ප්‍රසන්න විතානගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ ලන්ඩන් යයි
ප්‍රසන්න විතානගේ ගේ සත්වැනි සිනමා නිර්මාණය වන ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචනයත් සිනමා රූප රාමුත් අශ්චර්යවත් ලෙස යොදා ගනිමින් ප්‍රසන්න විතානගේ ඔහුගේ හොඳම චිත්‍රපටය නිපදවා ඇතැයි ලන්ඩන් චිත්‍රපට උළෙලේ සංවිධායකයෝ කියති. යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත.
සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි.
තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භායානක හෙයක් කියන තුරු පමණි.
ලන්ඩනයේ රිච් මික්ස්, බෙත්නල් ග්‍රීන් හා අයිසීඒ සිනමාහල්හි ලබන 13 වැනි දා සිට මේ චිත්‍රපටය තිරගත වේ. චිත්‍රපට උළෙල ලබන 10 වැනි දා ඇරැඹී 21 වැනි දා තෙක් පැවැත්වේ. ‘ඔබ නැතුව ඔබ එක්ක’ අගෝස්තු මස 28 වැනිදා කැනඩාවේ මොන්ට්‍රියල් උළෙලේදී ද ප්‍රදර්ශනය කෙරිණ. එය 23 වැනිදා සිට සැප්තැම්බර් 03 දක්වා කැනඩාවේ පැවැත්වෙන මොන්ට්‍රියෙල් අන්තර් ජාතික සිනමා උළෙලේදී ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට අංශයේ තිරගත වනු ඇත.
අනතුරුව එහි ප්‍රථම ආසියානු මංගල දැක්ම සැප්තැම්බර් 14 සිට 21 වනදා තෙක් ජපානයේ ඇති අන්තර් ජාතික ෆුකෝකා චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතය. මෙදිනම එහි වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිය ද එළිදක්වනු ඇත. ඉන්දීය නිළි අංජලි පටිල්, ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ සමඟ මහේෂ් වරී රත්නම් ප්‍රධාන චරිත මවන ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිංහල බසින් මෙන්ම දෙමළ බසින් නිපදවූවකි. එම්. ඩී මහින්දපාල කැමරාකරණයෙන්ද, ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතයෙන් ද, තපස් නායක් ශබ්ද පරිපාලනයෙන් ද දායක වූ ‘ඔබ නැතිව ඔබ එක්ක’හි කලා අධ්‍යක්ෂණය රොබ් නේවිස්ගෙනි. අංග රචනය ඊබට් විජේසිංහගෙන්ය. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂවරයාය. රේඛීය නිෂ්පාදනයෙන් කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දායක වූහ. ඉන්දු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන මෙය ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී නිෂ්පාදකවරුන්ය. රාහුල් රෝයි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා සහ නදීරා ඇඩම්අලී විධායක නිෂ්පාදනයෙන් දායක වූහ.
c | Srilanka Mirror
About the Author
- Related:
- Cine News