ජනාධිපති සිනමා සම්මාන – 2018 වසරේ සම්මානිත විශිෂ්ටයින්

Avatar Nisanka Weheraduwa | July 29, 2019 650 Views 1 Like 2 On 1 Rating

650 Views 2 On 1 Rating Rate it

පසුගිය 26 වෙනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2018 වර්ෂයේ තිරගත වූ සිනමාපට 28 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙසින් කිරුළ දැරීමට සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කල සහ අන්තොනින් දෙදේ, සංජීව පුෂ්පකුමාර, සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය එක්ව නිෂ්පාදනය කල ‘දැවෙන විහඟුන්’ සිනමාපටය සමත්වූ අතර, එහිදී එම වසරේ ජන ආකර්ශනීයම සිනමාපටය ලෙසින් සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කල සහ එච්.ඩී ප්‍රේමසිරි නිෂ්පාදනයන කල ‘බිම්බා දේවී හෙවත් යශෝධරා ‘’ සිනමාපටය සම්මානයට පාත්‍රවිය. මෙහිදී 2018 වසර වෙනුවෙන් සිනමාපට 10ක් සම්මාන 26කින් පිදුම් ලැබීමට සමත්වූ අතර, එහිදී වැඩිම සම්මාන ලද සිනමා සිත්තම ලෙසින් පෙරමුණ ගැනීමටද ‘දැවෙන විහඟුන්’ සිනමාපට සමත්විය. එයට අමතරව 2016-2018 කාල පරිච්ඡේදයේදී මෙරට තුල නිළ වශයෙන් තිරගත වූ සිනමාපටයන්ට අදාලව 2016-2018 කාල සීමාවා තුලදී අන්තර්ජාතික සම්මාන ලද සිනමා ශිල්පීන් 11 දෙනෙකු අතුරින්, සුවිශිෂ්ටතම ජාත්‍යන්තර ජයග්‍රහණයන් ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් අත්පත්කරදීම වෙනුවෙන් පිරිනැමූ ‘විශ්ව කීර්ති සම්මාන’ ද්විත්වයේ හිමිකාරිත්වය දැරීමටද ‘දැවෙන විහඟුන්’ සිනමාපට සමත්වීම කැපීපෙනුනි. එසේම 2018 වසරේ තිරගත වූ ‘කෝමාලි කිංගස්” සහ ‘සාලෙයි පූක්කල්” යන දමිළ භාෂිත සිනමාපට ද්විත්වයම සම්මානයට පාත්‍රවීම ජනාධිපති සිනමා සම්මාන උළෙල තුල සුවිශේෂීත්වයක් සටහන් කිරීමට සමත්විය.

2018 සම්මාන විසිරීම……..
දැවෙන විහඟුන්- සම්මාන 06/ ඝරසරප- සම්මාන 04/ කෝමාලි කිංගස් (දමිළ)- සම්මාන 03/ සරුංගල්- සම්මාන 03/ වෛෂ්ණාවී- සම්මාන 02/ නිදහසේ පියා D.S- සම්මාන 02/ ගෝල්- සම්මාන 02/ සාලෙයි පූක්කල් (දමිළ)- සම්මාන 02/ අකෝඩින්ග් ටු මැතිව් (ඉංග්‍රීසි)- සම්මාන 01/ යශෝධරා- සම්මාන 01

2018 ප්‍රධාන සම්මාන ජූරිය-
ඩියුඩර් වීරසිංහ (සභාපති), ප්‍රභා මනුරත්න, සිතුමිණි රත්නමල්ල, සුනිල් රණසිංහ, එස්. විශ්වනාදන්, සෙනේෂ් බණ්ඩාර දිසානායක

2016-2018- විශ්ව කීර්ති සම්මාන තේරිම් කමිටු ජූරිය-
ඈෂ්ලි රත්නවිභූශන, උදිත ලක්මාල් කහඳවආරච්චි

00-ජනප්‍රිය සම්මාන ඛාණ්ඩය:2018
වසරේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ සිනමාපටය: බිම්බා දේවී හෙවත් යශෝධරා

00-ප්‍රධාන ජූරි සම්මාන ඛාණ්ඩය:-
+++විශිෂ්ටතා සම්මාන:2018
*හොඳම චිත්‍රපටය: දැවෙන විහඟුන්
*හොඳම අධ්‍යක්ෂකවරයා: සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)
*හොඳම තිරරචනය: සංජීව පුෂ්පකුමාර (දැවෙන විහඟුන්)
*හොඳම නිළිය: අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)
*හොඳම නළුවා: මහේන්ද්‍ර පෙරේරා (දැවෙන විහඟුන්)
*හොඳම සහාය නිළිය: සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්)
*හොඳම සහාය නළුවා: පූජිත ද මෙල් (නිදහසේ පියා D.S)
*හොඳම නැගීඑන නිළිය: කාවින්දයා අධිකාරි (ඝරසරප)
*හොඳම නැගීඑන නළුවා: දෙව්නක පෝරගේ (ඝරසරප)
*හොඳම හාස්‍යඋත්පාදක රංගනය: රාජා ගනේෂන් (කෝමාලි කිංගස්)
*හොඳම සිනමා කැමරාකරණය: චන්දන ජයසිංහ (අකෝඩින්ග් ටු මැතිව්)
*හොඳම සංස්කරණය: ඇන්ජෙලෝ ජෝන්ස් (කෝමාලි කිංගස්)
*හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය: නිමල් මෙන්ඩිස් (වෛෂ්ණාවී)
*හොඳම ශබ්ද සැලසුම්කරණය: ප්‍රවීන් ජයරත්න (නිදහසේ පියා D.S)
*හොඳම කලා අධ්‍යක්ෂණය: දසුන් රවිනාත් (කෝමාලි කිංගස්)
*හොඳම අංග රචනය: ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර (වෛෂ්ණාවී)
*හොඳම ගී පද රචනය: අචල සොලමන්ස් (සරුංගල්)
*හොඳම තනු නිර්මාණය: රංග දසනායක (සරාගි සිත් අපේ- සරුංගල්)
*හොඳම ගායකයා: බාචි සුසාන් (හැම දෙයක් පෙනේ- ඝරසරප)
*හොඳම ගායිකාව: සමිතා මුදුන්කොටුව (හැම දෙයක් පෙනේ – ඝරසරප)

+++කුසලතා සම්මාන:2018
*චමත්කා ලක්මිණි (‘සරුංගල්’ හී රංගනය වෙනුවෙන්)
*නයනා හෙට්ටිආරච්චි (‘ගෝල්’ හී රංගනය වෙනුවෙන්)

+++ජූරියේ විශේෂ ඇගයීම් සහතික පත්‍ර:2018
*ශ්‍රී නිර්මාලන් (‘සාලෙයි පූක්කල්’ හී ගායනය වෙනුවෙන්)
*සුතර්ෂන් රත්නම් (‘සාලෙයි පූක්කල්’ හී අධ්‍යක්ෂණය වෙනුවෙන්)
*ඩේවිඩ් කරුණාරත්න (‘ගෝල්’ හී රංගනය වෙනුවෙන්)

00-විශ්ව කීර්ති සම්මාන ඛාණ්ඩය:
*සංජීව පුෂ්පකුමාර- දැවෙන විහඟුන් (2017 වර්ෂයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවීම වෙනුවෙන්
*අනෝමා ජනාදරී- දැවෙන විහඟුන් (2017 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවීම වෙනුවෙන්)

සටහන – උදිත ලක්මාල් කහඳවාරච්චි

 

Share

650 Views 2 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.