දීපිකා පදුකෝන් නැවතත් ‌හොලිවුඩයට

Avatar Nisanka Weheraduwa | September 3, 2021 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

වර්තමාන බොලිවුඩ්  සිනමාවේ ප්‍රධානම පෙළේ රංගන ශිල්පිනියක විදිහට Deepika Padukoneව හඳුන්වන්නට පුලුවන්. රංගන ජීවිතයේ ආරම්භයේ සිට මේ දක්වා ඇය පවත්වා ගත් තරු ගුණය, දක්ෂතාවය, සුන්දරත්වය, මේ සියල්ලම නිසා ඇගේ ජනප්‍රියත්වය දවසින් දවස ඉහළ ගියා. අද වන විට මුලු ආසියානු සිනමාවේම වැඩිම ඉල්ලුමක් හිමි නිළියක විදිහටත් ඇගේ නම සටහන් වෙලා අවසානයි. 2017දී Deepika Padukoneට බොලිවුඩයෙන් එහා හොලිවුඩයට යන්නත් අවස්ථාව ලැබුණේ ඇය පවත්වා ගෙන ආපු මේ සාර්ථකත්වය නිසාමයි.  ඒ Vin Diesel රඟපෑ XXX: Return of Xander Cage චිත්‍රපටයෙන්. ඉන්දියානු නිළියක් වුවත් Deepikaටත් එහි ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙන්නට හැකි වුණා වගේම චිත්‍රපටයත් විශාල ආදායමක් උපයා ගන්න සමත් වුණා. XXX චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටය වුණෙත් ඇය රඟපෑ මෙම XXX: Return of Xander Cage සිනමාපටයයි.

නමුත් XXX චිත්‍රපටයෙන් පසුව Deepika Padukone සහ හොලිවුඩය අතර කිසිම ගණුදෙනුවක් සිද්ධ වූයේ නැහැ. XXX චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ඉන්දියානු ප්‍රේක්ෂකයින් පවා බලාපොරොත්තු වුනේ ඇය දිගින් දිගටම ඇමරිකානු නිර්මාණවලටත් සම්බන්ධ වේවි කියලයි. දීපිකාට hollywood projects කිහිපයටම ආරාධනා ලැබුනත් ඇය ඒවා ප්‍රතික්ෂේප කළ බව සමහර බොලිවුඩ් මාධ්‍ය වාර්තා වලින් කියවුනා. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත්, XXX: Return of Xander Cage චිත්‍රපටයෙන් වසර හතරක් ගෙවෙන තුරුම ඇයව නැවතත් හොලිවුඩයෙන් දකින්නට ලැබුණේ නැහැ. මේ විරාමයට තිත තියමින් Deepika Padukone සම්බන්ධ වන අලුත්ම හොලිවුඩ් සිනමාපටයක් ගැන විස්තර නිකුත් වුණේ මේ අතරවාරයේදීයි.

STXfilms විධායක නිලධාරී Adam Fogelson පසුගිය සඳුදා නිවේදනය කළේ ඔවුන් එළි දක්වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයකට ඉන්දීය නිළි Deepika Padukone ගිවිසුම් ගත වන බවයි. පළමු චිත්‍රපටයෙන් වසර හතරකට පසු ඇය එක්වන මෙම අලුත්ම නිර්මාණයේ සම-නිෂ්පාදිකාවක වශයෙනුත් ඇය කටයුතු කරන බව ඔහු නිවේදනය කළා.  දීපාකාගේ Ka Pictures මගින් නිෂ්පාදනය කළ පළමු නිර්මාණය වුණේ Chhapaak (2020) චිත්‍රපටයයි.

“There is a reason Deepika is one of the biggest global stars to come from India, She is enormously talented with an infectious personality and her profile continues to grow as an international superstar. While she has been a phenomenal success in many Eros International films, we are thrilled to be building a romantic comedy with her and our friends at Temple Hill. We believe this project gives us the opportunity to tap into the spirit, voice, characters and vibrant settings of India and New York in ways that made Crazy Rich Asians feel so authentic and fresh,”

Adamගේ පණිවුඩයේ එසේ සඳහන් වෙනවා. දීපිකා මෙහි ප්‍රධාන චරිතයකට දායක වන බව පැවසුවත් සෙසු රංගන ශිල්පීන් පිරිස ගැන තවමත් වාර්තා වී නැහැ. චිත්‍රපටයේ කතා සාරංශය ඉන්දියානු තරුණියක සමඟ පෙමින් බැඳෙන ඇමරිකානුවෙකුගේ ආදර කතාවක් විය හැකි බවට ඉඟි පළවෙනවා. Cross-cultural romantic comedy චිත්‍රපටයක් වන මෙහි නිෂ්පාදන කටයුතු 2022 මුල භාගයේදී ඇරඹීමට සූදානම් වන බවටයි ඇතැම් ගොසිප් වෙබ් අඩවි වාර්තා කරන්නේ. කෙසේ නමුත් දීපිකා මේ දිනවල නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙමින් සිටිනවා. දීපිකා සහ ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන Pathan චිත්‍රපටය තිරගත වන තුරු රසිකයින් සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්. මේ වන විට එහි රූපගත කිරීම් සිදුවෙමින් පවතිනවා. වසර ගණනාවකට පසු Sha Rukh Khan රංගනයේ යෙදෙන මේ නවතම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Siddharth Anand විසිනුයි. මීට අමතරව Siddharth Anandගේම අධ්‍යක්ෂණයක් වන Fighter චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන්නේත් දීපිකායි. ‍එහි වැඩ කටයුතු පවා මේ වන විට ඇරඹී අවසන්. තෙළෙඟු නළු ප්‍රබාස්ගේ චිත්‍රපටයකටත් ඇගේ නම යෝජනා වී තිබෙනවා.

Diesel’s Sweeties: Vin Diesel, Donnie Yen and Deepika Padukone in xXx: Return of Xander Cage.

Share

61 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.