ප්‍රභූ දේවා සහ සල්මාන් එකතුවක් – Dabangg 03 දෙසැම්බරයේ

Avatar Nisanka Weheraduwa | September 25, 2019 227 Views 0 Likes 0 Ratings

227 Views 0 Ratings Rate it

Dabangg 03 – මේක ඉන්දියාවේ හැදෙන action film එකක්. බොලිවුඩ් මාධ්‍ය මේක හඳුන්වන්නේ වසරේ වැඩිපුරම කතාබහට ලක්වෙන සහ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින චිත්‍රපටය විදිහට. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වන Prabhu Dheva වීම. අනික් කාරණේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Salman Khan සහ Arbazz Khan විසින් ඔවුන්ගේ නිෂ්පාදන සමාගම වන Salman Khan Films නාමය යටතේ වීම. තුන්වැන්න මෙහි ප්‍රධාන චරිතය සල්මාන් විසින්ම රඟපෑම. මේ කරුණු නිසා බොලිවුඩ් රසිකයින් මේ චිත්‍රපටය ගැන බලාපොරොත්තු සහිතව බලා සිටින බව තමයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ.

චිත්‍රපටයේ රුගත කිරීම් වල අවසන් අදියර දැන් ක්‍රියාත්මක වනවා. ඔක්තෝබර් 04 වැනිදා වනවිට රුගත කිරීම් සියල්ල අවසන් කෙරෙන බව තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඔක්තෝබර් වනතුරු රූගත කෙරෙන චිත්‍රපටයක් මෙතරම් ඉක්මනින් තිරගත වන්නේ කොහොමද කියන ගැටලුව මාධ්‍යවේදීන් නිෂ්පාදන කණ්ඩායමට යොමු කරලා තිබුනා. රූගත කිරීම් වලට සමගාමීවම පසු නිෂ්පාදන කටයුතු (Parallel post production) ක්‍රමවේදයක් ඔවුන් අනුගමනය කරන බව නිෂ්පාදක සම්මගම ප්‍රකාශ කරලා තිබුනා. සල්මාන් සමග Sonakshi Sinha, Abaaz Khan, Mahie Gill, Ashwami Manjekar, Mahesh Manjekar, Pramod Khanna ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. දෙසැම්බර් 20 වැනිදා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකිවන බව පැවසෙනවා.

 

Share

227 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.