Sri Lanka's Best Cinema Portal

 

තමා පරයා වෙනකකු නිරූපණයේ කෘතහස්ත කෞශල්‍ය ඈ

0
Posted November 30, 2018 by Nisanka Weheraduwa in BOOK OF CINEMA
samadhi

සටහන : හේමන්ත අරුණසිරි

************************************************

සමාජයේ විවිධාකාර ගැහැණුන් සහ පිරිමින්, විවිධාකාර කටයුතු සම්භාරයක නිරතවී සිටිනවා. ඒ විවිධාකාර නිරතවීම් වල හේතුවෙන් ඒ අය විවිධාකාර ප්‍රතිඵලත් අත්විඳිමින් පසුවෙනවා. ඒවායේ නිරතවෙන ක්‍රමවේදයන්ට අනුකූලව එක් එක්කෙනා ලබාගන්නා ප්‍රතිඵලයන්හි ගුණාත්මක බවත් උස් පහත් ස්වභාවයක් ගන්න පුළුවන්. උදාහරණයක් විධියට මැටි භාණ්ඩ තනන්නෙක් ගත්තොත්, එයාට මුලින්ම ලැබෙන්නේ කිසිම හැඩයකින් තොර මැටි ගොඩක්. අවසානයේ එදිනෙදා පරිභෝජනයට ගතහැකි භාජනයක් හෝ විසිතුරු භාණ්ඩයක් බවට එය පත්කරන්නේ කුසලතාවය,කාර්යක්ෂමතාවය සහ ශ්‍රමය එයට මුසු කළ කෙනෙක්. නමුත් කිසියම් මොහොතක එය කැඩී බිඳී ගියොත් ඒ භාණ්ඩයේ භාවිත කාලසීමාව අවසන් වෙනවා. එවිට එහි භෞතික ස්වරූපය අපෙන් වියැකීගොස් අපට ඉතිරිවන්නේ භාවිත මතකයක් පමණයි.

නමුත් තම සිරුර තුළ වෙසෙන ප්‍රාණියා වඩා ප්‍රයෝජනවත් සහ සුන්දර වන අයුරින් වෙනස් ස්වරූපයන්ට පරිවර්තනය කරමින් කිසියම් සීමිත කාල සීමාවකට වෙනත් අයෙකු බවට පත් කොට ඉදිරිපත් කිරීමට හැක්කේ දක්ෂ රංග වේදියෙකුට හෝ වේදිනියකට පමණයි. අපේ කාලයේ අපට හමුවන සමාධි ලක්සිරිත් එහෙම කෙනෙක්. ඇය අපට මුලින්ම හමුවන්නේ 2000 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් විදිහට. ඒ වකවානුවේ කැළණියේ නාට්‍ය හා රංගකලා අධ්‍යනාංශයෙන් නිමවුන හැම නිෂ්පාදනයකදිම වගේ සමාධි අපට මුණගැහෙනවා. ඒ දිනවල “ඊඩිපස්, සඳ ගිනි අරන්, ඔබ ආපසු එන්න” ඇතුළු නිෂ්පාදන රාශියකම ජීවය පවත්වාගත්තු නහරයක් වුණේ සමාධි.

ඉන් පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුනාට පස්සෙත් තමාට හමුවුණු චරිතවල ජීවය සහ දර්ශනය සමබර ලෙස පරිහරණය කරන්ට ඇය සමත් වෙනවා. තමා ඉදිරියේ අසුන් ගෙන සිටින ප්‍රේක්ෂක සමුහයා වෙත ගෞරවනීය ප්‍රහර්ෂයක් උරුමකර දෙන්නට සමත්වන ඇය “කඩවර” බඳු ටෙලි නාටකයක් තුළින් ප්‍රේක්ෂක අප කෙරෙහි තැබූ විශ්වාසය අතිමහත්. ඉදිරියේදී “දැකල පුරුදු කෙනෙක්” නම් චිත්‍රපටයෙන් ඇගේ සිනමා රංගන ප්‍රකාශන කෞශල්‍යයත් අපට දැකගන්නට හැකි වේවි. පහත ඡායාරූපය මවිසින් වාර්තා කරන්නට යෙදුණේ අයගේ නවතම වේදිකා රංග පරිශ්‍රමය වන රාජිත දිසානායකගේ “හිතල ගත්තු තීරණයක්” නාට්‍යයේදී. ඇය එහි ප්‍රධාන භූමිකාව ලෙස අප හමුවට එනවා. ඇළ දොළ වැනි කුඩා දිය පාරවල් වෙනුවට, හිම තට්ටු යටින් යෝධ ගංගාවෝ ගලා යන බවත්, ඒවා මතු දිනෙක උඩට මතුවී මහපොළොව පෝෂණය කරන බවත් සමාධි අපට කියාදෙනවා. අපි ඇයගේ අනාගත රංගන දිවියට සුබ පතමු.

-හේමන්ත අරුණසිරි-

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2