දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල මෙවරත්

Avatar Nisanka Weheraduwa | March 28, 2018 6 Views 0 Likes 0 Ratings

6 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවේ ශිල්පින් සහ නිර්මාණ ඇගයීමේ සම්මාන උළෙල කිහිපයක් වසරකට පැවැත්වෙනවා. සිනමාවට වසරක් තුළ නිර්මාණය වන සිනමාපට සහ ඒවායේ ශිල්පින් අතුරින් විශිෂ්ටයින් සම්මානයට පාත්‍ර කිරීම සඳහා එලෙස සංවිධාන කෙරෙන සිනමා උළෙල අතුරින් දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ශ්‍රී ලාංකික ටෙලිවිෂන් නාලිකාවක් ලෙස සිනමාවේ ශිල්පින් ඇගයීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන මේ සම්මාන උළෙලේ මෙවර පැවැත්වීමට සුදානම් වන්නේ 06 වැනි පියවර වීම විශේෂත්වයක්. නොකඩවා වසර හයක් තිස්සේ ටෙලිවිෂන් නාලිකාවක් මගින් සිනමා ශිල්පින් ඇගයීමට කටයුතු කළ විශේෂිත අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

සන්සිල්ක් සන්නාමය මෙවරත් සිනමා උළෙලේ සහයෝගිතා අනුග්‍රාහකත්වය සපයනවා. සුපුරුදු පරිදි කාණ්ඩ කිහිපයක් යටතේ විශිෂ්ටයින් සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදුවනු ඇති. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට අතුරින් මෙලෙස විශිෂ්ටයින් තෝරා ගැනීමට අපේක්ෂිතයි. මේ සඳහා සුදුසුකම් ලැබූ 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට සංඛ්‍යාව 24ක්.

එළඹෙන මැයි මාසයේ සිනමා උළෙල පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබෙනවා. පෙර පරිදිම cinema of tomorrow නමින් නවක සිනමාකරුවන්ගේ නවතම චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනය කිරීම සහ ඉන් හොඳම නිර්මාණය තෝරා ගැනීමත් සිදුකිරීමට නියමිතයි. ඊට අමතරව නවතා රැසක් මෙවර ඇතුලත් කිරීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා. සිනමා උළෙල සැණකෙළියක් ලෙස පැවැත්වීමට සුදානම් වන බව පැවසෙනවා.  සිනමාවට සම්බන්ධ විවිධ වැඩමුළු සහ වැඩසටහන්, සිනමාපට ප්‍රදර්ශනය ඇතුළු අංග රැසක් මිට ඇතුලත්. සිනමා සම්මාන උළෙල සහ ඒ ආශ්‍රිත සියලු තොරතුරු cinema.lk පාඨකයින් වෙත ගෙනඒමට සුදානම්.

Share

6 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.