නිරෝෂා පෙරේරා ජපානයේදී විවාහ වෙලාද..?

Avatar Nisanka Weheraduwa | May 2, 2020 10761 Views 6 Likes 2.67 On 3 Ratings

10761 Views 2.67 On 3 Ratings Rate it

නිරෝෂා පෙරේරා කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. ටෙලිවිෂන් වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක්, නිළියක් විදිහට අය ප්‍රේක්ෂකයින් අතරේ හුඟක් ජනප්‍රිය වුන චරිතයක්. නිරෝෂා හදිසියේම විවාහ වෙලා කියලත්, ඇගේ ජපන් ජාතික සැමියා එක්ක ජපානයට ගිය බවත් තැනින් තැන ආරංචි පැතිරෙනවා. මේ ආරංචියේ ඇත්ත නැත්ත මොකක්ද කියල අපි හොයල බැලුවා. කතාව ඇත්ත. වයසින් වැඩි ජපන් ජාතික පිරිමියෙක් සමග විවාහ වුන ඇය ජපානයට ගිහින් තියෙනවා. හැබැයි ඒ නිරෝෂා පෙරේරා විදිහට නම් නෙමෙයි. “නූපා” විදිහට. කවුද මේ නූපා කියන්නෙ කියල දැන් ඔබට ප්‍රශනයක් ඇති. නූපා ජීවත් වෙන්නේ සුමිත්‍රා රාහුබද්ධ ප්‍රවීණ ලේඛිකාවගේ “කන්දක් සේමා” කියන නවකතාවේ. ඒ නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුන චිත්‍රපටයේ තමයි නූපා විදිහට නිරෝෂා පෙරේරා රඟපාන්නෙ.

රැවටිලිකාර පෙම්වතෙකු නිසා කලකිරෙන නුපා, විවාහ ඒජන්සි කරුවෙක් හරහා රටින් පිටවෙනවා. කලකිරීම අමතක කරලා අලුත් ජීවිතයක් ගොඩ නාග ගන්නට සිතුවත්, ඇය පැතූ ලෝකය ඇයට දුරස්ථ බව තේරුම් යනවා. ඒත් මේ අලුත් ජීවිතයටත් අලුත් පරිසරයටත් හුරුවනවා හැර නූපාට වෙන විකල්පයක් නැහැ. තමන්ගේ සැමියා තමන් බලාපොරොත්තු වන ආදරය ගැන කිසිම ත්රුමක් නැති කෙනෙක් බවත් ඇයට තේරුම් යනවා. සකුරා මල් පිපිච්ච සීතල හිම තියෙන ලස්සන රටක නූපා කිසිම බලාපොරොත්තුවක් නැති හිස් ජීවියෙක් වෙනවා. ජපන් භාෂාව ඉගෙන ගන්න ඇය තීරණය කරන්නේ ජිවිතයට මුහුණ දිය යුතු නිසාමයි. සොරා සාන් කියන මිතුරිය හරහා රැකියාවක් සොයාගන්නා නූපා ජීවත් වෙන්න උත්සහ කළත් ඇයට ආදරයක් අහිමි මේ ජීවිතයේ හිස් බවට මුහුණ දෙන්නත් ඒකට විසඳුමක් හොයන්නත් සිද්ද වෙනවා.
කලකට පෙර නිෂ්පාදන කටයුතු අවසන් වුන කන්දක් සේමා චිත්‍රපටය තිරගත වෙන්න කිහිප වරක් සූදානම් වුනත් විවිධ හේතු නිසා ඒ කටයුත්ත කල් දැමුනා. මේ වසරේ හෝ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමට හැකිවෙයි කියන අපේක්ෂාව තියෙනවා. සුමිත්‍රා රාහුබද්ධගේ කතාවට දෙබස් සහ තිර රචනය සිදුකලෙත් ඇයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ අශෝක අතාවුදහෙට්ටි විසින්. Tao Nasimoto සම අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා. රුවන් කොස්තා කැමරාකරණයෙන්, සුරේෂ් මාලියද්ද සංගීත නිර්මාණයෙන්, චිත්‍රපටයට දායක වුනා. නූපා ලෙසින් නිරෝෂත්, Jun Ito, Masaya ලෙසිනුත්, Sora ලෙස Kobayashi Ayakoත්, චිත්‍රපටයට එකතු වුනා. බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, වසන්ත කොටුවැල්ල, වීනා ජයකොඩි, පුබුදු චතුරංග, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න, නිලන්ති හීන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඇතුළු ශිල්පින් රැසක් මේ චිත්‍රපටයට දායකත්වය ලබා දුනා. ශ්‍රී ලංකාවේත් ජපානයේත් රූගත කිරීම් කළ මේ චිත්‍රපටය වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයින් වෙත ගෙනේවි.

 

 

Share

10761 Views 2.67 On 3 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.