දෙස් විදෙස් සම්මාන දිනූ “Wind Through the Holes” අන්තර්ජාලයට

Avatar Nisanka Weheraduwa | January 5, 2021 227 Views 0 Likes 5 On 1 Rating

227 Views 5 On 1 Rating Rate it

රොෂාන් එඩ්වඩ්ගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණය Wind Through the Holes අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. 2018 වසරේදී රොෂාන් නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටය දේශීයව මෙන්ම විදේශීයවත් සිනමා උළෙල කිහිපයක් නියෝජනය කරමින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා. චිත්‍රපටයේ තිර රචනය දුලංක දේවේන්ද්‍ර සමගින් රොෂාන් එඩ්වඩ් විසින් සිදුකොට තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය කුලරුවන් ගමගේගෙන්. එරංග ජයවර්ධන සංගීත නිර්මාණයෙන්, නකුල ප්‍රසාද් සහය අධ්‍යක්ෂණයෙන්, නිරෝෂන් වෙලගෙදර රේඛීය නිෂ්පාදනයෙන්, ආශා ෆ්‍රැන්සිස් නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදී ඇති මේ කෙටි චිත්‍රපටයට රංජිත් රුබසිංහ සහ සෙල්වම් ප්‍රනාන්දු රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

Wind Through the Holes කෙටි චිත්‍රපටය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ලබාගත් සම්මාන පිලිබඳ තොරතුරු

AWARDS

Cannes short film corner 2018

SIGNIS Awards –  2018 (best short film)

Hiru Golden Awards – 2018 (best short film)

Agenda 14 – 2018 ( jury award/ outstanding performance / best human rights)

Univotec – 2019 ( first runner-up)

Film Frames International 2019 – (Jury awards/ Best Editor)

Mumbai International Short Film Festival 2020 – top 10 film award

International Moving Film festival 2019 – Finalist

Chennai International short film festival 2019- semi-finalist

මීට අමතරව තවත් දේශීය සහ ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට රොෂාන් නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා.

Official Selections

Pune Short Film Festival 2018 – official selection

Jaffna Film Festival 2018 – Official selection

Goa Short Film Festival 2018 – official selection

London International-film maker festival 2019 – official selection

Zero MM youth film festival South Asia 2019 – official selection

Belgaum International Short film Festival 2019 – official selection

10th Mumbai Shorts International Film Festival- official selection

10th Delhi Shorts International Film Festival – official selection

Asia Peace Film Festival 2019 – official selection

Norwegian International Seagull short film festival 2019 – official selection

Cineframe International Seagull short film festival 2019 – official selection

3rd South Asia short film festival 2020 – official selection

Wind Through the Holes කෙටි චිත්‍රපටය දැන් ඔබට YouTube ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා.

 

Share

227 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.