Sri Lanka's Best Cinema Portal

 

”තාල” මෙරට ළමා සිනමාවේ තවත් වැදගත් නිර්මාණයක්

0
Posted February 21, 2019 by Nisanka Weheraduwa in Articles
thaala

සටහන : නිහාල් පීරිස්

***********************************************

‘තාල’ මේ දිනවල තිරගත වන අලූත්ම සිංහල සිනමාපටයක්. ළමා චිත‍්‍රපටයක් වන මෙය පාලිත පෙරේරා ගේ අධ්‍යක්‍ෂණයක්.

‘තාල’ චිත‍්‍රපටයට පසුබිම් වන්නේ ඈත පිටිසර ගමක පිහිටා ඇති නොදියුණු පාසලක් වටා ගොඩනැගෙන සිදුවීම් පෙලක්. ගමේ ළමුන්ට අධ්‍යාපනයේ වටිනාකමක් එ් හැටි වැටහෙන්නේ නැහැ. ඔවුන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ළමා වියේ දඟකාර, කෙළිලොල් ජීවිතය තුළ කාලය ගෙවන්නයි. අධ්‍යාපන ක‍්‍රමයේ තිබෙන සම්ප‍්‍රදායික, නීරස, යාන්ති‍්‍රක, බලහත්කාරී බව ද දරුවන් ඉගෙනීමේ කි‍්‍රයාවලියට ආකර්ශණය කර ගැනීමට රුකුල් දෙන්නක් නොව ඔවුන් තව තවත් එයින් ඉවතට පලවා හරින්නට සමත් වන්නක්. ගුරුවරුන් ද ඉගැන්වීම කරන්නේ පාසල් කාලය තුළම මී කිරි විකිණීම වැනි වෙනත් ‘බිස්නස්’ වලත් නිරත වෙන අතරතුරයි. මේ අතර කිසියම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ගම හරහා පාරක් තැනීම සඳහා පාසල කඩා ඉවත් කිරීමේ උත්සාහයකත් නිරතව සිටිනවා. එ් අතර පාර වෙනුවෙන් ගල් තලාවක් පුපුරුවා හැරීමේ සූදානමක් ද පවතින අතර ගල් තලාවේ සැඟවී ඇති නිධානයක් ගැනීමේ සැලැස්මක් ගැනත් අතරින්පතර කියැවෙනවා. පාර තැනීමට කියා ගල් තලාව බිඳින්නට යන්නේ නිධානය ගැනීමේ යටි අරමුණ ඇතිව බවකුත්, ඔවුන්ට පාසැලට වඩා නිධානය වැදගත් වී ඇති බවකුත් හැෙඟනවා. කෙසේ හෝ වේවා චිත‍්‍රපටයේ මුල් භාගය වෙන්වන්නේ නොදියුණු ගමක් තුළ අධ්‍යාපන කි‍්‍රයාවලියට අත්ව ඇති ඉරණම පිලිබඳවත්, දරුවන් සහ පාසල අතර පවතින සම්බන්ධයේ නීරස, යාන්ති‍්‍රක බව පිලිබඳවත් අදහසක් ඇති කිරීම සඳහායි. මේ අතර පාසලට අලූතෙන් තරුණ ගුරුවරයෙකු (අසේල* පත් වී එනවා. ඔහු මෙතෙක් කාලයක් පාසලේ පැවැති එ්කාකාරී, සම්ප‍්‍රදායික ඉගැන්වීම් ක‍්‍රමය මුළුමනින්ම කණපිට හරවන අතර පාසලෙන් දුරස්ව සිටි දරු දැරියන්ට පාසල නැවතත් සුන්දර, ආස්වාදනීය තැනක් බවට පත්වීමට පටන් ගන්නවා. දරුවන් ළමා වියේ කෙළිලොල් ගති ස්වභාවයන්ගෙන් ඈත් කර බලහත්කාරයෙන් අධ්‍යාපනයට කොටු කිරීම වෙනුවට ඔවුන්ගේ කෙළිලොල්, දඟකාර බවම අධ්‍යාපනයේ ෙදාරටුව බවට පත් කිරීමට ඔහුට හැකි වෙනවා.

