නිළියන් තිදෙනෙක් සමඟින් ෆර්හාන් නැවතත් මහමගට..

Avatar Nisanka Weheraduwa | September 6, 2021 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

Farhan Akhtar කියන්නේ තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම, බොලිවුඩයේ නමක් දිනාගන්න සමත් වුණු නිර්මාණකරුවෙක්. ඔහුගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය වුණු Dil Chahta Hai (2001) හින්දි සිනමාපටය මෑතකාලීන හින්දි සිනමාවේ බිහිවූ evergreen චිත්‍රපටියක් බව බොහෝ දෙනෙකුගේ අදහස වනවා. Farhanව අධ්‍යක්ෂක භූමිකාවට විතරක් ලඝු කළ නොහැකියි. අධ්‍යක්ෂණයට අමතරව සිනමා නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් සහ ගායකයෙක් විදිහටත් ඔහු තමන්ගේ හැකියාව පෙන්වා තිබෙනවා.

2013දි නිකුත් වුණු Bhaag Milkha Bhaag චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් “හොඳම නළුවාට හිමි Filmfare සම්මානය” දිනාගැනීමට Farhanට හැකියාව ලැබුනා. Dil Chahta Haiට අමතරව ප්‍රධාන පෙළේ වාණිජ සිනමාව ඉලක්ක කරගෙන බිහිවුණු Sha Rukh Khanගේ Don Movie Franchise එක ෆර්හාන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක්.  පහුගිය අගෝස්තු 10 වෙනදා, ඔහුගේ පළවෙනි අධ්‍යක්ෂණය වුණු Dil Chahta Hai චිත්‍රපටයට වසර 10ක් සම්පූර්ණ වුනා. මේ හින්දි සිනමාපටයට ලංකාවේ අපේ ප්‍රේක්ෂකාගාරය පවා විශාල කැමැත්තක් දක්වනවා. හොඳම මිතුරන් තුන් දෙනෙකුගේ road trip එකක් මුල් කරගත්තු Dil Chahta Hai (2001) චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් එක් වෙන්නේ Aamir Khan, Saif Ali Khan සහ Akshaye Khanna. ඉතින් මේ විශේෂ දවසේ, ෆර්හාන් ලොකු surprise එකකින් තමන්ගේ රසිකයන් වෙත ගෙන ආවා. 2011දි Don 2 චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් වසර 10කට පස්සේ ෆර්හාන්ගේ ඊළඟ අධ්‍යක්ෂණය ගැන ඔහු එදින නිළ වශයෙන් මාධ්‍ය වෙත නිවේදනය කළා. මේ අලුත් චිත්‍රපටයේ කතා තේමාව දිවෙන්නෙත් මිතුරන් තිදෙනෙකුගේ Road Trip එකක් වටා වීමයි විශේෂත්වයක්. හරියටම කිවුවොත් මෙවර මේ Road trip එකට එකතු වෙන්නෙ මිතුරන් නෙමෙයි, මිතුරියන් තිදෙනෙක්.

Jee Le Zaraa කියලා නම් කරපු මේ අලුත් චිත්‍රපටයට රංගනයෙන් එකතු වෙන්නේ වර්තමාන හින්දි සිනමාවේ ප්‍රධානම කාන්තා චරිත තුනක් ප්‍රියන්කා චොප්රා, කත්‍රිනා කායිෆ් සමඟින් ආලියා භාත් මේ මිතුරියන් තිදෙනා විදිහට චිත්‍රපටයට එකතු වී තිබෙනවා.

“Did someone say road trip?

Thrilled to announce my next film as director and what better day than 20 years of Dil Chahta Hai to do it.

#JeeLeZaraa with @priyankachopra #KatrinaKaif @aliaa08 will commence filming in 2022 and I cannot wait to get this show on the road. “

Farhan Akthar මේ ආරංචිය බෙදා ගත්තේ එහෙමයි. 2022 වසරේ රූපගත කිරීම් ඇරඹීමට නියමිත මෙය එළිදැක්වීමට සැලසුම් කර තිබෙන්නේ 2023 වසරේදීල බව සඳහන්. සුපුරුදු පරිදි Farhan සමඟින් Jee Le Zaraa තිර පිටපත ලියන්නේ ඔහුගේ සොයුරිය Zoya Akthar සහ Reema Kagti එක්වයි. Road Trip එකක් වුණත් චිත්‍රපටය rom-com ශානරයට අයිති විය හැකි බවක් Title Poster එක මගින් හැඟෙන බවත් බොලිවුඩයෙන් වාර්තා වනවා. චිත්‍රපටය  Ritesh Sidhwan නිෂ්පාදනයක්.

Share

61 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.