“නොමියෙන මතකය” එංගලන්තයේ UK ආසියානු සිනමා උළෙලට

Avatar Nisanka Weheraduwa | April 3, 2019 13 Views 0 Likes 0 Ratings

13 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

21 වෙනි වරටත් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන යුකේ ආසියානු සිනමා උළෙල (UK Asian Film Festival) නියෝජනය කිරීමට මේ වසරේදී සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටය බවට පත්වූ සුබා සිවකුමාරන්ගේ “නොමියෙන මතකය”( House of My Fathers) සිනමාපටය අද (31) සවස 7.00 ට ලන්ඩන්හී රීජන්ට් ස්ට්‍රීට් සිනමා ශාලාවේදී මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. ආසියානු කාලාපීය සිනමාපට අතුරින් දකුණු ආසියාතික සිනමාපට උදෙසා වැඩි ඉඩකඩක් හිමිවන මෙම උළෙල පසුගිය 27 වෙනිදා ඇරඹි අතර, එහි ලන්ඩන් පරිච්ඡේදය එළඹෙන අප්‍රියෙල් 07 වෙනිදායින් අවසන් වේ. ආසියානු කාන්තා සිනමා උළෙල (1999-2009), ලන්ඩන් ආසියානු සිනමා උළෙල (2010-2017) යන නම්වලින් හැදින්වූ සිනමා උළෙල 2018 වර්ෂයේ සිට යුකේ ආසියානු සිනමා උළෙල නමින් හැදින්වේ.

1999 වර්ෂයේදී පළමු වරට ඇරඹි යුකේ ආසියානු සිනමා උළෙල නියෝජනය කරන හත්වන ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ” නොමියන මතකය” වන අතර , මීට පෙර සරෝජා (2001), තනි තටුවෙන් පියාඹන්න (2003), සුළං කිරිල්ලි (2004), ආකාස කුසුම් (2010), සුළඟ අප රැගෙන යාවි (2016) හා ආලෝකෝ උදපාදි (2018) උළෙල නියෝජනය කිරීමට සමත්විය. 2011 වසරේ සිට තරඟකාරී සිනමා උළෙලක් ලෙසින් මෙම උළෙල ක්‍රියාත්මක වන අතර,එහෙත් මේ දක්වා මෙම උළෙල තුල කිසිදු සම්මානයකට පාත්‍ර වීමට කිසිදු ශ්‍රී ලාංකේය සිනමාපටයක් සමත්ව නොමැත. අද දින තිරගත වන “නොමියන මතකය” සිනමාපටය බිමල් ජයකොඩි, ප්‍රදීප ජීවා, ස්ටීව් සිල්වා, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන අතර , එය නියෝජනය කරන 12 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල යුකේ ආසියානු සිනමා උළෙල වේ. මීට පෙර බූසාන්- දකුණු කොරියාව, හැම්බර්ග්- ජර්මනිය, ලන්ඩන් – එංගලන්තය, මුම්බායි- ඉන්දියාව, ධරම්ශාලා- ඉන්දියාව, හවායි- ඇ.එ.ජනපදය, කොල්කටා- ඉන්දියාව, සිංගප්පූරු- සිංගප්පූරුව , කේරළ – ඉන්දියාව, රොටර්ඩෑම්- නෙදර්ලන්තය, මානව හිමිකම් සි.උ-ස්විට්සර්ලන්තය යනාදි අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී “නොමියන මතකය” තිරගත විය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

 

56426930_2301709456823689_1225303750927712256_n 56201142_2301709573490344_6535995688189165568_n 55927933_2301709426823692_2160955495823704064_n 55861002_2301709470157021_5754120917999419392_n 55719499_2301709636823671_4812176187021328384_n 55625745_2301709533490348_4740347196912697344_n 55611103_2300922340235734_5002186261750874112_n

Share

13 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.