‘තාල’ මට දැනුණේ මේ වනවිට සිංහල සිනමාව තුළ ජනපි‍්‍රය ෂානරයක් බවට පත්ව ඇති ළමා චිත‍්‍රපට රැුල්ල තුළ කිසියම් නැවුම් අත්හදාබැලීමක් කිරීමට ගත් උත්සාහයක් හැටියටයි. එය අසේල සර් ළමුන් සමග කරන අත්හදා බැලීම වගේම අත්හදාබැලීමක් කියා කියන්නත් පිලිවන්. මුල මැද අග සහිත කතන්දර ආකෘතියට එතරම් කොටු නොවී තරමක් වෙනස්, වඩාත් නිදහස් ආකෘතියක් නිර්මාණාත්මකව ගොඩ නගා ගැනීමට නිර්මාණකරුවන් උත්සාහ දරා ඇති ආකාරයකුත් පෙනෙනවා. එ් නිසා අප පසුගිය කාලයේ දුටු ළමා චිත‍්‍රපටවලට වඩා මෙහි යම් නැවුම් බවක් දැනෙන ගතියකුත් තිබෙනවා. පේ‍්‍රක්‍ෂකයින් හමුවේ එය සාර්ථක වී ඇත්ද නැද්ද යන්න නිශ්චිතව තීරණය කළ හැකි වන්නේ ඔවුන් චිත‍්‍රපටයට දක්වන ප‍්‍රතිචාර හරියටම දැන ගැනීමෙන් පසුවයි. කෙසේ නමුත් චිත‍්‍රපටයේ මුල් භාගයේ තිබෙන ජවය එහි අවසාන භාගය වෙද්දී තරමක් දුරට දිය වී යන ගතියකුත් දැනෙනවා. එකම කාරණය නැවත නැවත කියැවෙන ස්වභාවයකුත් තිබෙනවා. අසේල සර් (හේමාල් රණසිංහ* කතාවෙන් ඉවත් වීමෙන් ඇති වන හිස් තැන මීට වඩා වෙනස්් ආකාරයකින් පුරවාලිය යුතුව තිබුණා කියායි මට සිතුණේ. මේ හේතුව නිසා චිත‍්‍රපටය අවසන් වන්නේ බලාපොරොත්තු වූ තරම් උද්වේගයක් දනවන කූඨප‍්‍රාප්තියකින් නොවන බවක් හැෙඟනවා. තිරනාටකය වඩාත් පරිසමාප්තියට පත් කර ගැනීමට නිර්මාණකරුවන් තව ටිකක් මහන්සි වුණා නම් මෙම ගැටළු ජය ගන්නට තිබුණා යයි සිතෙනවා.

කෙසේ වෙතත් ‘තාල’ තුළ වඩාත්ම කැපී පෙනෙන කාරණය නම් ළමා නළු නිළියන් ගේ දක්ෂතාවයි. මනෝරත්න, කෞෂල්‍යා ඇතුළු පළපුරුදු නළු නිළියන්ට හොඳ තරගයක් දෙමින් මොවුන් කරන හරඹය සතුට දනවන්නක්. ඔවුන්ගෙන් එවැනි රංගනයක් උකහා ගැනීමට සමත් වීම අධ්‍යක්‍ෂවරයා ගේ හපන්කමක් බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. සංගීතය සහ පසුබිම් ගීත යොදාගෙන ඇති ආකාරය ද චිත‍්‍රපටයට යම් වර්ණවත් බවක් එක් කරනවා.

