දඩ ඉම – දෙරණ Lux සිනමා සම්මාන 2024
ස්වර්ණා මල්ලවආරච්චි සහ ජැක්සන් ඇන්තනි යන මෙරට අග්‍රගණ්‍ය නලු නිලි යුවලක් ප්‍රධාන චරිත රඟන දඩඉම චිත්‍රපටයට ත්, මෙවර 09වන දෙරණ Lux සිනමා උළෙලේ සම්මාන කිහිපයක් සඳහා ම නිර්දේශ වන්නට හැකියාව ලැබී තිබෙනවා.
1983 වසරේදී වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ දඩයම චිත්‍රපටයේ දිගුවක් ලෙසින් නිර්මාණය වූ මෙම සිනමාපටය, දඩයම චිත්‍රපටය අවසන් වූ තැනින් ඉදිරියට සිදුවන සිදුවීම් මාලාවක් වටා දිවෙනවා.
දඩයම චිත්‍රපටයේ අවසානයෙ හි රත්මලී කැකුණාවලගේ ඝාතනයෙන් පසුව ජයනාත්ට සිදුවන්නේ කුමක්ද? රත්මලීගේ සොයුරිය වන රන්මලී සහ රත්මලීගේ පුත්‍රයා වන රවිනාත්ව දෛවයේ අහම්බයකින් නැවතත් ජයනාත්ට මුණ ගැසෙන්නේ කෙසේද?
දඩඉම සිනමාපටයේ කතාව ගෙතෙන්නේ ඒ වටායි…
දඩඉම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ නෙඔමාල් පෙරේරා විසිනුයි. චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා ද නිශානි ප්‍රනාන්දු සමඟින් ඔහු එක්වී තිබෙනවා.
මේ වනවිට ලෝ පුුරා අන්තර්ජාතික සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ඇගයුමට පවා ලක්ව තිබෙන මෙම සිනමාපටය, ඉන්දියාවේ කල්කටා අන්තර්ජාතික සිනමා උළෙලෙ හි හොඳම ප්‍රථම අධ්‍යක්ෂණය (Best Debut Direction) වෙනුවෙන් හිමිවන Golden Fox සම්මානය පවා දිනාගත්තා.
ස්වර්ණා මල්ලවආරච්චි සහ ජැක්සන් ඇන්තනිට අමතරව අකිල ධනුද්දර, මහේන්ද්‍ර පෙරේරා, මරියෝන් වෙතසිංහ, දයා තෙන්නකෝන්, නයනා හෙට්ටිආරච්චි, දිල්මින් පෙරේරා, චන්ද්‍රසෝම හෙට්ටිආරච්චි, නදීක ගුරුගේ වැනි නලු නිලියන් රැසක් මෙහි සහාය චරිත සඳහා රංගනයෙන් එක්වනවා.
දඩඉම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසිනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණය සහ වර්ණ සංයෝජනය සිදු කළා. අංගරචනය හර්ෂ මංජුලයි. අරුණ ප්‍රියන්ත කලුආරච්චි ශබ්ද පරිපාලනයෙන් සහ නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් මීට එක්වී තිබෙනවා.
දඩඉම චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody