ප්‍රබාස්ගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට තවත් නිර්මාණයක් එක් වේවිද?

Avatar Kavinu Weerakkody | May 29, 2022 186 Views 0 Likes 3 On 1 Rating

186 Views 3 On 1 Rating Rate it

ඉන්දීය කෝටි 2500කට අධික ආදායමක් රැස් කරගත් Bahubali චිත්‍රපට ද්විත්වයේ සාර්ථකත්වයෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම සහ ජනප්‍රියම සිනමා තාරකාව බවට පත් වන්නට තෙළිඟු නලු Prabhas Rajuට හැකියාව ලැබුනා. බාහුබලී රංගනය නිසාවෙන් ඉන්දියාව, මැදපෙරදිග, ඇමරිකාව සහ යුරෝපය තුළ මෙන්ම චීනය, ජපානය වැනි ඉන්දීය චිත්‍රපටවලට එතරම් ප්‍රේක්ෂකාගාරයක් නොසිටි රටවලත් Prabhasගේ ජනප්‍රියත්වය එක සේ ව්‍යාප්ත වුනා.
නමුත් 2017දී Bahubali චිත්‍රපට මාලාවේ දෙවන හා අවසාන නිර්මාණය වූ Bahubali 02: The Conclusion චිත්‍රපටයෙන් පසුව ඔහු රඟපෑ කිසිදු චිත්‍රපටයක් සිතූ තරම් සාර්ථක වූයේ නැහැ.

විශේෂයෙන්ම Prabhas අවසානයට රඟපෑ Radhe Shyam සිනමා ශාලාවලින් ගැලවී ගියේ එහි නිෂ්පාදකයින්ට ඉන්දීය කෝටි 100කටත් අධික පාඩුවක් සිදු කරමින් බවයි එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සඳහන් කරන්නේ. මෙනිසා Bahubali තුළින් ඔහු ලබා ගත් දැවැන්ත සාර්ථකත්වය යළිත් Prabhasට ලැබෙන තෙක් ඔහුගේ රසිකයින් වසර 05කටත් වැඩි කාලයත් තිස්සේ තවමත් බලා සිටිනවා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Adipurudh, Spirit, Salaar වැනි චිත්‍රපට හරහා සුපුරුදු ප්‍රබාස්ව නැවත දැකගත හැකි වේ යැයි විශ්වාසයෙනුයි ඔවුන් තවමත් පසු වන්නේ.

මෙවැනි අසාර්ථකත්වයක් මධ්‍යයේ වුවත්, Prabhas වටා ගොඩ නැඟී තිබෙන රසිකයින්ගේ අඩුවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. අදටත් ඔහුගේ නව චිත්‍රපටයක් හෝ ඔහු සම්බන්ධ යාවත්කාලීනවීමකදී ඉන්දියාවේ මුලු සමාජ ජාල අවකාශයම ඒ ප්‍රවෘත්තියෙන් වසා ගන්නා තරමටම ඔහුගේ ජනප්‍රියත්වය අධිකයි. බොලිවුඩයේ ප්‍රධානම පෙලේ රංගන ශිල්පියෙකුට පවා social media තුළ එතරම් hype එකක් නිර්මාණය වන්නේ ඉතාම අඩුවෙන්.

කාලයක් තිස්සේම ඉන්දීය ගොසිප් අඩවි වාර්තා කළ ප්‍රබාස්ගේ super-natural සිනමා නිර්මාණයෙ හි නවතම title details යාවත්කාලීනවීමක් නිකුත් වූ පසුගියදා, සමාජ මාධ්‍ය තුළ එය ලැව්ගින්නක් සේ පැතිරී ගියා. එම super-natural චිත්‍රපටයේ කිසිදු නිල තොරතුරක් මින් පෙර රසිකයින් දැන නොසිටි නිසාම, දකුණු ඉන්දියානු රංගන ශිල්පී Prabhas ගැන උතුරු ඉන්දියානු ප්‍රදේශ තුළ පවා ප්‍රධාන කතාබහක් එදින ඇති වී තිබුනා.
අද වනවිට, අදාළ චිත්‍රපටය ගැන සැලකිය යුතු අන්දමේ තොරතුරු කිහිපයක්ම නිකුත් වී තිබෙන නිසා ඒ සියල්ලේම සංක්ෂිප්තයක් පහත ලිපිය තුළින් ඔබට කියවන්නට හැකියි.