ලංකාවේ සිනමාව තුළ ආදායම් ඉපැයීම අතින් වඩාත් විශ්වාසය තැබිය හැකි ෂානර ඇත්තේ කිහිපයක් පමණක් බවයි පෙනෙන්නෙ. ඉතිහාස කතා, බෞද්ධ කතා රැුගත් චිත‍්‍රපට සහ ළමා චිත‍්‍රපට මේ අතරින් ප‍්‍රධානයි. මේ අතරිනුත් ළමා චිත‍්‍රපට අද වනවිට මෙරට සිනමාවේ ප‍්‍රධාන ෂානරය බවට පත්ව ඇති ආකාරයක් පෙනෙනවා. මාසයකට එකක්වත් ළමා චිත‍්‍රපට තිරගත වන ආකාරයක් දැකිය හැකියි. ඉතිහාස චිත‍්‍රපටවලට තරම් වියදමක් මේ සිනමාපටවලට දැරීමට අවශ්‍ය නොවීමත් මෙයට හේතුවක් විය හැකියි. චිත‍්‍රපට නැරඹීමට දරුවන් සමග වැඩිහිටියන්ට ද පැමිණෙන්නට සිදුවන නිසා මේවා පවුල් පිටින් සිනමා ශාලාවලට අද්දවන චිත‍්‍රපට බවටත් පත් වෙනවා. එයත් එ්වායේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට උදව්වක්. පාසල් දර්ශණ ආදිය හරහා ද යම් ආදායමක් උපයා ගැනීමට හැකි වීමත් ළමා සිනමාවේ පැවැත්මට තවත් රුකුලක්. මෑත කාලයේ ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ ‘හෝ ගානා පොකුණ’ වැනි චිත‍්‍රපට විසින් ඇති කරන ලද බලපෑම ද මෙහිදී වැදගත් සාධකයක් වූ බවයි පෙනෙන්නේ. කෙසේ හෝ වේවා, වැඩි පේ‍්‍රක්‍ෂක පිරිසක් ආකර්ශණය කර ගත හැකි මෙවැනි ෂානරයක් තුළ වැඩි වශයෙන් චිත‍්‍රපට බිහිවීමට පටන් ගැනීම වැලැක්විය හැක්කක් නොවෙයි. ඉන්දියානු සිනමාව, ඇමෙරිකානු සිනමාව වැනි කර්මාන්තයන්ට සුවිසල් පේ‍්‍රක්‍ෂක පිරිසක් සිටින නිසා මොන ෂානරයකින් චිත‍්‍රපටයක් හැදුවත් එයට යම් පේ‍්‍රක්ෂකාගාරයක් සොයා ගත හැකියි. නමුත් ලංකාවේ සිටින ඉතාම සීමිත පේ‍්‍රක්‍ෂක පිරිස හමුවේ එවැනි ෂානරමය විවිධත්වයක් ඇති කර ගැනීම අභියෝගාත්මක කාරණයක් බව පෙනෙනවා. මෙම තත්ත්වය තුළ ඉහත කී, වඩාත් විශ්වාසදායක ෂානරයන් හි නිර්මාණ වැඩි වශයෙන් බිහි වීම අපේ සිනමා කර්මාන්තය රැුක ගැනීමට නිරායාසයෙන්ම වාගේ ඉදිරිපත්ව ඇති එක විසඳුමක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙහිදී අපේ නිර්මාණකරුවන් මෙම ෂානර තුළ එ්කාකාරී නිර්මාණම බිහි කිරීමෙන් වැලකී එ් තුළ වඩාත් නිර්මාණාත්මක අත්හදාබැලීම් සිදු කිරීමට පෙරමුණ ගැනීම වැදගත්. ‘තාල’ සිනමාපටය තුළ මේ දිශාවට යොමු වූ කිසියම් වෑයමක් ගැබ්ව ඇති බවක් දැනෙනවා.

සමාජයේ අද්දරට විසි වුණු පීඩිත ජන කණ්ඩායම් බල ගැන්වීම සඳහා සිනමා මාධ්‍යය යොදා ගැනීම මේ කාලයේ වඩාත් සුළභව දැකිය හැකි කටයුත්තක්. කලාවෙන් කළ යුත්තේ ‘යථාර්ථය’ නිරූපනය කිරීමයි කියල කාලයක ඉඳන් කතාවක් තියෙනවා. නමුත් අද වනවිට, මේ කියන ‘යථාර්ථයන්’ නිරූපනය කරන ගමන්ම නව ‘යථාර්ථයන්’ ගොඩ නැගීම සඳහා උත්තේජනයන් ඇති කිරීමට ද සිනමාව කටයුතු කරමින් සිටින ආකාරය දැකිය හැකියි. අපේ අසල්වැසි ඉන්දියාවේ සමාන්තර සිනමාව මේ සඳහා දිය හැකි සමීප නිදසුනක්. එවැනි සිනමා ධාරාවන්ගෙන් අපට ද බොහෝ දේ ඉගෙන ගත හැකි බවයි පෙනෙන්නේ. පසුගිය කාලයේ ලංකාවේ නිපදවුණු ළමා චිත‍්‍රපට කිහිපයකමත් මෙම ලක්ෂණය දක්නට ලැබුණා. ‘තාල’ සිනමාපටය ද එවැනි කාර්යභාරයක් කරන නිර්මාණයක් හැටියට සලකන්න පිලිවන්. නොදියුණු ගමකට මෙන්ම සම්ප‍්‍රදායික අධ්‍යාපන රටාවකට කොටු වී සිය නිසග හැකියාවන්, කුසලතාවන් හඳුනාගත නොහැකිව වල්මත්ව සිටින දරු පරපුරක් මේ තුළ නිරූපනය වන අතර ඔවුන්ගේ අධ්‍යාපනය, අනාගතය සකස් විය යුතු අන්දම පිලිබඳ ධනාත්මක ඉඟි කිරීමක් ද මේ ඔස්සේ ගොඩ නගනු ලබනවා. ළමා විය සහ අධ්‍යාපන රටාව පිලිබඳව පවතින සම්ප‍්‍රදායික සංකල්ප, විශ්වාස, විනය රීති ආදිය සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීමක් සහ අර්ථවත්, විකල්ප වැඩපිලිවෙලක් අත්‍යවශ්‍යව ඇති යුගයක ‘තාල’ විසින් කරනු ලබන මැදිහත් වීම අගය කළ යුත්තක්.

නිහාල් පීරිස්

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2