දෙරණ Lux සිනමා සම්මාන උළෙල 09වන වරටත් පැවැත්වීමට සූදානම්
ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ අගයනු වස්, වර්තමානයේදී මෙරට සංවිධානය වන විශාලතම සිනමා උළෙල වන දෙරණ Lux සිනමා සම්මාන (Derana Lux Film Awards) රාත්‍රිය, මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්…
2012 වසරේදී ආරම්භ වුනු සිනමා සම්මාන උළෙල, TV දෙරණ මාධ්‍ය ජාලය සහ LUX සංවිධානය ශක්තියෙන් මෙවර පැවැත්වෙන්නේ 09 වන වතාවටයි. සුපුරුදු පරිදි Cinema of Tomorrow චිත්‍රපට උළෙල ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතයි.
2023 වසරේදී තිරගත වුනු ලාංකීය චිත්‍රපට 33කට ආසන්න ප්‍රමාණයක් අතුරින් වසරේ විශිෂ්ටතම නිර්මාණ මෙහිදී තෝරා පත් කරගනු ලබන අතර,
විශිෂ්ටතම චිත්‍රපටය
විශිෂ්ටතම අධ්‍යක්ෂණය
විශිෂ්ටතම තිර පිටපත් රචනය
විශිෂ්ටතම රංගන ශිල්පියා
විශිෂ්ටතම රංගන ශිල්පිනිය
විශිෂ්ටතම සහාය රංගන ශිල්පියා
විශිෂ්ටතම සහාය රංගන ශිල්පිනිය
විශිෂ්ටතම කැමරාකරණය
විශිෂ්ටතම චිත්‍රපට සංස්කරණය
විශිෂ්ටතම පසුබිම් සංගීතය
විශිෂ්ටතම ඇඳුම් නිර්මාණය
විශිෂ්ටතම වේෂ නිරූපණය
විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය/නිෂ්පාදන සැලසුම්කරණය
විශිෂ්ටතම ශබ්ද සැලසුම්කණය
විශිෂ්ටතම දෘශ්‍ය ප්‍රෙයා්ග නිර්මාණය
යන තරඟ අංශ වෙනුවෙන් එහිදී සම්මාන පිරිනැමීම සිදු කිරීමට නියමිතයි. මෙම ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ ලාංකීය සිනමාවේ දක්ෂතම සහ ප්‍රවීණ සිනමාකරුවන් – රංගධරයින්ගෙන් සැදුම් ලත් ජූරි මණ්ඩලයක් විසිනුයි.
මීට අමතරව ජනප්‍රියම (Popular) කාණ්ඩය යටතේ,
වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා
වසරේ ජනප්‍රියම රංගන ශිල්පිනිය
වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතය
වසරේ ජනප්‍රියම නර්තන නිර්මාණකරණය
ප්‍රතිවීර චරිතයක් වෙනුවෙන් වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා
වසරේ ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියා
වසරේ ජනප්‍රියම චිත්‍රපටය (Blockbuster Movie of the Year) යන සම්මාන පිරිනැමීම ද එහිදී සිදුවනවා.
එළඹෙන නොවැම්බර් මාසයේදී මෙම 09වන දෙරණ Lux සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දැනටමත් සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.
මීට සමගාමීව, ලාංකීය සිනමාවේ අනාගතයට තවත් ශක්තියක් වීමේ අරමුණින් පැවැත්වෙන දෙරණ Cinema of Tomorrow චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා මෙවරත් ඔබට සහභාගී විය හැකියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර නුදුරේදීම බලාපොරොත්තු වන්න.
Written by Kavinu Weerakkody