Raja Deluxe යනුවෙන් නම් කර ඇතැයි විශ්වාස කෙරෙන මෙම චිත්‍රපටය තෙළිඟු බාසාව මුල් කරගනිමින් නිපදවෙන massive scale නිර්මාණයක්. චිත්‍රපටය සඳහා ඉන්දීය කෝටි 300කට ආසන්න පිරිවැයක් දැරීමට නිෂ්පාදකයින් සූදානම් වන අතර මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නේ  DVV Entertainments ආයතනයයි. මෑතකදී නිකුත් වූ ලෝ පුරා ඉන්දීය කෝටි 1200කට අධික ආදායමක් රැස් කළ RRR සිනමාපටය ඔබට මතක නම්, එහි නිෂ්පාදකවරයා වන්නේ ද මෙම ආයතනයයි. DVV Entertainments වෙනුවෙන් DVV Danayyaගේ මූලිකත්වයෙන් ඇරඹි Raja Deluxe,  එදා මෙදාතුර වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය වීමට නියමිත ඉන්දීය චිත්‍රපට අතරටත් එක්වීමට නියමිතයි.

චිත්‍රපටය super-natural ශානරයට අයිති බව reveal වී තිබුණත් එහි plot details ගැන වැඩිදුට විස්තරයක් මාධ්‍යයට අණාවරණය වී නැහැ. චිත්‍රපටය තුළ ප්‍රබාස් නිරූපණය කිරීමට යන චරිතය ගැන විවිධ fan theory අන්තර්ජාලය තුළ පළ වී තිබුනද ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු වූ ඒවා නොවෙයි. නමුත් විචාරකයින් බොහෝ දෙනෙකු පවසන්නේ මෙය super-natural නිර්මාණයක් වුවත්, ප්‍රබාස්ගේ රසිකයින් අතිබහුතරයක් ඔහුව දක්නට කැමති ක්‍රියාදාම සටන් දර්ශන සැලකිය යුතු ප්‍රමාණයකුත් මීට එකතු වේවි කියලයි.
චිත්‍රපටයේ පිරිවැය ඉතා අධික නිසා ඉන්දීය රසිකයින්ට නුහුරු නුපුරුදු super-natural ස්වරූපයෙන් පමණක් නිර්මාණය සාර්ථක කර ගැනීමට අපහසු වනු ඇති බවටයි ඔවුන්ගේ ලිපි තුළ සඳහන් වන්නේ. විශේෂයෙන්ම පසුගියදා නිකුත් වූ ප්‍රබාස්ගේ Radhe Shyam චිත්‍රපටයට සිදු වූයේත් එයම බව ඔවුන් විස්තරාත්මකව පවසා සිටිනවා.

Raja Deluxe තිර පිටපත රචනා කරමින් එය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන්නේ වර්තමාන දකුණු ඉන්දීය සිනමාවට සාර්ථක family audience චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ තරුණ සිනමාකරුවෙකු වන Maruthi Dasari විසිනුයි.
Ee Rojullo අධ්‍යක්ෂණය කරමින් 2012 වසරේදී සිනමාවට පිවිසෙන ඔහු ඉන්පසුව Bus Stop, Kotha Janta, Babu Bangaram සහ  Prati Roju Pandage වැනි සාර්ථක චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කළා. ඔහුගේ අධ්‍යක්ෂණයක් වන Bhale Bhale Magadivoy තෙළිඟු චිත්‍රපටය එකල බොහෝ දෙනෙකු ප්‍රිය කළ සහ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ නිර්මාණයක් වනවා. ඊට අමතරව Love You Bangaram,  London Babulu, Romance වැනි චිත්‍රපටවල නිෂ්පාදකවරයා වන්නේ ද Maruthi Dasariයි. ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගත හැකි ප්‍රියමනාප සහ සරල චිත්‍රපට නිර්මාණය කිරීමටත්, අඩු පිරිවැයකින් වැඩි ලාබයක් ලබා ආදායම් වාර්තා තැබිය හැකි සාර්ථක නිර්මාණ නිෂ්පාදනය කිරීමටත් Maruthi Dasari ප්‍රාන්තය පුරාම ප්‍රසිද්ධියට පත්ව සිටින සිනමාකරුවෙක්…

