දැවෙන විහඟුන් (අද ජුනි 29) සිට දිවයින පුරා

Avatar Nisanka Weheraduwa | June 29, 2018 94 Views 0 Likes 0 Ratings

94 Views 0 Ratings Rate it

සිනමාවේදී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” සිනමාපටය අද එනම් ජුනි 29 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වනවා. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වූවක්.

1980 දශකයේ අග භාගයේ මෙරට දේශපාලනික අරගලය හේතුවෙන් අතුරුදන් වන පුරුෂයකු සහ ඔහුගේ බිරිඳත් දරුවනුත් වටා මෙහි කතාව ගොඩනැගෙන බව සඳහන්. චිත්‍රපටය සම නිෂ්පාදනයක් වශයෙන් නිර්මාණය වුවක්. රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, Antonin Dedet, Dominique Welinski මෙහි නිෂ්පාදකයින් ලෙස කටයුතු කොට තිබෙනවා. ප්‍රංශය, නෙදර්ලන්තය, කටාර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ මෙම චිත්‍රපටය සඳහා ප්‍රචාරක තේමාව ලෙස “අම්මා එක්ක ඇවිත් බලන්න” යනුවෙන් භාවිතා කොට තිබෙනවා. මේ දිනවල මෙහි ප්‍රචාරණ කටයුතු සිදුවන අයුරු දැකිය හැකියි. “අපේ තාත්තා ගොනිබිල්ල අරන් ගියා, ඔයාලා එන්න අපිව බලන්න” යනුවෙන් වන පොස්ටරයකින් චිත්‍රපටය පිලිබඳ දැන්වීම් පළකර තිබෙනු දකින්නට ලැබුනා. මේ සියල්ල මගින් සිනමාපටයේ තේමාව පිලිබඳ අදහසක් ලබාගැනීමට ප්‍රේක්ෂකයාට හැකියාව ලැබෙනවා.

අනෝමා ජනාදරී, සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ලියෝනි කොතලාවල, පුබුදු චතුරංග, දසුන් පතිරණ, ශ්‍යාම් ප්‍රනාන්දු  ඇතුළු නළු නිළි පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා. 29 වැනිදා සිට දිවයින පුරා මෙම සිනමාහල්වලදී මෙම චිත්‍රපටය නැරඹීමට හැකියාව තිබෙනවා.

Share

94 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.