඳම සහාය නිළිය (සම): වීණා ජයකොඩි (මෝටර් බයිසිකල්), අරුණි රාජපක්ෂ (පත්තිනි)
•හොඳම සහාය නළුවා: බිමල් ජයකොඩි (ආදරණීය කතාවක්)
•හොඳම නැගීඑන නිළිය: යශෝධා රසදුනි (සයපෙති කුසුම)
•හොඳම නැගීඑන නළුවා: ජෙහාන් අප්පුහාමි (සයපෙති කුසුම)
•හොඳම හාස්‍යඋත්පාදක රංගනය: පුබුදු චතුරංග (මායා)
•හොඳම කැමරාකරණය: චන්න දේශප්‍රිය (ඇගේ ඇස අග)
•හොඳම සංස්කරණය:රවින්ද්‍ර ගුරුගේ (ඇගේ ඇස අග)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය: නදීක ගුරුගේ (සක්කාරං)
•හොඳම ශබ්ද සැලසුම්කරණය: ප්‍රවීන් ජයරත්න (මායා)
•හොඳම කලා අධ්‍යක්ෂණය: ලාල් හරේන්ද්‍රනාත් (සක්කාරං)
•හොඳම අංග රචනය: නලින් ප්‍රේමතිලක (මායා)
•හොඳම ගී පද රචනය: විසාකේස චන්ද්‍රසේකරම් (දෙනෙතක් ඇරේ- සයපෙති කුසුම)
•හොඳම ගී තනු නිර්මාණය: අජිත් කුමාරසිරි (හීනත් අරන් එන්න- මොටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායකයා (සම): චිත්‍රාල් සෝමාපාල (ඇහැරෙන්න- ඇගේ ඇස අග), අජිත් කුමාරසිරි (අම්මගෙ මාලේ- මොටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායිකාව (සම): නිරෝෂා විරාජිනි (රන් හසුන් ලොල් වනා- පත්තිනි), උරේෂා රවිහාරි (සමනලයින් පාට පාට – සරිගම)

oජූරියේ විශේෂ සම්මාන:
•සමනලී ෆොන්සේකා (‘මෝටර් බයිසිකල්’ හි රංගනය වෙනුවෙන්)
•වෙනුක වික්‍රමාරච්චි (‘පත්තිනි ‘හි ඇදුම් නිර්මාණය වෙනුවෙන්)
•චන්දන වික්‍රමසිංහ (‘පත්තිනි ‘හි නර්තන අධ්‍යක්ෂණය වෙනුවෙන්)

oකුසලතා සම්මාන:
•තුසිත ලක්නාත් (‘සක්කාරං’ හි රංගනය වෙනුවෙන්)
•ප්‍රසාදිනී අතපත්තු (‘සක්කාරං’ හි රංගනය වෙනුවෙන්)
•කළණ ගුනසේකර (‘මෝටර් බයිසිකල්’ හි රංගනය වෙනුවෙන්)
•රුවන් කොස්තා (‘ආදරණීය කතාවක්’හි කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්)

ජනප්‍රිය සම්මාන ඛාණ්ඩය:-
•වසරේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ චිත්‍රපටය: පත්තිනි
සටහන – උදිත ලක්මාල් කහඳවාරච්චි

Share

480 Views 5 On 2 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.