දෙරණ සිනමා සම්මාන – ජනප්රියම නිළිය සඳහා මනාපය පළකරන්න
හත්වැනි දෙරණ සිනමා සම්මාන රාත්රිය ජුනි මස 28 වැනිදා රාත්රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. 2018 වසරේ තිරගත කෙරුණු චිත්රපට 25ක් අතුරින් විශිෂ්ටයින් තෝරා සම්මාන පිරිනැමෙන්නේ ප්රවීණ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයෙන්.
ඊට අමතරව ප්රේක්ෂක ජනාදරයට පාත්රවූ “තරු” සඳහා ජනප්රිය සම්මාන කාණ්ඩය යටතේ සම්මාන පිරිනැමීමද සිදු වනවා. ඒ යටතේ ජනප්රිය නිළිය සම්මානය සඳහා ඔබ කැමතිම තරුව තෝරා ගැනීමට දැන් ප්රේක්ෂක ඔබට හැකියාව තිබෙනවා. 2018 වසරේ තිරගත කෙරුණු චිත්රපට සඳහා රංගනයෙන් දායක වුනු නිළියන් අතුරින් ඔබ වඩාත් කැමති නිළිය සඳහා වන අංකය සමගින් SMS පණිවිඩයක් එවීමෙන් ඔබට මේ සඳහා මනාපය පලකළ හැකියි. cinema.lk වෙබ් අඩවිය හරහා ඔබේ මනාපය පලකළ හැකි මනාපය ප්රකාශ කිරීමේ සටහන නුදුරේදීම ප්රකාශයට පත් කෙරෙනවා.
DFA හිස්තැනක් B හිස්තැනක් ඔබ කැමතිම නිළියට හිමි අංකය සටහන් කොට 9900ට ඔබේ SMS පණිවිඩය දැන්ම යොමු කරන්න.
Written by Nisanka Weheraduwa