මෙම Raja Deluxe ගැන සැලකිය යුතු මට්ටමේ තොරතුරු ප්‍රමාණයක් නිකුත්ව තිබුණත් චිත්‍රපටයේ රූගත කිරීම් ගැන නම් ළඟකදී ඇරඹෙන බවක් පෙනෙන්නට නැහැ. රංගන ශිල්පී Prabhas මේ දිනවල ඔහුගේ Salaar හා Project K චිත්‍රපට ද්විත්වයේ නිෂ්පාදන කටයුතුවලට එක්ව සිටින අතර ඉදිරි මාස 04-05 කාලය සම්පූර්ණයෙන්ම ඒවායේ රූගත කිරීම් වෙනුවෙන් යොදවන්නට නියමිතයි. මෙවැනි කාර්යබහුල පසුබිමක් තුළ තවත් චිත්‍රපටයක වැඩ කටයුතු අරඹන්නට ඔහු සූදානම් යැයි සිතන්නට බැහැ.
මුලදී Raja Deluxe රූගත කිරීම් ඉදිරි ජූලි මාසයේදී ඇරඹීමට නියමිත යැයි ඉඟි පළවූවත්, Salaar හා Project K හේතුවෙන් ඒ සියල්ලම කල් දැමීමට සිදුව තිබෙනවා.

ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයා වන Maruthi Dasari විසින් තම නිර්මාණයට උචිත pre-production කටයුතු සඳහා තව කාලය අවශ්‍ය යැයි නිෂ්පාදකවරුන්ට පැවසූ බවත් නිෂ්පාදන කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාධ්‍යයට පවසා තිබෙනවා. Super-natural වැනි heavy මාතෘකාවකට හොඳින්ම උචිත වන අන්දමේ elements සොයා ගැනීම වෙනුවෙනුයි ඔහු මෙලෙස කාලය ලබාගෙන තිබෙන්නේ…

Raja Deluxe හි ප්‍රධාන කාන්තා චරිතය සඳහා හින්දි සිනමාවේ මුල් පෙලේ රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබුනත් අවසානයේදී ඔවුන්ගෙන් ඉවත්ව මලයාලම් සිනමාවේ ප්‍රාන්තීය රංගන ශිල්පිනියක ඒ චරිතයට තෝරා ගත් බවකුත් වාර්තා වනවා. ඉන්දියාවේ සිනමාවට සම්බන්ධ ප්‍රධාන මාධ්‍ය පවසන ආකාරයට නම් එසේ තෝරා ගෙන තිබෙන්නේ මලයාලම් රංගන ශිල්පිනී Malavika Mohananවයි.
Pattam Pole (2013) මලයාලම් චිත්‍රපටයෙන් ඇරඹි ඇගේ සිනමා ගමන තුළ සමස්ත මලයාලම් චිත්‍රපට 03කුත්, දමිළ චිත්‍රපට 03කුත්, හින්දි චිත්‍රපට 02කුත්, එක් කන්නඩ චිත්‍රපටයකුත් තිබෙනවා. අද වනවිට මලයාලම් සිනමා කර්මාන්තයටත් වඩා දමිළ සිනමා කර්මාන්තය තුළ ඇය ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර දමිළ සිනමාවේ ප්‍රධානම නලුවන් තිදෙනෙකු වන රැජිනිකාන්ත්, විජෙයි සහ ධනුෂ් තිදෙනා සමඟම ඇය රංගනයේ යෙදී තිබෙනවා.

ඒ අනුව Raja Deluxe යනු මාලවිකාගේ තෙවන උතුරු ඉන්දියානු සිනමා නිර්මාණයයි..!!

Share

186 Views 3 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.