ගතින් වෙන්වූ තැන ප්‍රේමය පැවතීම අරගලයක් – CRUMBS

Avatar Nisanka Weheraduwa | November 8, 2020 95 Views 0 Likes 0 Ratings

95 Views 0 Ratings Rate it

ප්‍රේමවන්තයින් දෙදෙනෙක් සියළු මුණගැසීම් නවත්වා නිශ්චිත කාලයකට ශාරීරිකව වෙන් කොට තැබුවොත්, ඔබේ අදහස අනුව මේ ප්‍රේමයට කුමක් විය හැකිද..? ඔවුන් දෙදෙනා තුළ පවතින ප්‍රේමය, හැඟීම් සහ දුරස්ථ බව සමග මේ පෙම්වතුන් දෙදෙනාම යම් අරගලයක නිරත වේවි. එහි අවසානය මේ දෙදෙනා අතර පවතින සම්බන්ධය තවත් දැඩි බැඳීමක් බවට පත්වීම හෝ ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරවීම යන දෙකින් ඕනෑම එකක් විය හැකියි.

CRUMBS – කතා කරන්නේ මේ ගැන. Ruvin De Silva සහ Sakina Aliakbar එක්ව අධ්‍යක්ෂණය කළ Crumbs කෙටි චිත්‍රපටයට Vindya Fernando සහ Ruvin De Silva රංගනයේ යෙදෙනවා. Muvindu Binoy මේ කෙටිචිත්රපටයේ සංස්කරණය සිදුකොට තිබෙනවා.

Crumbs කෙටි චිත්‍රපටය Life short film festival 2020 සමග එක්ව නිර්මාණය වූවක්. Berlin Flash Film Festival – 2020 සහ Long distance film festival – 2020 චිත්‍රපට උළෙල ද්විත්වයට Official selection කාණ්ඩයෙන් මේ කෙටි චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා.

Share

95 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.